Last Update  :  2024-05-06 11:18:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ගාල්ලට ලකුණු 235 ක පහසු ජයක්
ජාතික සුපිරි ලීගය

ගාල්ලට ලකුණු 235 ක පහසු ජයක්

editorial - 2024 පෙබ මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ජාතික සුපිරි ලීග සිවුදින ක්‍රිකට් තරගාවලියේ යාපනය කණ්ඩායම සහ ගාල්ල කණ්ඩායම අතර හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති සිවුදින තරගයෙන් ලකුණු 235 ක පහසු ජයක් වාර්තා කිරීමට ගාල්ල ක්‍රීඩකයෝ සමත් වූහ. 

ජයග්‍රහණය සඳහා ලකුණු 442 ක ඉලක්කයක් හඹාගිය යාපනය කණ්ඩායමට සිය දෙවැනි ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 206 ක් පමණි. යාපනය පළමු ඉනිමේදී කඩුලු 4 ක් දවාගත් නිමේෂ් විමුක්ති, දෙවැනි ඉනිමේදීද කඩුලු 4 ක් බිඳහෙළමින් ගාල්ල කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේය. 

ලකුණු 80 ක වාසියක් සමග දෙවැනි ඉනිම ආරම්භ කළ යාපනය ක්‍රීඩකයෝ, කඩුලු 4 ක් දැවී 361 ක් ලබාගැනීමෙන් අනතුරුව ඉනිම අත්හිටුවා යාපනය කණ්ඩායමට පන්දුවට පහරදීමට ආරාධනා කර සිටියහ. එහිදී විශිෂ්ඨ පිතිහරඹයක නිරත වූ සංගීත් කුරේ හයේ පහර 6 ක් සහ හතරේ පහර 18 ක් සමග ලකුණු 193 ක් රැස්කළේය. 


ගාල්ල පළමු ඉනිම - කඩුලු 9 ක් දැවී 265 
(ඕෂධ ප්‍රනාන්දු 58, මොහොමඞ් ශමාස් 31, විෂාද් රන්දික 46, ධනංජය ලක්ෂාන් 33, නිමේෂ් විමුක්ති 25, මිලාන් රත්නායක 22, නිෂාන් පීරිස් නොදැවී 26, සන්තුෂ් ගුණතිලක 21/3, ධනංජය ද සිල්වා 26/2, රවිඳු ප්‍රනාන්දු 41/2) 
 
යාපනය පළමු ඉනිම - සියලු දෙනා දැවී 185 
(නිෂාන් මධුෂංක 49, රොන් චන්ද්‍රගුප්ත 34, නිපුන් කරුණානායක 39, නිමේෂ් විමුක්ති 41/4, මිලාන් රත්නායක 43/3, නිෂාන් පීරිස් 22/2) 

ගාල්ල දෙවැනි ඉනිම - කඩුලු 4 ක් දැවී 361 
(සංගීත් කුරේ 193, ඕෂධ ප්‍රනාන්දු 81, පසිඳු සූරියබණ්ඩාර 50, සන්තුෂු ගුණතිලක 53/2) 

යාපනය දෙවැනි ඉනිම - සියලු දෙනා දැවී 206 
(නිපුන් කරුණානායක 42, කමේෂ් නිර්මාල් 19, ධනංජය ද සිල්වා 86, සන්තුෂ් ගුණතිලක 36, නිමේෂ් විමුක්ති 57/4, උදිත් මදුෂාන් 54/3, නිෂාන් පීරිස් 48/2) 


අදහස් (0)

ගාල්ලට ලකුණු 235 ක පහසු ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.