Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(රොෂාන් ගුණරත්න)
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන ආරාධිත විස්සයි20 තරගාවලියේ කණ්ඩායම් නායකයන් ලෙස දිනේෂ් චන්දිමාල්, දසුන් ශානක, ධනංජය ද සිල්වා සහ අෂාන් ප්‍රියංජන් පත්කර ඇත. එංගලන්ත සංචාරයේදී ශ්‍රී ලංකා විස්සයි-20 පිලේ නායකයා වූ කුසල් ජනිත් පෙරේරා, ඉන්දීය තරගාවලියේදී පන්දුවෙන් දස්කම් දැක්වූ වනිඳු හසරංග සහ දුෂ්මන්ත චමීර යන ක්‍රීඩකයන් මෙම සංචිත වලට ඇතුළත්ව නැත.
ලබන මාසයේදී ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන දකුණු අප්‍රිකානු පිලට එරෙහි තරගාවලියට සහ විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට ක්‍රීඩකයන් සූදානම් කිරීමේ අරමුණින්, මෙම ආරාධිත විස්සයි-20 තරගාවලිය මේ මස 12 වැනිදා සිට 24 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය.
නිල්, කොළ, රතු සහ අළු ලෙස කණ්ඩායම් 4 ක සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලියේ සියලු තරග මහනුවර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
විස්සයි-20 ක්‍රිකට් යනු වේගයෙන් පන්දුවට පහරදීම, අඩු ලකුණු සංඛ්‍යාවකට සිය ඕවර 4 සීමා කරගැනීම සහ පන්දු රැකීමේ විශිෂ්ඨත්වය මත රැඳී ඇති ක්‍රීඩාවක් බැවින් ඒ සඳහා සුදුසුකම් ඇති ක්‍රීඩකයන් පමණක් තරගාවලියට එක්කර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබේ. එබැවින් තවමත් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගෙන නොමැති ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් බොහෝ දෙනෙකුට මෙම තරගාවලියට එක්වීමේ අවස්ථාව අහිමිව ඇත.
නැවත දැනුම් දෙනතුරු තමන්ව ජාතික කණ්ඩායමේ වගකීම් වලින් නිදහස් කරන ලෙස හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලිපියක් දී තිබේ. නිරෝෂන් දික්වැල්ල, කුසල් මෙන්ඩිස් සහ ධනුෂ්ක ගුණතිලක වසරක ක්‍රිකට් තහනමකට ලක්ව සිටිති. එබැවින් ඔවුන් මෙම සංචිත වලට ඇතුළත් කර නැත.
එස්.එල්.සී. රෙඩ්ස් සංචිතය
දිනේෂ් චන්දිමාල් (නායක), අවිෂ්ක ප්‍රනාන්දු (උපනායක), නිපුන් ධනංජය, සඳුන් වීරක්කොඩි, ඕෂධ ප්‍රනාන්දු, මුදිත ලක්ෂාන්, අසේල ගුණරත්න, ලසිත් අබේරත්න, සීකුගේ ප්‍රසන්න, චාමික කරුණාරත්න, ජෙහාන් ඩැනියෙල්, සංතුෂ් ගුණතිලක, බිනුර ප්‍රනාන්දු, මොහොමඩ් ශිරාස්, අසිත ප්‍රනාන්දු, හිමේෂ් රාමනායක, නිමේෂ් විමුක්ති, අකිල ධනංජය.
එස්.එල්.සී. ග්‍රේස් සංචිතය
දසුන් ශානක (නායක), චරිත් අසලංක (උපනායක), මිනෝද් භානුක, ලසිත් කෘස්පුල්ලේ, සංගීත් කුරේ, භානුක රාජපක්ෂ, නුවනිඳු ප්‍රනාන්දු, චතුරංග ද සිල්වා, ළහිරු මදුශංක, මිලින්ද සිරිවර්ධන, කොෂාන් ජයවික්‍රම, උදිත් මදුශාන්, නුවන් ප්‍රදීප්, චාමික ගුණසේකර, මතීෂ පතිරණ, පුලින තරංග, අෂේන් ඩැනියෙල්, ප්‍රභාත් ජයසූරිය.
එස්.එල්.සී. බ්ලූස් සංචිතය
ධනංජය ද සිල්වා (නායක), ඇන්ජලෝ පෙරේරා (උපනායක), නිෂාන් මදුෂ්ක, සධීර සමරවික්‍රම, හෂාන් රන්දික, හිමාෂ ලියනගේ, පවන් රත්නායක, අෂේන් බණ්ඩාර, සහන් ආරච්චිගේ, ළහිරු සමරකෝන්, ධනංජය ලක්ෂාන්, සුරංග ලක්මාල්, කළණ පෙරේරා, දිල්ශාන් මදුශංක, ශිරාන් ප්‍රනාන්දු, ප්‍රවීන් ජයවික්‍රම, මහේෂ් තීක්‍ෂණ, සචිඳු කොළඹගේ.
එස්.එල්.සී. ග්‍රීන්ස් සංචිතය
අෂාන් ප්‍රියංජන් (නායක), කමිඳු මෙන්ඩිස් (උපනායක), ළහිරු උදාර, මහේල උඩවත්ත, ක්‍රිෂාන් සංජුල, කමිල් මිෂාර, පැතුම් නිස්සංක, සමින්ද ප්‍රනාන්දු, සම්මු අෂාන්, රමේෂ් මෙන්ඩිස්, සුමින්ද ලක්ෂාන්, ඉෂාන් ජයරත්න,ළහිරු කුමාර, විශ්ව ප්‍රනාන්දු, නුවන් තුෂාර, ළහිරු ගමගේ, ලසිත් ඇඹුල්දෙණිය, ලක්ෂාන් සඳකැන්.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.