Last Update  :  2025-08-01 20:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story කොල්කටා පිල බලාපොරොත්තු ඉහළ නංවා ගනී

කොල්කටා පිල බලාපොරොත්තු ඉහළ නංවා ගනී

editorial - 2021 ඔක් මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශිවම් මාවිගේ සහ ලොකී ෆර්ගියුසන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඉන්දීය ප‍්‍රිමියර් ලීග් තරගාවලියේ 54 තරගය ලෙස කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම සහ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම අතර සාජාහිදී අද (7 වැනිදා) පැවැත්වෙන තරගයෙන් ලකුණු 86 ක ජයක් අත්කර ගැනීමට කොල්කටා කණ්ඩායම සමත් විය. 

මෙම තරගය ජයගැනීමත් සමග කොල්කටා කණ්ඩායමට තරගාවලියේ අවසන් වටයට සුදුසුකම් ලබාගැනීමට තිබූ අවස්ථාව ඉහළ ගිය අතර හෙට (8 වැනිදා) පැවැත්වෙන තරගයේදී සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම හමුවේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පරාජයට පත්වුවහොත් නිසැකවම කොල්කටා කණ්ඩායම අවසන් වටයට පිවිසෙනු ඇත. 

ජයග‍්‍රහණය සඳහා ලකුණු 172 ක ඉලක්යක් හඹාගිය රාජස්ථාන් කණ්ඩායමට ලොකී ෆර්ගියුසන් සහ ශිවම් මාවි ප‍්‍රමුඛ කොල්කටා පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ  ඕවර 16.1 අවසානයේ සියලූ දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 85 ක් පමණි. එහිදී මාවි ලකුණු 21 කට කඩුලූ 4 ක්ද, ෆර්ගියුසන් ලකුණු 18 කට කඩුලූ 3 ක්ද දවාගත්හ. 

රාජස්ථාන් ඉනිමේ වැඩිම ලකුණු ලභියා බවට පත්වූ රාහුල් තේවතියා පන්දු 36 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 5 ක් සමග ලකුණු 44 ක් රැස්කළ අතර ශිවම් ඩූබේ පන්දු 20 කදී ලකුණු 18 ක් රැස්කළේ හයේ පහරක් සමගිනි. 

පළමුවෙන් පන්දුවට පහරදුන් කොල්කටා කණ්ඩායම  ඕවර 20 අවසානයේ කඩුලූ 4 ක් දැවී ලකුණු 171 ක් ලබාගත්තේය. එහිදී ආරම්භක කඩුල්ල වෙනුවෙන් පන්දු 65 කදී ලකුණු 79 ක සම්බන්ධතාවක් ගොඩනැගීමට ශුබ්මන් ගිල් (56) සහ වෙන්කටේෂ් අයියර් (38) සමත් වූහ. 

පන්දු 44 කදී වාර්තා වූ ගිල්ගේ ඉනිමට හයේ පහර 2 ක් සහ හතරේ පහර 4 ක්ද, පන්දු 35 කදී වාර්තා වූ අයියර්ගේ ඉනිමට හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක්ද ඇතුළත් විය. රාහුල් ති‍්‍රපාති පන්දු 14 කදී ලකුණු 21 ක් රැස්කළේ හතරේ පහර 3 ක් සමගිනි. දිනේෂ් කාර්තික් පන්දු 11 කදී හයේ පහරක් සමග නොදැවී ලකුණු 14 ක්ද, නායක ඔයින් මෝගන් පන්දු 11 කදී හයේ පහරක් සමග නොදැවී ලකුණු 13 ක්ද රැස්කළහ. 

කොල්කටා නයිට්රයිඩර්ස් පිල -  ඕවර 20 කදී කඩුලූ 4 ක් දැවී 171
(ශුබ්මන් ගිල් 56, වෙන්කටේෂ් අයියර් 36, ශිවම් මාවි 21, දිනේෂ් කාර්තික් නොදැවී 14, ඔයින් මෝගන් නොදැවී 13) 

රාජස්ථාන් රෝයල්ස් පිල -  ඕවර 16.1 කදී සියලූ දෙනා දැවී 85  
(රාහුල් තේවතියා 44, ශිවම් ඩූබේ 18, ලොකී ෆර්ගියුසන් 18/3, ශිවම් මාවි 21/4)

-036


අදහස් (0)

කොල්කටා පිල බලාපොරොත්තු ඉහළ නංවා ගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.