Last Update  :  2025-07-22 18:03:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ගෙදර ආගමන් භානුකගෙන් ශතකයක්
අන්තර් සමාජ වි-20

ගෙදර ආගමන් භානුකගෙන් ශතකයක්

editorial - 2022 මැයි මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

අන්තර් සමාජ විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ පානදුර ක්‍රීඩා සමාජයට එරෙහිව අද (23 වැනිදා) මග්ගොන සරේ ක්‍රීඩාංගණයේ පැවැති තරගයකදී වේගවත් ශතකයක් ලබාගැනීමට බී.ආර්.සී ක්‍රීඩා සමාජ කණ්ඩායමේ නායක භානුක රාජපක්ෂ (100) සමත් විය.

ලකුණු 22 කට කඩුලු 3 ක් බිඳවැටී තිබියදී පිටියට පිවිසි භානුක, පානදුර කණ්ඩායමේ පන්දු යවනන්නට අනුකම්පා විරහිත ලෙස පහර පිට පහර එල්ල කරමින් පන්දු 56 කදී හයේ පහර 9 ක් සහ හතරේ පහර 4 ක් සමග එම ශතකය ලබාගත්තේය.

දුෂාන් හේමන්ත (නොදැවී 33) සමග එක්ව පස්වැනි කඩුල්ල වෙනුවන් පන්දු 47 කදී ලකුණු 101 ක වේගවත් සම්බන්ධතාවක් රැස්කිරීමටද එහිදී භානුක සමත් විය. භානුකගේ පිතිහරඹය හේතුවෙන් ඕවර 20 අවසන් වන විට කඩුලු 5 ක් දැවී ලකුණු 175 ක් ලබාගැනීමට බී.ආර්.සී. ක්‍රීඩා සමාජයට හැකි විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 176 ක ඉලක්කයක් හඹාගිය පානදුර ක්‍රීඩා සමාජයට ඕවර 20 අවසන් වන විට කඩුලු 5 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 135 ක් පමණි. ඒ අනුව එම තරගයෙන් බී.ආර්.සී. ක්‍රීඩා සමාජය ලකුණු 41 ක ජයක් ලැබීය. එහිදී දුෂාන් හේමන්ත ලකුණු 26 කට කඩුලු 2 ක් බිඳහෙළුෑ අතර භානුක රාජපක්ෂ සහ උමෙෂ්ක මොරිස් කඩුල්ල බැගින් දවාගත්හ.

අද පැවැති සෙසු තරගවලදී එන්.සී.සී. ක්‍රීඩා සමාජයට එරෙහිව ලකුණු 6 ක තියුණු ජයක් ලැබීමට නුගේගොඩ ක්‍රීඩා සමාජයත්, සෙබස්තියනයිට්ස් ක්‍රීඩා සමාජයයට එරෙහිව කඩුලු 7 ක පහසු ජයක් ලැබීමට ද්‍රවිඩ සංගම් ක්‍රීඩා සමාජයත් සමත් වූහ.

අද පැවැත්වීමට නියමිතය තිබූ රාගම ක්‍රීඩා සමාජය සහ හලාවත මේරියන්ස් ක්‍රීඩා සමාජය අතර තරගය මෙන්ම මීගමුව ක්‍රීඩා සමාජය සහ කැන්ඩි කස්ටම්ස් ක්‍රීඩා සමාජය අතර තරගයද වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමට සිදුවිය. සී.සී.සී. ක්‍රීඩා සමාජය සහ පොලිස් ක්‍රීඩා සමාජය අතර තරගයද වර්ෂාව හේතුවෙන් විසඳුමකින් තොරව අවසන් විය.


බී.ආර්.සී. ක්‍රීඩා සමාජයට ලකුණු 41 ක ජයක්     
බී.ආර්.සී. ක්‍රීඩා සමාජය - ඕවර 20 කදී කඩුලු 5 ක් දැවී 175
(ඩිලාන් ජයලත් 25, භානුක රාජපක්ෂ 100, දුෂාන් හේමන්ත නොදැවී 33, අකිල සෙනේෂ් 34/2)
පානදුර ක්‍රීඩා සමාජය - ඕවර 20 කදී කඩුලු 5 ක් දැවී 134
(එස්. මලීෂ 22, ලක්ෂාන් රුද්‍රිගූ 24, කොෂාන් දනුෂ්ක 36, සංජය චතුරංග නොදැවී 27, දුෂාන් හේමන්ත 26/2)


නුගේගොඩ ක්‍රීඩා සමාජයට ලකුණු 6 ක ජයක්     
නුගේගොඩ ක්‍රීඩා සමාජය - ඕවර 20 කදී කඩුලු 9 ක් දැවී 124
(අභිෂේක් ලියනාරච්චි 51, රුමේෂ් බුද්ධික 22, සහන් ආරච්චිගේ 22/3, වනුජ සහන් 25/2, සම්පත් නිශ්ෂංක 26/2)
එන්.සී.සී. ක්‍රීඩා සමාජය - ඕවර 19.5 කදී සියලු දෙනා දැවී 118
(කවීන් බණ්ඩාර 19, ජෙහාන් ද සිල්වා 22, සහන් ආරච්චිගේ 33, චමින්ද බණ්ඩාර 19/2, හංස ද සිල්වා 19/2, සහන් නානායක්කාර 20/2, නවීන් ප්‍රනාන්දු 21/2, රනිත ලියනාරච්චි 34/2)


ද්‍රවිඩ සංගම් ක්‍රීඩා සමාජයට කඩුලු 7 ක ජයක්
සෙබස්තියනයිට්ස් ක්‍රීඩා සමාජය - ඕවර 19.5 කදී සියලු දෙනා දැවී 120
(ආදිල් අමින් 31, සචිත ජයතිලක 15, තරිඳු රත්නායක නොදැවී 33, ජෙෆ්රි වැන්ඩසේ 19/3, ශිරාන් ප්‍රනාන්දු 24/3, ඩිල්රුවන් පෙරේරා 15/2)
ද්‍රවිඩ සංගම් ක්‍රීඩා සමාජය - ඕවර 14.5 කදී කඩුලු 3 ක් දැවී 122
(සධීර සමරවික්‍රම 47, නවෝද් පරණවිතාන 36, ඉසුරු උදාන 25)

 


අදහස් (0)

ගෙදර ආගමන් භානුකගෙන් ශතකයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.