Last Update  :  2024-04-28 22:15:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story කොදෙව්වෝ හඹාගොස් ජය ගනිති

කොදෙව්වෝ හඹාගොස් ජය ගනිති

editorial - 2023 දෙසැ මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සංචාරක එංගලන්ත කණ්ඩායමට එරෙහිව ඇන්ටිගුවාහි ශ්‍රීමත් විවියන් රිචඞ්ස් ක්‍රීඩාංගණයේදී ඊයේ (3 වැනිදා) පැවැති පළමු එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් කඩුලු 4 ක ජයක් වාර්තා කිරීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් විය. මෙම ජයත් සමග දෙරට අතර පැවැත්වෙන් තරග 5 කින් සමන්විත එක්දින තරගාවලිය 1-0 ක් ලෙස පෙරමුණ ගැනීමටද කොදෙව්වෝ සමත් වූහ. 

ජයග්‍රහණය සඳහා ලකුණු 326 ක ඉලක්කයක් හඹාගිය බටහිර කොදෙව් ක්‍රීඩකයෝ, ඕවර 48.5 ක් අවසානයේ කඩුලු 6 ක් දැවී ඉලක්කය සපුරාගත්හ. පන්දු 83 කට මුහුණදෙමින් හයේ පහර 7 ක් සහ හතරේ පහර 4 ක් සමග නොදැවී ලකුණු 109 ක් රැස්කළ නායක ශායි හෝප් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේය. 

ශිම්රන් හැට්මෙයර් (32) සමග එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 52 කදී ලකුණු 56 ක සම්බන්ධතාවක් ගොඩනැගූ හෝප්, ඉන් නොනැවතී රොමාරියෝ ශෙපර්ඞ් (48) සමග එක්ව 6 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 51 කදී ලකුණු 89 ක වේගවත් සම්බන්ධතාවක්ද ගොඩනගමින් සිය කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළේය. 

ආරම්භක පිතිකරුවන් වූ ඇලික් එතනස් (66) සහ බ්‍රෙන්ඩන් කිං (35) පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 106 කදී ලකුණු 104 ක සම්බන්ධතාවක් ගොඩනගමින් කොදෙව් කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන්නේය. පන්දු 65 කදී වාර්තා වූ හයේ පහර 2 ක් සහ හතරේ පහර 9 කින් සමන්විත වූ අතර බ්‍රෙන්ඩන් කිංගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 4 ක් ඇතුළත් විය. 

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම ඕවර 50 අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 325 ක් ලබාගත් අතර එංගලන්ත ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ හැරී බෲක් පන්දු 72 කින් ලකුණු 71 ක් රැස්කළේ හයේ පහර 2 ක් සහ හතරේ පහර 7 ක් සමගිනි. 


එංගලන්තය - ඕවර 50 කදී සියලු දෙනා දැවී 325
(පිල්ප් සෝල්ට් 45, විල් ජැක් 26, සැක් ක්‍රොව්ලි 48, බෙන් ඩුකට් 20, හැරී බෲක් 71, ලයෑම් ලිවිංග්ස්ටන් 17, සෑම් කරන් 38, බ්‍රෙන්ඩන් කෲස් නොදැවී 31, ගුඩකේෂ් මෝති 49/2, ඔෂේන් තෝමස් 57/2, රොමාරියෝ ෂෙපර්ඞ් 77/2) 

බටහිර ඉන්දීය කොදෙව් පිල - ඕවර 48.5 කදී කඩුලු 6 කදී 326 
(ඇලික් එතනස් 66, බ්‍රෙන්ඩන් කිං 35, කීසි කාට් 16, ශායි හෝප් නොදැවී 109, ශිම්රන් හැට්මෙයර් 32, රොමාරියෝ ෂෙපර්ඞ් 49, රෙහාන් අහමඞ් 40/2, ගුස් ඇටිකින්සන් 63/2) 

-036 


අදහස් (0)

කොදෙව්වෝ හඹාගොස් ජය ගනිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.