Last Update  :  2025-05-04 21:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ගාල්ල පන්දු යවන්නෝ වැඩ පෙන්වති
නැෂනල් සුපර් ලීග්

ගාල්ල පන්දු යවන්නෝ වැඩ පෙන්වති

editorial - 2022 මාර් මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ගාල්ල කණ්ඩායම සහ යාපනය කණ්ඩායම අතර හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් තරගාවලියේ 7 වැනි තරගයේ පළමු දිනය (17 වැනිදා) නිමාවට පත්වන විට පන්දුවට පහරදෙමින් සිටි යාපනය ක්‍රීඩකයෝ සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 9 ක් දැවී ලකුණු 218 ක් ලබා සිටියහ.

පළමු දිනය සඳහා තරගය නරත කරන විට නුවන් ප්‍රදීප් හතරේ පහර 4 ක් සමග නොදැවී ලකුණු 19 ක්ද, කල්හාර සේනාරත්න හතරේ පහරක් සමග නොදැවී ලකුණු 12 ක්ද ලබා කඩුල්ලේ රැදී සිටියහ. ඒ වන විට ඔවුන් අතර ගාල්ල කණ්ඩායමේ අවසන් කඩුල්ල වෙනුවෙන් ගොඩනැගී තිබූ නොබිඳුණ සම්බන්ධතාව ලකුණු 23 කි.

එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ සුමින්ද ලක්ෂාන් ඕවර 6 ක් යවමින් ලකුණු 17 කට කඩුලු 4 ක් බිඳහෙළුවේය. දිල්ෂාන් මධුෂංක සහ චලන ද සිල්වා කඩුලු 2 බැගින් දවාගනිමින් යාපනය පිතිකරුවන් පීඩනයට පත්කිරීම සඳහා ලක්ෂාන්ට අනගි සහායක් දුන්හ.

ගාල්ල ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ ආරම්භක පිතිකරු නවෝද් පරණවිතාන හතරේ පහර 3 ක් සමග ලකුණු 34 ක් රැස්කළ අතර සෙසු ආරම්භක පිතිකරුවා වූ නිෂාන් මධුෂංක ලකුණු 29 ක් රැස්කළේ හතරේ පහර 2 ක් සමගිනි. හයවැනි පිතිකරුවා ලෙස පිටියට පිවිසි සන්තුෂ් ගුණතිලක හතරේ පහර 2 ක් සමග ලකුණු 28 ක් රැස්කළේය.


යාපනය පළමු ඉනිම - කඩුලු 9 ක් දැවී 218
(නිෂාන් මධුෂංක 29, නවෝද් පරණවිතාන 34, සමින්ද ප්‍රනාන්දු 27, සධීර සමරවික්‍රම 18, ජනිත් ලියනගේ 17, සන්තුෂ් ගුණතිලක 28, අවිෂ්ක තරිඳු 18, නුවන් ප්‍රදීප් නොදැවී 19, සුමින්ද ලක්ෂාන් 17/4, දිල්ෂාන් මධුෂංක 42/2, චලන ද සිල්වා 72/2)

 


අදහස් (0)

ගාල්ල පන්දු යවන්නෝ වැඩ පෙන්වති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.