Last Update  :  2024-05-20 19:19:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story කෝලිගේ ශතකය ඉන්දියාවට ජය ගෙනෙයි
ලෝක කුසලාන ක්‍රිකට් - 2023

කෝලිගේ ශතකය ඉන්දියාවට ජය ගෙනෙයි

editorial - 2023 ඔක් මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

 

ඉන්දියාව සහ බංග්ලාදේශය අතර පූනේ නුවර මහාරාෂ්ඨ ක්‍රිකට් සංගම් ක්‍රීඩාංගණයේදී ඊයේ (19 වැනිදා) පැවැති එක්දින ලෝක කුසලාන තරගයෙන් කඩුලු 7 ක පහසු ජයක් වාර්තා කිරීමට ඉන්දියාව සමත් විය. මෙම තරගය ජයගැනීමට සමත් වුවද, නවසීලන්තය පසුපසට ඇද දමමින් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පැමිණීමට ඉන්දියාවට නොහැකි විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 257 ක ඉලක්කයක් හඹාගිය ඉන්දීය පිතිකරුවෝ, ඕවර 41.3 ක් අවසානයේ කඩුලු 3 ක් පමණක් දැවී ඉලක්කය පසුකර ගියහ. එහිදී පන්දු 97 කට මුහුණදෙමින් සිය 48 වැනි එක්දින ශතකය ලබාගත් විරාට් කෝලි (නොදැවී 103) හයේ පහර 4 කින් සහ හතරේ පහර 6 කින් එය අලංකාර කළේය.

ලකුණු 178 කට කඩුලු 3 ක් බිඳවැටීමෙන් අනතුරුව ලෝකේෂ් රාහුල් (නොදැවී 34) සමග එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 74 කදී ලකුණු 83 ක නොබිඳුණ සම්බන්ධතාවක් ගොඩනගමින් ඉන්දීය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙනයෑමටද කෝලි සමත් විය. පන්දු 34 කදී වාර්තා වූ රාහුල්ගේ ඉනිම හයේ පහරකින් සහ හතරේ පහර 3 කින් සමන්විත විය.

ආරම්භක පිතිකරු ශුබමන් ගිල් පන්දු 40 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 5 ක් සමග ලකුණු 53 ක් රැස්කළ අතර නායක රෝහිත් ශර්මා පන්දු 40 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 7 ක් සමග ලකුණු 48 ක් ලබා අර්ධ ශතකය පෙනි පෙනී සිටියදී දැවී ගියේ හසන් මහමුද්ගේ පන්දුවක් හමුවේ තව්හිද් රිඩෝයි අතට උඩ පන්දුවක් දෙමිනි.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශය ඕවර 50 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 256 ක් ලබාගත් අතර ටැන්සිඩ් හසන් (51) සහ ලිටන් දාස් (66) පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 88 කදී ලකුණු 93 ක සම්බන්ධතාවක් ගොඩනගමින් බංග්ලාදේශයට සාර්ථක ආරම්භයක් ලබාදුන්හ. පන්දු 43 කදී ලබාගත් හසන්ගේ අර්ධ ශතකයට හයේ පහර 3 ක් සහ හතරේ පහර 5 ක්ද, පන්දු 82 කදී වාර්තා වූ දාස්ගේ අර්ධ ශතකයට හතරේ පහර 7 ක්ද ඇතුළත් විය.

මුෂ්ෆිකුර් රහීම් පන්දු 46 කදී හයේ පහරක් සහ හතරේ පහරක් සමග ලකුණු 38 ක්ද, මහමදුල්ලා රියාද් පන්දු 36 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 46 ක්ද රැස්කරමින් බංග්ලිදේශ කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව 250 සීමාවෙන් ඔබ්බට ගෙන යෑම සඳහා දායකත්වය දැක්වූහ.

 

බංග්ලාදේශය - ඕවර 50 කදී කඩුලු 8 ක් දැවී 256
(ටැන්සිඩ් හසන් 51, ලිටන් දාස් 66, තව්හිත් රිඩෝයි 16, මුෂ්ෆිකුර් රහීම් 38, මහමදුල්ලා රියාද් ‍, රවින්ද්‍ර ජදේජා 38/2, ජස්ප්‍රීට් බුම්රා 41/2, මොහොමඩ් සිරාජ් 60/2)

ඉන්දියාව - ඕවර 41.3 කදී කඩුලු 3 ක් දැවී 261
(රෝහිත් ශර්මා 48, ශුබ්මන් ගිල් 53, විරාට් කෝලි නොදැවී 103, ශ්‍රෙයාස් අයියර් 19, ලොකේෂ් රාහුල් නොදැවී 34, මෙහෙදි හසන් 47/2)

 


අදහස් (0)

කෝලිගේ ශතකය ඉන්දියාවට ජය ගෙනෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.