Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය එක්ව සංවිධානය කරන 16 වැනි ගුවන් හමුදා පාපැදි සවාරියේ දෙවැනි අදියර ජයගැනීමට ගුවන් හමුදාවේ ජීවන් ජයසිංහ සමත් විය. ඔහුට දඹුල්ලේ සිට පුත්තලම දක්වා පැමිණ තරගය නිමා කිරීමට ගතවූ කාලය පැය 3 යි තත්ත්පර 30 කි.
එහි දෙවැනි ස්ථානය ගුවන් හමුදාවේ සුජිත් ද සිල්වා විසින්ද, තෙවැනි ස්ථානය යුද හමුදාවේ සමීර චතුරංග විසින්ද හිමිකර ගන්නා ලදී.
දෙවැනි අදියරේ පළමු ස්පි‍්‍රන්ට් කඩයිම තිරප්පනේ අබාන්ස් ප‍්‍රදර්ශනාගාරය අසලින් අවසන් වූ අතර එය ජය ගත්තේ යුද හමුදාවේ තුෂාන් රාජක්ෂ විසිනි. ගුවන් හමුදාවේ ජීවන් ජයසිංහ සහ යුද හමුදාවේ ගයාන් කුමාර පිළිවෙළින් එහි දෙවැනි සහ තෙවැනි ස්ථාන හිමිකර ගත්හ.
දෙවැනි ස්පි‍්‍රන්ට් කඩයිම නොච්චියාගම අබාන්ස් ප‍්‍රදර්ශනාගාරය ඉරිදිපිටින් අවසන් වූ අතර යුද හමුදාවේ ගයාන් කුමාර එහි ජය වාර්තා කළේය. යුද හමුදාවේම කී‍්‍රඩකයකු වන අමිත් උදයකුමාර එහි දෙවැනි ස්ථානයටත්, වරාය අධිකාරියේ කේ. සිරිවර්ධන තෙවැනි ස්ථානයටත් පත්වූහ.
දඹුල්ල නගරයෙන් අද (3 වැනිදා) ආරම්භ වූ මෙම තරගයේ දෙවැනි අදියර අනුරාධපුර හරහා පුත්තලම නගරය දක්වා කිලෝ මීටර් 144.9 ක් ගමන් කිරීමෙන් අනතුරුව අවසන් විය. දෙවැනි අදියර සඳහා ති‍්‍රවිධ හමුදාව, පොලීසිය සහ ක‍්‍රිඩා සමාජ 15 ක් පමණ නියෝජනය කරමින් තරගකරුවෝ 135 ක් පමණ සහභාගී වූහ.
තරගාවලියේ තෙවැනි (අවසන්) අදියර හෙට (4 වැනිදා) පැවැත්වෙන අතර එහිදී තරගකරුවන්ට පාලවී සිට මීගමුව හරහා කොළඹ ගුවන් හමුදා මූලස්ථානය දක්වා කිලෝ මීටර් 129 ක් ගමන් කිරීමට සිදුවනු ඇත. ඉන් පසු සමස්ථ තරගයේ ජයග‍්‍රාහකයන් තෝරාගැනේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.