Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව සහ ශ‍්‍රී ලංකා පාපැදි සම්මේලනය එක්ව සංවිධානය කළ 16 වැනි ගුවන් හමුදා පාපැදි සවාරියේ සමස්ථ ශූරතාව දිනා ගැනීමට ගුවන් හමුදාවේ නිදුෂ් නිරන්ත සමත් විය.
සමස්ථ තරගයේ දෙවැනි සහ තෙවැනි ස්ථාන ගුවන් හමුදාවේම කී‍්‍රඩකයන් වන බුද්ධික වර්ණකුලසූරිය සහ සී. එම්. විරාන් විසින් හිමිකර ගත්හ.
මෙහි වයස 23 න් පහළ ශූරතාවට හිමිකම් කීමටද නිදුෂ් නිරන්ත සමත්වූ අතර සමස්ථ තරගයේ ස්පි‍්‍රන්ට් ශූරයා ලෙස ගුවන් හමුදාවේ ජීවන් ජයසිංහ සම්මාන දිනාගත්තේය.
තරගාලියේ සමස්ථ කණ්ඩායම් ශූරතාව ගුවන් හමුදාවට හිමිවූ අතර එහි අනුශූරතාව යුධ හමුදාවට හිමිවිය.
පාලවිය නගරයෙන් අරම්භ වූ තරගාවලියේ තෙවැනි (අවසන්) අදියරේ ශූරතාව දිනාගැනීමට ගුවන් හමුදාවේ නවීන් රුචිර සමත්වූ අතර දෙවැනි ස්ථානය යුද හමුදාවේ අමිත් උදයකුමාර විසින් ද, තෙවැනි ස්ථානය ගුවන් හමුදාවේ ජීවන් ජයසිංහ විසින් ද හිමිකර ගන්නා ලදී.
කී‍්‍රඩකයන් 85 දෙනෙකගේ සහභාගීත්වයෙන් පැවැති අවසන් අදියර කිලෝ මීටර් 129 ක් ගෙවා මීගමුව හරහා කොළඹ ගුවන් හමුදා මූලස්ථානය දක්වා පැමිණීමෙන් අවසන් විය.
මෙම තරගයට සමගාමීව පැවැති කාන්තා පාපැදි තරගය ජය ගැනීමට නාවික හමුදාවේ යූ. ඞී. ශී‍්‍රයාලතා සමත් වූවාය. ගුවන් හමුදා කී‍්‍රඩිකාවන් වන දිනේෂා දිල්රුක්ෂි සහ ඉරේෂා රණසිංහ පිළිවෙළින් එහි දෙවැනි සහ තෙවැනි ස්ථාන හිමිකර ගත්හ.
යූ. ඞී. ශී‍්‍රයාලතා එහි ස්පි‍්‍රන්ට් ශූරිය ලෙසද සම්මාන දිනාගත්තාය.
කී‍්‍රඩිකාවන් 50 දෙනෙකුගේ සහභාගීත්වයෙන් පැවැති එම තරගය කටුනායක 20 කණුව අසලින් ආරම්භවී කොළඹ ගුවන් හමුදා මුලස්ථානය දක්වා කිලෝ මීටර් 83 ක දුරක් පැමිණීමෙන් අවසන් විය.
කොළඹ ශී‍්‍ර ලංකා ගුවන් හමුදා රයිපල් ග‍්‍රීන් ක‍්‍රීඩාපිටියේදී පැවැති තරගාවලියේ ත්‍යාග ප‍්‍රදානෝත්සවයේ ප‍්‍රධාන අරාධිතයන් ලෙස ශී‍්‍ර ලංකා ගුවන් හමුදා මාණ්ඩලික ප‍්‍රධානී එයාර් වයිස් මාර්ෂල් ගගන බුලත්සිංහල, ශී‍්‍ර ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපති සෝමරත්න දිසානායක, ශ‍්‍රී ලංකා පාපැදි අතුරු පාලක කමිටුවේ සභාපති, අබාන්ස් ආයතනයේ සභාපති මෙන්ම ශ‍්‍රී ලංකා ගුවන් හමුදා පාපැදි කමිටුවේ සභාපති එයාර් වයිස් මාර්ෂල් සුමංගල ඩයස් යන මහත්වරුන් සහභාගී වූහ.
ගුවන් හමුදා පාපැදි සවාරිය - 2015
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.