Last Update  :  2025-05-04 21:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ගාල්ල සාර්ථක පිළිතුරකට සැරසෙයි
නැෂනල් සුපර් ලීග් - 2022

ගාල්ල සාර්ථක පිළිතුරකට සැරසෙයි

editorial - 2022 මාර් මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ගාල්ල කණ්ඩායම සහ යාපනය කණ්ඩායම අතර හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් තරගාවලියේ 7 වැනි තරගයේ දෙවැනි දිනය (18 වැනිදා) නිමාවට පත්වන විට පන්දුවට පහරදෙමින් සිටි ගාල්ල ක්‍රීඩකයෝ සිය පළමු ඉනිම වෙනුවෙන් කිසිවකු නොදැවී ලකුණු 113 ක් ලබා සිටියහ.

තරගයේ දෙවැනි දිනය ඕවර 37.3 කට සීමා වූ අතර දිවා ආහාරය නිමා වී 12 වැනි ඕවරය ක්‍රියාත්මක වන විට වර්ෂාව ඇද හැළීම හේතුවෙන් තරගය නතර කිරීමට සිදුවිය. දෙවැනි දිනය සඳහා තරගය නරත කරන විට සංගීත් කුරේ හතරේ පහර 6 ක් සමග නොදැවී ලකුණු 58 ක්ද, පබසර වඩුගේ හතරේ පහර 6 ක් සමග නොදැවී ලකුණු 51 ක්ද ලබා කඩුල්ලේ රැදී සිටියහ.

පළමු දිනය වූ ඊයේ (17 වැනිදා) තරගය නතර කරන විට කඩුලු 9 ක් දැවී ලකුණු 218 ක් ලබා සිටි යාපනය ක්‍රීඩකයෝ අද දිනයේදී සිය පළමු ඉනිමට තවත් ලකුණු 36 ක් එක්කර ගත්හ. යාපනය ඉනිමේ අවසන් කඩුල්ල වෙනුවෙන් ලකුණු 59 ක සම්බන්ධතාවක් ගොඩනැගීමට කල්හාර සේනාරත්න (29) සහ නුවන් ප්‍රදීප් (නොදැවී 37) සමත් වූහ.

තරමක වේගවත් පිතිහරඹයක නිරත වූ ප්‍රදීප් පන්දු 40 කදී හයේ පහරක් සහ හතරේ පහර 6 ක් සමග ලකුණු රැස්කළ අතර කල්හාරගේ ඉනිමට හතරේ පහර 3 ක් ඇතුළත් විය. දිල්ෂාන් මධුෂංකගේ පන්දුවක් කඩුල්ලේ වැදීමෙන් කල්හාර දැවී යෑමත් සමග යාපනය පළමු ඉනිම නිමාවට පත් විය.


යාපනය පළමු ඉනිම - සියලු දෙනා දැවී 254
(නිෂාන් මධුෂංක 29, නවෝද් පරණවිතාන 34, සමින්ද ප්‍රනාන්දු 27, සධීර සමරවික්‍රම 18, ජනිත් ලියනගේ 17, සන්තුෂ් ගුණතිලක 28, අවිෂ්ක තරිඳු 18, කල්හාර සේනාරත්න 29, නුවන් ප්‍රදීප් නොදැවී 37, සුමින්ද ලක්ෂාන් 28/4, දිල්ෂාන් මධුෂංක 51/3, චලන ද සිල්වා 72/2)

ගාල්ල පළමු ඉනිම - කිසිවකු නොදැවී 113
(සංගීත් නොදැවී 58, පබසර වඩුගේ නොදැවී 51)  

 


අදහස් (0)

ගාල්ල සාර්ථක පිළිතුරකට සැරසෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.