Last Update  :  2026-01-02 20:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story කොල්කටා පිල අවසන් මහ තරගයට

කොල්කටා පිල අවසන් මහ තරගයට

දිලිනි මල්රුක්ෂි - 2014 මැයි මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දීය පි‍්‍රමියර් ලීග් (අයි. පී. එල්.) තරගාවලියේ කොල්කටාහි ඊඞ්න් ගාඞ්න්ස් කී‍්‍රඩාංගණයේදී අද (28 වැනිදා) පැවැති අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමේ පළමු තරගයෙන් කිංග්ස් XI පන්ජාබ් පිලට එරෙහිව ලකුණු 28 ක ජයක් ලැබූ කොල්කටා නයිට්රයිඩර්ස් පිල තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේය.  

ඒ අනුව තරගාවලියේ වැඩිම ප‍්‍රසාද ලකුණු සංඛ්‍යාවට හිමිකම් කී කිංග්ස් XI පන්ජාබ් පිලට අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට නම් අද රාති‍්‍රයේ චෙන්නායි සුපර් කිංග්ස් පිල සහ මුම්බායි ඉන්දියන්ස් පිල අතර පැවැත්වෙන පරාජිතයන් ඉවත් කිරීමේ තරගයෙන් ජය ගන්නා කණ්ඩායම, 30 වැනිදා පැවැත්වෙන සුදුසුකම් ලබාගැනීමේ දෙවැනි තරගයේදී පරාජය කළ යුතුය.

ජයග‍්‍රහණය සඳහා ලකුණු 164 ක ඉලක්කයක් හඹාගිය පන්ජාබ් පිලට නියමිත ඕවර 20 අවසානයේ කඩුලූ 8 ක් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 135 ක් පමණි.

තරගාවලිය මුල් භාගයේදී පන්දු යවන්නන්ට හිසරදයක් වූ ග්ලේන් මැක්ස්වෙල්ගේ කඩුල්ලත් සමගින් ලකුණු 13 කට කඩුලූ 3 ක් දවාගත් උමේෂ් යාදව් පන්ජාබ් පිලේ පිතිකරු බළඇණිය අඩපණ කළේය.

කාසියේ වාසිය දිනූ කිංග්ස් XI පන්ජාබ් පිලේ නායක ජෝජ් බේලිගේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් කොල්කටා නයිට්රයිඩර්ස් පිල නියමිත  ඕවර 20 අවසානයේ කඩුලූ 8 ක් දැවී ලකුණු 163 ලබාගත්තේය.

මෙතෙක් පැවති තරග වලදී වැඩිම ලකුණු ප‍්‍රමාණයක් රැස්කරගෙන සිටින රොබින් උත්තාපා මෙම තරගයේදී පන්දු 30 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 4 ක් සමගින් වේගවත් ලකුණු 42 ක් රැස්කළේය.

මනීෂ් පාණ්ඬේ (21) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 42 කදී ලකුණූ 65 ක සම්බන්ධතාවක් ගොඩනැගූ උත්තාපා, කොල්කටා පිලට සාර්ථක ආරම්භයක් ලබාදුන්නේය.

කොල්කටා නයිට්රයිඩර්ස් පිල -  ඕවර 20 කදී කඩුලූ 8 කට 163
(රොබින් උත්තාපා 42, මනීෂ් පාණ්ඬේ 21, යූසෆ් පතන් 20, ශකීබ් අල් හසන් 18, රයන් ටෙන්ඩස්කාර් 17, සූර්යකුමාර් යාදව් 20, පියුෂ් චව්ලා නොදැවී 17, කරන්වීර් සිං 40/3, අක්ෂර් පටේල් 11/2, මිචෙල් ජොන්සන් 31/2)

කිංග්ස් XI පංජාබ් පිල -  ඕවර 20 කදී කඩුලූ 8 කට 135
(මනන් වෝරා 26, රිදිමන් සහ 35, ජොජ් බේලි 26, උමේෂ් යාදව් 13/3, මෝනි මෝකල් 23/2)

-036

 


අදහස් (0)

කොල්කටා පිල අවසන් මහ තරගයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.