Last Update  :  2026-03-29 17:31:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ගිල් - කාර්තික් කොල්කටා පිලට ජය ගෙනෙති

ගිල් - කාර්තික් කොල්කටා පිලට ජය ගෙනෙති

රොෂාන් ගුණරත්න - 2018 මැයි මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශුබ්මන් ගිල් (නොදැවී 57) සහ ඩිනේෂ් කාර්තික් (නොදැවී 45) එක්ව පස්වැනි කඩුල්ල සදහා පන්දු 36 කදී පැවැත්වූ ලකුණු 83 ක නොබිඳුණු සම්බන්ධතාවය හේතුවෙන් අයි.පී.එල් ක්‍රිකට් තරගාවලියේ 33 වැනි තරගය ලෙස කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සහ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම අතර කොල්කටාහිදී පැවැති තරගය කඩුලු 6 කින් ජයගැනීමට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම අද (3 වැනිදා) සමත්විය.

ජයග්‍රහණය සදහා ලකුණු 178 ක ඉලක්කයක් හඹාගිය කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම ඕවර 17.4 කදී කඩුලු 4 ක් පමණක් දැවී පහසුවෙන් ඉලක්කය පසුකිරීමට සමත්විය.

ප්‍රවේගකාරී පිතිහරඹයක නිරතවූ ඩිනේෂ් කාර්තික් පන්දු 18 කදී හයේ පහරක් සහ හතරේ පහර 7 ක් සමගින් නොදැවී ලකුණු 45 ක් රැස්කරමින් කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියේය. අර්ධ ශතකයක් ලබාගනිමින් ජයග්‍රහණය සදහා අඩිතාලම දැමූ ශුබ්මන් ගිල් පන්දු 36 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 6 ක් සමගින් නොදැවී ලකුණු 57 ක් රැස්කිරීමට සමත්විය.

චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ නායක මහේන්ද්‍ර සිං දෝනී පන්දු යවන්නන් හතදෙනෙකු යොදා ගත්තතද කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ ජයග්‍රහණය වැළකීමට නොහැකි විය.

පළමුව පන්දුවට පහරදුන් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 177 ක් රැස් කළේය.

රවිචන්ද්‍ර ජදේජා සමගින් පස්වැනි කඩුල්ල සදහා පන්දු 31 කදී ලකුණු 55 ක සම්බන්ධතාවයක් පැවැත්වූ මහේන්ද්‍ර සිං දෝනී චෙන්නායි සුපර් කිංග්ස් ඉනිම අවසන් වනතෙක් කඩුල්ලේ රැඳී සිටිමින් නොදැවී ලකුණු 43 ක් රැස්කිරීමට සමත්විය. පන්දු 25 කට මුහුණදුන් මහේන්ද්‍ර සිං දෝනීගේ ඉනිමට හයේ පහර 4 ක් සහ එක් හතරේ පහරක් ඇතුළත් විය.

වේගවත් ආරම්භයක් ලබාගනිමින් ඉහළ ලකුණු සංඛ්‍යාවක් කරා යෑමට අඩිතාලම දමා දුන් ශේන් වොට්සන් සහ ෆැෆ් ඩූ ප්ලෙසීස් පළමු කඩුල්ල සදහා පන්දු 31 කදී ලකුණු 48 ක සම්බන්ධතාවයක් ගොඩනැගූහ.

අනෙක් පන්දු යවන්නන්ට පහර පිට පහර වදින විට සිය ඕවර 4 ලකුණු 21 කට සිමා කරමින් කඩුලු 2 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීමට සුනිල් නරේන්ට හැකිවිය.

කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ එක් වෙනස්කමක් සිදුකරමින් නිතිෂ් රානා වෙනුවට රිංකු සිං කණ්ඩායමට කැඳවා ඇති අතර චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ වෙනස්කමක් සිදු නොකරමින් අවසන් තරගයට ක්‍රීඩා කළ කණ්ඩායමම අද තරගයටද සහභාගී කරවා ඇත.

කාසියේ වාසිය දිනාගත් කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ නායක ඩිනේෂ් කාර්තික් පළමුව පන්දුවට පහරදීම සදහා චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට ආරාධනා කළේය.

චෙන්නායි සුපර් කිංග්ස් - ඕවර 20 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 177
(ශේන් වොට්සන් 36, ෆැෆ් ඩූ ප්ලෙසීස් 27, සුරේෂ් රයිනා 31, අම්බති රයිදු 21, මහේන්ද්‍ර සිං දෝනී නොදැවී 43, සුනිල් නරේන් 21/2)

කොල්කටා නයිට් රයිඩර්ස් - ඕවර 17.4 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 180
(සුනිල් නරේන් 32, ශුබ්මන් ගිල් නොදැවී 57, ඩිනේෂ් කාර්තික් නොදැවී 45


අදහස් (0)

ගිල් - කාර්තික් කොල්කටා පිලට ජය ගෙනෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.