Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(නාමල් පතිරගේ)
කොවිඩ් අර්බුදය හමුවේ වසර 2021 දී ව්‍යාපාති හා සංවර්ධන වැඩටසහන් ක්‍රියාවට නැගීමට අපහසුවීමෙන් ඉතිරි වූ රුපියල් කෝටි 56 කට වැඩි මුදලක් (මිලියන 562ක්) ආපසු භාණ්ඩාගාරයට හරවා යැවීමට ක්‍රීඩා අමාත්‍යාංශය කටයුතු කර තිබේ.
වසර 2021 ට මහා භාණ්ඩාගාරයෙන් ලැබුණු ප්‍රතිපාදන වලින් රුපියල් කෝටි 56ක මුදලක් ආපසු හරවා යැවීමට සිදු වූ නමුත් ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය මහතා පවසන්නේ එම වසර තුළ දී ක්‍රීඩා අමාත්‍යාංශය හා ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව එක්ව රුපියල් කෝටි 151 කට වැඩි (මිලියන 1518ක්) ව්‍යාපෘති හා සංවර්ධන වැඩසටහන් ක්‍රියාවට නැගීමට සමත්ව තිබෙන බවයි.
වසර 2021 දී මහා භාණ්ඩාගාරය ක්‍රීඩා අමාත්‍යාංශයට අනුමත කර තිබෙන මුළු මුදල රුපියල් කෝටි 208 ක් හෙවත් මිලියන 2080කි. ඒ අනුව 2021 වසරේ ක්‍රීඩා අමාත්‍යාංශයේ වැය කිරීම් ප්‍රතිශතය අගයක් ලෙස 73%කි.
ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය මහතා ‘ලංකාදීප’ කළ විමසුමක දී මෙසේ පැවසීය.
‘‘වසර 2021 යටිතල පහසුකම් සංවර්ධනය අඩාල වුණේ නෑ. නමුත් ජාතික මහ ක්‍රීඩා උළෙල ඇතුළුව තරගවල සංවිධාන කටයුතු අඩාල වුණා. ජාතික ක්‍රීඩා සංගම් ගණනාවකට ඔය කාලය තුළ දී තමන්ගේ තරගාවලි ඇතුළු සංවර්ධන වැඩසටහන් ක්‍රියාවට නගන්න බැරි වුණා.
ඒ හේතුවෙන් වසර 2021 ට වියදම් ලෙස ලැබුණු ප්‍රතිපාදන ඉතිරියෙන් රුපියල් කෝටි 56 ක් අපට ආපසු භාණ්ඩාගාරයට හරහා යවන්න සිද්ධ වුණා’’
ක්‍රීඩා අමාත්‍යංශය 2021 යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති හමුවේ දිවයිනේ සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක්ම ආවරණය වන පරිදි තෝරා ගත් ක්‍රීඩාංගන 350ක පහසුකම් නැංවීමට කටයුතු කර තිබේ. මේ යටතේ දෙහිවල එස්. ද එස්. ජයසිංහ ක්‍රීඩාංගනයේ අභිනවයෙන් ඉදි වූ ගෘහස්ථ පිටිය සඳහා රුපියල් මිලියන 105 ක් වැය කර තිබේ.
එය විවෘත කිරීම සඳහා පැමිණි ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතා අතින් මෙම ක්‍රීඩා සංකීර්ණයේ රුපියල් මිලියන 220 ක වියදමින් ඉදිවන අංගසම්පූර්ණ පිහිනුම් තටාකය සඳහා මුල්ගල තැබීම ද සිදු කෙරුණි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.