ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 64 වැනි සංවත්සරය නිමිත්තෙන් ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය මෙහෙවන 16 වැනි ‘ගුවන් හමුදා පාපැදි සවාරිය’ ලබන අප්‍රේල් මස 2, 3, 4 යන දින වලදී පැවැත්වීමට නියමිතය.
අබාන්ස් ආයතනයේ අනුග‍්‍රහයෙන් පැවැත්වෙන මෙම පාපැදි සවාරියේ පිරිමි තරගය අදියර 3 කින් පැවැත්වේ. ඊට සහභාගී වීමට නියමිත පාපැදිකරුවන් සංඛ්‍යාව 100 කට අධිකය.
කොළඹ ගුවන් හමුදා මූලස්ථානය ඉදිරිපිටින් අප්‍රේල් 2 වැනිදා පෙරවරු 8.30 ට ආරම්භ වන පිරිමි තරගයේ පළමු අදියර කුරුණෑගල හරහා මාතලේ දක්වාත් (කි. මි. 158), දෙවැනි අදියර දඹුල්ලේ සිට අනුරාධපුර හරහා පුත්තලම දක්වාත්් (කි. මි. 145) තෙවැනි (අවසන්) අදියර පාලවී සිට මීගමුව හරහා නැවත කොළඹ ගුවන් හමුදා මූලස්ථානය දක්වා පැමිණීමෙන් පසු (කි. මි. 129) අවසන් වේ. මෙහිදී පාපැදි කරුවන්ට ගමන් කිරීමට සිදුවන සමස්ථ තරගයේ දුර ප‍්‍රමාණය කිලෝ මීටර 432 කි.
කාන්තා තරගය අපේ‍්‍රල් මස 3 වැනිදා කටුනායක 20 කණුව අසළින් පෙරවරු 8.30 ට ආරම්භ වී දිවුලපිටිය, මිනුවන්ගොඩ සහ ජාඇල හරහා කොළඹ ගුවන් හමුදා මූලස්ථානය දක්වා පැමිණීමෙන් අවසන් වේ. එහි දුර කිලෝ මීටර 83 කි. ඒ සඳහා පාපැදි තරගකාරිණියන් 30 කට අධික සංඛ්‍යාවක් සහභාගී වීමට නියමිතය.
පිරිමි තරගයේ ජයග‍්‍රාහකයාට රුපියල් 300, 000 ක මුදලක්ද, දෙවැනි ස්ථානයට රුපියල් 200, 000 ක්ද, තෙවැනි ස්ථානයට රුපියල් 100, 000 ක්ද, සිව්වැනි සහ පස්වැනි ස්ථාන වලට පිළිවෙළින් 50, 000 ක් සහ හතලිස් දහසක් 40, 000 ක් බැගින් 25 වැනි ස්ථානය දක්වා මුදල් ත්‍යාග පිරිනැමේ.
වයස 23 න් පහළ ශූරතාව දිනාගන්නා තරගකරුට රුපියල් 75, 000 ක්, වේගවත්ම කී‍්‍රඩකයාට (ස්පි‍්‍රන්ට් ශූරතාව) රුපියල් 30, 000 ක්, දක්ෂතම කඳු තරණය කරන්නාට රුපියල් 10, 000 ක් බැගින් තවත් අමතර මුදල් ත්‍යාග රැසකි.
පිරිමි කණ්ඩායම් ඉසව්වේ ජයග‍්‍රාහී කණ්ඩායමට 100, 000 ක් සහ එහි අනුශූරයන් වෙනුවෙන් රුපියල් 50, 000 ක් පිරිනැමීමටද සංවිධායක කමිටුව සූදානමින් සිටියි.
කාන්තා තරගයේ ජයග‍්‍රාහිකාවට රුපියල් 75, 000 ක් පිරිනැමෙන අතර දෙවැනි ස්ථානයට රුපියල් 50, 000 ක්ද, තෙවැනි ස්ථානයට රුපියල් 25, 000 ක් සහ එතැන් සිට 5 වැනි ස්ථානය දක්වා තවත් මුදල් ත්‍යාග ගණනාවක් පිරිනැමීමට නියමිතය.
වේගවත්ම කී‍්‍රඩිකාවට (ස්පි‍්‍රන්ට් ශූරතාව) රුපියල් 10, 000 ක්ද, කාන්තා කණ්ඩායම් ඉසව්වේ ශූරතාව දිනාගන්නා කණ්ඩායමට රුපියල් 30, 000 ක්ද පිරිනැමීමට සංවිධායකයන් කටයුතු යොදා තිබේ.
අබාන්ස් සමාගමේ අළෙවිකරණ සහකාර අධ්‍යක්ෂ බුද්ධික ධර්මවර්ධන මහතා විසින් ගුවන් හමුදා පාපැදි සංගමයේ සභාපති එයාර් වයිස් මාෂල් සුමංගල ඩයස් මහතාට අනුග‍්‍රාහක චෙක් පත ප‍්‍රධානය කළ අවස්ථාව....
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.