Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රේක්‍ෂකයන් නැවතත් පිටියට කැඳවමින් අද (2 වැනිදා) ආරම්භ වූ පළමු ටෙස්ට් තරගයේ පළමු දිනය අවසන් වන විට නවසීලන්ත කණ්ඩායම කඩුලු 3 ක් දැවී ලකුණු 246 ක් ලබා සිටියේය. එංගලන්තයේ කෝඩුකාරයා වූ ඔලී රොබින්සන් සිය හතරවැනි ඕවරයේදීම ටොම් ලෙතම් පිටියෙන් ඉවත් කරමින් එංගලන්තය තරගයට කැඳවාගෙන ආ නමුත් නවසීලන්තයේ කෝඩුකාරයා වූ ඩෙවොන් කොන්වේ (නොදැවී 136) සහ හෙන්රි නිකොල්ස් (නොදැවී 46) සිය කණ්ඩායම ඉදිරියට ගෙන ගියහ.
දිනය අවසන් වනවිට සිව්වැනි කඩුල්ල සඳහා ලකුණු 132 ක නොබිදුණු සම්බන්ධතාවයක් ගොඩනැගීමට ඩෙවොන් කොන්වේ සහ හෙන්රි නිකොල්ස් සමත්වූහ.
ක්‍රිකට් ක්‍රීඩාවේ මහගෙදර ලෙස හැදින්වෙන ලෝඩ්ස් පිටියේදී කොඩුකාරයකු රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව තමන් සතුකර ගැනීමට ඩෙවොන් කොන්වේ සමත්විය.
ඔලී රොබින්සන් ඕවර 11 කදී ලකුණු 2 කට කඩුලු 2 ක් දවාගනිමින් තරගයේ වාසිය දෙපිල මැද තබාගෙන සිටියේය.
දිවා ආහාරය වන විට කඩුල්ලක් දැවී ලකුණු 85 ක් ලබා සිටි නවසීලන්ත පිලේ නායකයා දිවා ආහාරයෙන් පසුව යැවූ සිව්වැනි පන්දුවේදී ජේම්ස් ඇන්ඩසන් හමුවේ දැවී ගියේය.
අඩමානයෙන් ගැසූ පහර නිසා විලියම්සන්ගේ පිත්තේ වැදුණද ඇන්ඩසන්ගේ පන්දුවේ වේගය අඩාල වූවා මිස එය යන ගමන නතර නොවීය. අනුයාත ප්‍රතිපලය වූයේ බිම වැදුණු පන්දුව පිට ඉන්නේ වැදීමයි.
හරිත පැහැ තණතීරුවක් සූදානම් කරමින් වේග පන්දු යවන්නන් සිව් දෙනකු සමග පිටියට පිවිසි එංගලන්තය වෙනුවෙන් වැඩිම ටෙස්ට් තරග සංඛ්‍යාවකට ක්‍රීඩා කරමින් හිටපු නායක ඇලිස්ටෙයාර් කුක් (තරග 161) තබා තිබූ වාර්තාව සම කිරීමට ද ජේම්ස් ඇන්ඩසන් අද සමත් වූයේය. එහෙත් ටෙස්ට් තරග 150 ඉක්මවා ක්‍රීඩා කළ ක්‍රීඩකයන් අතරේ සිටින එකම වේග පන්දු යවන්නා වන්නේ ජේම්ස් ඇන්ඩසන් පමණි.
පළපුරුදු පිතිකරුවකු වන රොස් ටේලර්ගේ ඉනිම යන්තම් හෝරාවකටත් අඩු කාලයකදී නිමා විය. කෝඩුකාරයා වූ ඔලී රොබින්සන්ට දෙවැනි කඩුල්ලත් තිළිණ කළ ටේලර් දැවී යන විට ලබා සිටියේ ලකුණු 14 ක් පමණි.
දීප්තිමත් හිරු එළියෙන් ආලෝකවත් වූ ලෝඩ්ස් පිටියේදී කාසියේ වාසිය දිනාගත් නවසීලන්තය නායක කේන් විලියම්සන් පළමුවෙන් පන්දුවට පහර දීම තෝරා ගත්තේය. කොරෝනා වයිරසය හේතුවෙන් වසර දෙකකට ආසන්න කාලයක් තුළ ප්‍රථම වරට ප්‍රේක්ෂකයින් පිළිගත් ලෝඩ්ස් ක්‍රීඩාංගණයට රැස්ව සිටියේ එහි ධාරිතාවෙන් 25% ක් පමණකි.
මෙම තරගයේදී කෝඩුකාරයෝ තිදෙනෙක් ක්‍රීඩා කරති. ඔලී රොබින්සන් සහ ජේම්ස් බ්‍රේසි (කඩුලු රකින්නා) එංගලන්තය වෙනුවෙන් සිය ටෙස්ට් හිස්වැසුම් දිනාගත් අතර ඩීන් කොන්වේ නවසීලන්තයේ කෝඩුකාරයා විය
නවසීලන්තය පළම ඉනිම - කඩුලු 3 ක් දැවී 246 යි
(ඩෙවොන් කොන්වේ නොදැවී 136, හෙන්රි නිකොල්ස් නොදැවී 46, ටොම් ලෙතම් 23, කේන් විලියම්සන් 13, රොස් ටේලර් 14, ඔලී රොබින්සන් 25/2)
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.