
ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ 10 වැනි තරගය ලෙස ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සහ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම අතර පූනේහි මහාරාෂ්ඨ ක්‍රිකට් සංගම් ක්‍රීඩාංගණයේදී අද (2 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 14 ක ජයක් වාර්තා කිරීමට ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සමත් විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 172 ක ඉලක්කයක් හඹාගිය දිල්ලි කණ්ඩායමට ඕවර 20 අවසන් වන විට කඩුලු 9 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 157 ක් පමණි. දිල්‍ලි කණ්ඩයමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ නායක රිෂාබ් පාන්ට් පන්දු 29 කදී හතරේ පහර 7 ක් සමග ලකුණු 43 ක් රැස්කළේය.
ලලිත් යාදව් පන්දු 22 කදී හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 25 ක්ද, රෝමන් පවෙල් පන්දු 12 කදී හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 20 ක්ද රැස්කළ නමුත් දිල්ලි කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑමට තරම් එම ඉනිම් ප්‍රමාණයත් නොවීය.
දක්ෂ පන්දු යැවීමක නිරත වූ ලෝකී ෆර්ගියුසන් සිය ඕවර 4 ලකුණු 28 කට සීමා කරමින් කඩුලු 4 ක් බිඳහෙළීය. දිල්ලි ඉනිම සුනුවිසුණු කර දැමීම සඳහා ෆර්ගියුසන්ට අනගි සහායක් දුන් මොහොමඩ් සාමි ලකුණු 30 කට කඩුලු 2 ක් දවාගත්තේය.
පළමුවෙන් පන්දුවට පහරදුන් ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම ඕවර 20 අවසානයේ ලකුණු 171 ක් ලබාගත් අතර එහිදී වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ ශුබ්මන් ගිල් පන්දු 46 කින් ලකුණු 84 ක් රැස්කළේ හයේ පහර 4 ක් සහ හතරේ පහර 6 ක් සමගිනි.
නායක හර්දීක් පාණ්ඩ්‍යා (31) සමග එක්ව තෙවැනි කඩුල්ලෙ වෙනුවෙන් පන්දු 47 කදී ලකුණු 65 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද ගිල් සමත් විය. පන්දු 27 කදී වාර්තා වූ හර්දික්ගේ ඉනිමට හතරේ පහර 4 ක් ඇතුළත් විය. ඩේවිඩ් මිලර් පන්දු 15 කින් නොදැවී ලකුණු 20 ක් රැස්කළේ හතරේ පහර 2 ක් සමගිනි.
ගුජරාට් ටයිටන්ස් පිල - ඕවර 20 කදී කඩුලු 6 කට 171
(ශුබ්මන් ගිල් 84, හර්දීක් පාණ්ඩ්‍යා 31, ඩේවිඩ් මිලර් නොදැවී 20, මුස්තෆිසුර් රහමන් 23/3, කලීඩ් අහමඩ් 34/2)
දිල්ලි කැපිටල්ස් පිල - ඕවර 20 කදී කඩුලු 9 කට 157
(මන්දීප් සිං 18, රිෂාබ් පාන්ට් 43, ලලිත් යාදව් 25, රෝමන් පවෙල් 20, ලොකී ෆර්ගියුසන් 28/4, මොහොමඩ් සාමි 30/2)





-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.