Last Update  :  2024-04-28 22:15:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story කොළඹ - දඹුල්ල තරගය ජය පැරදුමෙන් තොරයි
ජාතික සුපිරි ලීගය

කොළඹ - දඹුල්ල තරගය ජය පැරදුමෙන් තොරයි

editorial - 2024 මාර් මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ජාතික සුපිරි ලීග සිවුදින ක්‍රිකට් තරගාවලියේ දඹුල්ල කණ්ඩායම සහ කොළඹ කණ්ඩායම අතර හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති සිවුදින තරගය ජය පැරදුමෙන් තොරව නිමාවට පත් විය. 

ජයග්‍රහණය සඳහා ලකුණු 330 ක ඉලක්කයක් හඹායමින් සිටි කොළඹ කණ්ඩායම මන්දාලෝක තත්වය හේතුවෙන් සිවුවැනි දිනයේදී තරගය නතර කරන විට සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 4 ක් දැවී ලකුණු 159 ක් ලබා සිටියේය. පළමු ඉනිමේදී අර්ධ ශතයක පෙනි පෙනී දැවී ගිය ආරම්භක පිතිකරු ක්‍රිෂාන් සංජුල දෙවැනි ඉනිමේදී හයේ පහරක් සහ හතරේ පහර 5 ක් සමග ලකුණු 58 ක් රැස්කළේය. 

ලකුණු 30 ක වාසියක් සමගින් දෙවැනි ඉනිම ඇරඹූ දඹුල්ල කණ්ඩායම කඩුලු 9 ක් දැවී ලකුණු 299 ක් රැස්කිරීමෙන් අනතුරුව ඉනිම අත්හිටුවා කොළඹ කණ්ඩායමට දෙවැනි ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදීම සඳහා ආරාධනා කර සිටියේය. නායකත්වයේ පිතිහරඹයක නිරත වූ මිනෝද් භානුක හයේ පහර 3 ක් සහ හතරේ පහර 6 ක් සමග ලකුණු 83 ක් රැස්කළ අතර නවීන් ප්‍රනාන්දු නොදැවී ලකුණු 51 රැස්කළේ හතරේ පහර 5 ක් සමගිනි.  


දඹුල්ල පළමු ඉනිම - සියලු දෙනා දැවී 240    
(ලසිත් කෲස්පුල්ලේ 43, සනෝජ් දර්ෂික 23, පවන් රත්නායක 35, චමිඳු විජේසිංහ 51, නවීන් ප්‍රනාන්දු 25, නිසල තාරක 77/4, ඉසිත විජේසුන්දර 44/3, දසුන් ශානක 35/2) 

කොළඹ පළමු ඉනිම - සියලු දෙනා දැවී 210  
(ක්‍රිෂාන් සංජුල 49, නිපුන් ධනංජය 16, නුවනිඳු ප්‍රනාන්දු 17, ප්‍රියමාල් පෙරේරා 19, දසුන් ශානක 42, දුනිත් වෙල්ලාලගේ 20, නවීන් ප්‍රනාන්දු 38/2, මොහොමඞ් සිරාස් 57/2) 

දඹුල්ල දෙවැනි ඉනිම - කඩුලු 9 ක් දැවී 299    
(මිනෝද් භානුක 83, සනෝජ් දර්ෂික 21, පවන් රත්නායක 16, සොනාල් දිනූෂ 31, චමිඳු විජේසිංහ 28, දුෂාන් හේමන්ත 28, නවීන් ප්‍රනාන්දු නොදැවී 51, නිසල තාරක 48/3, නුවනිඳු ප්‍රනාන්දු 54/3) 

කොළඹ දෙවැනි ඉනිම - කඩුලු 4 ක් දැවී 159   
(හේෂාන් ප්‍රනාන්දු 27, ක්‍රිෂාන් සංජුල 58, නිපුන් ධනංජය 25, පැතුම් කුමාර 17, දසුන් ශානක නොදැවී 26) 


අදහස් (0)

කොළඹ - දඹුල්ල තරගය ජය පැරදුමෙන් තොරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.