Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story කෞෂල්‍යා මධුෂානි දිවියෙන් සමුගනී

කෞෂල්‍යා මධුෂානි දිවියෙන් සමුගනී

editorial - 2022 අප්‍රේ මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

(නාමල් පතිරගේ)

‘සාග්’ රන් පදක්කම්ලාභි මීටර 4x400 ක්‍රීඩිකාවක මෙන්ම සාග් මීටර 400-කඩුලු (කාන්තා) රිදී පදක්කම්ලාභිනියක ද වන කෞෂල්‍යා මධුෂානි ඊයේ (24) දිවියෙන් සමුගත්තාය.

මෙම ක්‍රීඩිකාව පෙරේදා (23) දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී නිමාවට පත්වූ 100 වැනි ජාතික මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේ දී  දක්ෂතම  කඩුලු පැනදිවීමේ ශූරියට ප්‍රදානය කෙරෙන ග්ලූකොලින් අභියෝග ශූරතා කුසලානද දිනාගැනීමට සමත් වූවාය.

කුලියාපිටිය  මධ්‍ය මහා විදුහලේ ආදි ශිෂ්‍යාවක වන 27 හැවිරිදි ඇය ජාතික මලල ක්‍රීඩා සංචිතයේ නිත්‍ය ක්‍රීඩිකාවක් ද වුවාය.

කෞෂල්‍යා මධුෂානි මීටර 400 (කාන්තා) ඉසව්වෙන් ද දක්ෂතා දක්වන්නියකි. පෙරේදා ශත සංවත්සර තරගාවලියේදී ඇය එම ඉසව්වට සහභාගි වෙමින් සිවුවැනි ස්ථානයට (තත්පර 54.95) පත් වූවාය.

ජාත්‍යන්තර මලල ක්‍රීඩා තරග සහභාගිත්වයේදී ඇය 2019 කත්මණ්ඩු සාග් ක්‍රීඩා උළෙලේදී රන් පදක්කම දිනාගත් ශ්‍රී ලංකා මීටර 400x 4 සහය දිවීමේ කණ්ඩායමට ඇතුළත්වූ අතර එහිදීම මීටර 400 කඩුලු (කාන්තා) ඉසව්වේ රිදී පදක්කමද දිනාගත්තාය.

ඒ අතර 2016 සාග් ක්‍රීඩා උළෙලේ දී මීටර 400 – කඩුලු (කාන්තා) ඉසව්වේ ලෝකඩ පදක්කමත් වසර 2014 තායිවානයේදී පැවැති ආසියානු කනිෂ්ඨ  මලල ක්‍රීඩා තරගාවලියේ දී එම ඉසව්වේ රිදී පදක්කමත් ඇය විසින් දිනා ඇති සෙසු ජාත්‍යන්තර පදක්කම් ය.

ඇගේ අභාවය වෙනුවෙන් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනය කනගාටුව පළකරන බව එහි සභාපති මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු මහතා පැවසීය.

 


ඡායාරූප - සිලෝන් ඇත්ලටික්ස් අනුග්‍රහයෙන් සහ කමල් වන්නිආරච්චි


අදහස් (0)

කෞෂල්‍යා මධුෂානි දිවියෙන් සමුගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.