Last Update  :  2025-12-20 13:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ගුවන් හමුදා පාපැදි ශූරයා තාරුක

ගුවන් හමුදා පාපැදි ශූරයා තාරුක

ශනුක අරවින්ද - 2016 පෙබ මස 28 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය සංවිධානය කරන 17 වැනි ගුවන් හමුදා පාපැදි සවාරියේ සමස්ත ශූරතාව දිනාගැනීමට ගුවන් හමුදාවේ අශේන් තාරුක සමත් විය. පළමු අදියර පළමු වැනියා ලෙස නිමා කළ අශේන් තාරුක, දෙවැනි අදියරේදී 10 වැනියා ලෙස තරගය නිමා කරමින් තරගයේ සමස්ත ශූරතාවට හිමිකම් කීවේය.

යුද හමුදාවේ ලක්ෂ්මන් විජේරත්න සමස්ථ අනු ශූරතාව දිනාගත් අතර දෙහිවල ගල්කිස්ස මහනගර සභා ක‍්‍රීඩා සමාජයේ නිශාන්ත පෙරේරා තෙවැනි ස්ථානය දිනා ගත්තේය. සමස්ත කණ්ඩායම් ශූරතාව දිනාගැනීමට යුද හමුදා ‘ඒ’ කණ්ඩායම සමත් වූ අතර අනු ශූරතාව හිමිකර ගැනීමට ගුවන් හමුදා ‘ඒ’ කණ්ඩායම සමත් විය.

මෙම තරගයට සමගාමීව පැවැති කාන්තාතරගය ජය ගැනීමට රංජිත් අරුණ පාපැදි ක‍්‍රීඩා සමාජයේ යූ. ඞී. ශ‍්‍රීයාලතා සමත් වූවාය. දෙවැනි ස්ථානය ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ සුධාරිකා ප‍්‍රියදර්ශනීටද, තෙවැනි ස්ථානය ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ දිනේශා දිල්රුක්ෂිටද හිමිවිය. තරගකාරිනියන් 50 දෙනෙකු පමණ සහභාගි වූ එම තරගය ඒකල ගුවන් හමුදා කදවුර අසලින් ආරම්භ වී කොළඹ ගුවන් හමුදා මුලස්ථානය දක්වා කිලෝ මීටර් 65.5 ක දුර ගෙවා අවසන් විය.

පාපැදි සවාරියේ ‘ස්ප‍්‍රින්ට්’ ශූරයා ලෙස දකුණු ආසියානු රන් පදක්කම් ලාභී ගුවන් හමුදාවේ ජීවන් ජයසිංහ සම්මාන දිනාගත් අතර ‘ස්ප‍්‍රින්ට්’ ශූරිය ලෙස රංජිත් අරුණ පාපැදි ක‍්‍රීඩා සමාජයේ යූ. ඞී. ශ‍්‍රීයාලතා සම්මාන දිනාගත්තාය.

සෙනසුරාදා (27 වැනිදා) පැවැති තෙවැනි අදියර ජයගැනීමට ගුවන් හමුදාවේ ජීවන් ජයසිංහ සමත් වූ අතර එම අදියර නිමා කිරීම සඳහා ඔහු පැය 3.03:13 ක කාලයක් ගත කළේය. ගුවන් හමුදාවේ කී‍්‍රඩකයන් වන නිදුෂ් නිරන්ත සහ නවීන් රුචිර පිළිවෙලින් එහි දෙවැනි සහ තෙවැනි ස්ථාන හිමිකරගත්හ. කොග්ගල ගුවන් හමුදා කඳවුර ඉදිරිපිටින් පෙරවරු 8.30 ට ආරම්භ වූ තෙවැනි අදියර කොළඹ ගුවන් හමුදා කඳවුර දක්වා කිලෝ මීටර් 133 ක දුරක් ගමන් කිරීමෙන් අනතුරුව අවසන් විය.

පැරෑළියෙන් ආරම්භ වූ තෙවැනි අදියරේ පළමු ස්ප‍්‍රින්ට් කඩයිම ජයගැනීමට ගුවන් හමුදාවේ ජීවන් ජයසිංහ සමත් වූ අතර එහි දෙවැනි ස්ථානය වරාය අධිකාරියේ කස්සප සිරිවර්ධනටද, තෙවැනි ස්ථානය යුද හමුදාවේ ගිහාන් පුෂ්පකුමාරටද හිමිවිය.

බේරුවලින් ආරම්භ වූ දෙවැනි ස්ප‍්‍රින්ට් කඩයිම ජයගැනීමට වරාය අධිකාරියේ චාමික කසුන් සමත් වූ අතර එහි දෙවැනි ස්ථානය යුද හමුදාවේ ඉසුරු කුමාරසිංහද, තෙවැනි ස්ථානය වරාය අධිකාරියේ සරත් පද්මලාල්ද හිමිකර ගත්හ.

අබාන්ස් ආයතනයේ අනුග‍්‍රහයෙන් පැවැති මෙම පාපැදි සවාරියට ති‍්‍රවිධ හමුදාව, පොලිසිය සහ ක‍්‍රිඩා සමාජ රැුසක් නියෝජනය කරමින් දෙස් විදෙස් තරගකරුවෝ 150 කට අධික පිරිසක් සහභාගි වූහ.

තරගාවලියේ ත්‍යාග ප‍්‍රදානෝත්සවය කොළඹ ගුවන් හමුදා කඳවුරු රයිෆල් ගී‍්‍රන් කි‍්‍රඩා පිටියේදී ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්විණ. එම අවස්ථාවට ශී‍්‍ර ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපතිවරයා, ශ‍්‍රී ලංකා පාපැදි සංගමයේ සභාපතිවරයා, අබාන්ස් ආයතනයේ සභාපතිවරයා මෙන්ම ශ‍්‍රී ලංකා ගුවන් හමුදා පාපැදි කමිටුවේ සභාපති එයාර් වයිස් මාර්ෂල් සුමංගල ඩයස් සහ පාපැදි අතුරු පාලක මණ්ඩලයේ ලේකම් ගෲප් කපිතාන් කිත්සිරි ලීලාරත්න යන මහත්වරුද එක්ව සිටියහ.

 


අදහස් (1)

ගුවන් හමුදා පාපැදි ශූරයා තාරුක

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.