Last Update  :  2025-05-11 20:07:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story චමරි අතපත්තු වොරියර්ස්ට එක්වෙයි

චමරි අතපත්තු වොරියර්ස්ට එක්වෙයි

editorial - 2024 ජන මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අයි.පී.එල්. තරගාවලියට සමගාමීව ඉන්දියාවේදී පැවැත්වෙන කාන්තා විස්සයි-20 තරගාවලියේදී ඩබ්ලිව්.පී. වොරියර්ස් කණ්ඩායමට චමරි අතපත්තු කැඳවා තිබේ. ඩබ්ලිව්.පී. වොරියර්ස් පිල වෙනුවෙන් ක්‍රීඩා කිරීමට සූදානමින් සිටි එංගලන්ත ක්‍රීඩිකා ලෝරන් බෙල් ඉවත් වීම නිසා ඇය වෙනුවට චමරි අතපත්තු කැඳවනු ලැබ ඇත.  

මෙම තරගාවලිය සඳහා පැවැති වෙන්දේසියේදී චමරි මිලදී ගැනීමට කිසිම කණ්ඩායමක් ඉදිරිපත් නොවීය. එහෙත් එංගලන්ත ක්‍රීඩිකාව ඉවත් වීම නිසා චමරිට අවස්ථාව ලැබී තිබේ. 

මෙම ක්‍රීඩා වාරය වෙනුවෙන් චමරි අතපත්තුට ගෙවනු ලබන මුදල ඉන්දීය රුපියල් ලක්‍ෂ 30 කි. එය ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් මිලියන 11.5 කට ආසන්න මුදලකි. 

- 213 


අදහස් (0)

චමරි අතපත්තු වොරියර්ස්ට එක්වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.