Last Update  :  2025-05-04 21:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ගාල්ලේ බලාපොරොත්තු ඉහළට
නැෂනල් සුපර් ලීග්

ගාල්ලේ බලාපොරොත්තු ඉහළට

editorial - 2022 පෙබ මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පබසර වඩුගේ...

(රොෂාන් ගුණරත්න)

පබසර වඩුගේගේ (නොදැවී 92) සහ ධනංජය ලක්ෂාන්ගේ (නොදැවී 70) වේගවත් පිතිහරඹයන් හමුවේ යාපනය පිලට එරෙහිව මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී අද (13 වැනිදා) පැවැති නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේ තරගයකදී ඩක්වත් ලුවිස් න්‍යායට අනුව කඩුලු 8 ක ජයක් හිමිකර ගැනීමට ගාල්ල පිල සමත්විය.

ජයග්‍රහණය සඳහා ඕවර 25 කදී ලකුණු 197 ක ඉලක්කයක් හඹාගිය ගාල්ල පිල ඕවර 21.3 කදී කඩුලු 2 ක් පමණක් දැවී ඉලක්කය පසුකර යෑමට සමත්විය. පැය කිහිපයක් පුරා පල්ලේකැලේ ක්‍රීඩාංගණයට ඇදවැටුණු වර්ෂාව හේතුවෙන් ගාල්ල ඉනිම ඕවර 25 කට සීමා කිරීමට විනිසුරුවන්ට සිදුවූහ.

එහිදී විශිෂ්ඨ පිතිහරඹයක නිරත වූ ආරම්භක පිතිකරු පබසර වඩුගේ පන්දු 70 කදී හයේ පහර 2 ක් සහ හතරේ 10 ක් සමගින් නොදැවී ලකුණු 92 ක් සහ ධනංජය ලක්ෂාන් පන්දු 44 කදී හයේ පහරක් සහ හතරේ පහර 11 ක් සමගින් නොදැවී ලකුණු 70 ක් ලබාගනිමින් ගාල්ල පි ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත්වූහ.

තෙවැනි කඩුල්ල සඳහා පන්දු 100 කදී ලකුණු 165 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද පබසර වඩුගේ සහ ධනංජය ලක්ෂාන් සමත්වූහ.

කාසියේ වාසිය දිනාගත් ගාල්ල පිලේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදීම සඳහා පිටියට පිවිසි යාපනය පිලට වර්ෂාව හේතුවෙන් ඕවර 46 කදී ඉනිම අවසන් කිරීමට සිදුවිය. ඒ අවස්ථාව වනවිට යාපනය පිල කඩුලු 5 ක් දැවී ලකුණු 272 ක් රැස්කිරීමට සමත්විය.

වර්ෂාව හේතුවෙන් තරග ආරම්භය පමාවූ අතර එක් ඉනිමක් ඕවර 49 කට සීමා විය.
පන්දු 106 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 11 ක් සමගින් නොදැවී ලකුණු 109 ක් රැස්කළ නායක ධනංජය ද සිල්වා යාපනය පිල ඉහළ ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යාමට සමත්විය. ධනංජය ද සිල්වාට අනගි සහයක් ලබාදුන් ළහිරු තිරිමාන්න පන්දු 79 කදී හයේ පහරක් සහ හතරේ පහර 8 ක් සමගින් ලකුණු 85 ක් ලබාගැනීමට සමත්විය.

ධනංජය ද සිල්වා සහ ළහිරු තිරිමාන්න එක්ව තෙවැනි කඩුල්ල සඳහා පන්දු 99 කදී ලකුණු 100 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද සමත්වූහ.
අකිල ධනංජය කඩුලු 2 ක් ද, ධනංජය ලක්ෂාන්, චලන ද සිල්වා සහ නිමේෂ් විමුක්ති කඩුල්ල බැගින් දවාගැනීමට සමත්වූහ.

දඹුල්ල සහ මහනුවර කණ්ඩායම් අතර නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේ තවත් තරගයකදී රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද පැවැතවීමට නියමිතව තිබුණද වර්ෂාව හේතුවෙන් එම තරගය අතහැර දැමීමට සිදුවිය.


යාපනය - ඕවර 46 කදී කඩුලු 5 ක් දැවී 272
(සදීර සමරවික්‍රම 23, ළහිරු තිරිමාන්න 85, ධනංජය ද සිල්වා නොදැවී 109, දුනිත් වෙල්ලාලගේ 23, අකිල ධනංජය 51/2)

ගාල්ල - ඕවර 21.3 කදී කඩුලු 2 ක් දැවී 197
(පබසර වඩුගේ නොදැවී 92, ධනංජය ලක්ෂාන් නොදැවී 70)

 

ධනංජය ලක්ෂාන්...


අදහස් (0)

ගාල්ලේ බලාපොරොත්තු ඉහළට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.