Last Update  :  2025-07-28 15:05:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ගාලු පිලට ලකුණු 9 ක ජයක්
එල්.පී.එල්. - 2021

ගාලු පිලට ලකුණු 9 ක ජයක්

editorial - 2021 දෙසැ මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


(රොෂාන් ගුණරත්න)

ෆිල් සෝල්ට් (41) සහ ජනිත් ලියනගේ (51) එක්ව දෙවැනි කඩුල්ල සඳහා පැවැත්වූ ලකුණු 90 ක සම්බන්ධතාවය අපතේ යවමින් ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (14 වැනිදා) පැවැති ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලියේ 16 වැනි තරගයේදී දඹුල්ල ජයන්ට්ස් පිලට එරෙහිව ලකුණු 9 ක ජයක් හිමිකර ගැනීමට ගෝල් ග්ලැඩියේටර්ස් පිල සමත්විය.

ජයග්‍රහණය සඳහා ඕවර 14 කදී ලකුණු 135 ක ඉලක්කයක් හඹාගිය දඹුල්ල ජයන්ට්ස් පිලට ඕවර 14 අවසානයේ කඩුලු 5 ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 125 ක් පමණී.

ආරම්භක පිතිකරු නිරෝෂන් දික්වැල්ල ලකුණු නොළඹාම දැවීයාමත් සමගින් දෙවැනි කඩුල්ල සඳහා එක්වූ ෆිල් සෝල්ට් සහ ජනිත් ලියනගේ පන්දු 62 කදී ලකුණු 90 ක සාර්ථක සම්බන්ධතාවක් ගොඩනැගීමට සමත්වූවද දඹුල්ල ජයන්ට්ස් පිල ජයග්‍රහණය කරා රැගෙන යාමට එය ප්‍රමාණවත් නොවීය.

ජනිත් ලියනගේ පන්දු 37 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 5 ක් සමගින් ලකුණු 51 ක් ලබාගත් අතර ෆිල් සෝල්ට් පන්දු 29 කදී හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමගින් ලකුණු 41 ක් ලබා ගත්තේය.

සමිත් පතෙල් සහ ඉසුරු උදාන කඩුලු 2 බැගින් දවාගනිමින් ගෝල් ග්ලැඩියේටර්ස් පිල ජයග්‍රහණය කරා රැගෙන යාමට දායක වූහ.

කාසියේ වාසිය දිනූ දඹුල්ල ජයන්ට්ස් පිල පළමුව පන්දුවට පහරදීමට ගෝල් ග්ලැඩියේටර්ස් පිලට ආරාධනා කළ අතර නියමිත ඕවර 14 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 134 ක් රැස්කිරීමට ඔව්හු සමත්වූහ. කාසියේ වාසිය උරගා බැලීමෙන් පසුව වර්ෂාව ඇදහැලීම හේතුවෙන් තරග ආරම්භය පැය දෙකකට වැඩි කාළයක් පමාවූ අතර එක් ඉනිමක් ඕවර 14 කට සීමාවිය.

තරග ආරම්භයේ සිට වේගවත් පිතිහරඹයක නිරත වූ මුල් පිතිකරුවෝ දඹුල්ල ජයන්ට්ස් පිලට දැඩි අභියෝගයක් ලබාදීමට සමත්වූහ. කුසල් මෙන්ඩිස් පන්දු 17 කදී හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමගින් ලකුණු 35 ක් ලබාගත් අතර භානුක රාජපක්ෂ පන්දු 20 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහරක් සමගින් ලකුණු 33 ක් ලබාගැනීමට සමත්විය. ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක පන්දු 12 කදී හතරේ පහර 4 ක් සමගින් ලකුණු 22 ක් ලබාගනිමින් ගෝල් ග්ලැඩියේටර්ස් පිලේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීමට දායක වූහ.

දක්ෂ පන්දු යැවීමක නිරත වූ ඉම්රාන් තහීර් සිය ඕවර 3 ලකුණු 20 කට සීමා කරමින් කඩුලු 3 ක් දවාගත් අතර ජොෂ් ලිට්ල් ලකුණු 29 කට කඩුලු 2 ක් දවාගත්තේය.

ගෝල් ග්ලැඩියේටර්ස් - ඕවර 14 කදී කඩුලු 7 ක් දැවී 134
(ධනුෂ්ක ගුණතිලක 22, කුසල් මෙන්ඩිස් 35, භානුක රාජපක්ෂ 33, ඉම්රාන් තහීර් 20/3, ජොෂ් ලිට්ල් 29/2)

දඹුල්ල ජයන්ට්ස් - ඕවර 14 කදී කඩුලු 5 ක් දැවී 125
(ෆිල් සෝල්ට් 41, ජනිත් ලියනගේ 51, සමිත් පතෙල් 24/2, ඉසුරු උදාන 30/2)


අදහස් (0)

ගාලු පිලට ලකුණු 9 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.