Last Update  :  2024-04-28 19:21:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story කොදෙව්වෝ 2-1 කින් එංගලන්තය පරදවති

කොදෙව්වෝ 2-1 කින් එංගලන්තය පරදවති

editorial - 2023 දෙසැ මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සංචාරක එංගලන්ත කණ්ඩායමට එරෙහිව බාර්බඩෝස්හි කෙන්සිංටන් ඕවල් ක්‍රීඩාංගණයේදී ඊයේ (9 වැනිදා) පැවැති තෙවැනි එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් ඩක්වත් ලුවිස් න්‍යායට අනුව කඩුලු 4 ක ජයක් වාර්තා කළ බටහිර ඉන්දීය කොදෙවෝ, දෙරට අතර පැවැති තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය 2-1 ක් ලෙස ජය ගැනීමට සමත් වූහ. 

තරගයට වැස්සෙන් බාධා එල්ලවීම හේතුවෙන් කොදෙව්වන්ට ජයග්‍රහණය සඳහා ඕවර 40 කදී ලකුණු 188 ක ඉලක්කයක් හිමිවූ අතර ඔවුහු ඕවර 31.4 කදී කඩුලු 6 ක් දැවී ඉලක්කය පසුකර ගියහ. වේගවත් පිතිහරඹයක නිරත වෙමින් පන්දු 28 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 3 ක් සමග නොදැවී ලකුණු 41 ක් රැස්කළ රොමාරියෝ ශෙපර්ඞ් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේය. 

ආරම්භක පිතිකරු ඇලික් ඇතෑනස් පන්දු 51 කදී හතරේ පහර 7 ක් සමග ලකුණු 45 ක්ද, කීසි කාටි පන්දු 58 කදී හයේ පහරක් සහ හතරේ පහර 5 ක් සමග ලකුණු 50 ක්ද රැස්කරමින් කොදෙව් කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා අඩිතාලම දැමූහ. එහිදී කොදෙව් ඉනිමේ දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 76 කදී ලකුණු 76 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද ඔවුන් දෙදෙනා සමත් වූහ. 

පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම ඕවර 40 ක් අවසානයේ කඩුලු 9 ක් දැවී ලකුණු 206 ක් ලබාගත් අතර එංගලන්ත ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ බෙන් ඩුකට් පන්දු 73 කින් ලකුණු 71 ක් රැස්කළේ හයේ පහරක් සහ හතරේ පහර 6 ක් සමගිනි. ලයෑම් ලිවිංග්ස්ටන් (45) සමග එක්ව 6 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 94 කදී ලකුණු 88 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද ඩුකට් සමත් විය.  


එංගලන්තය - ඕවර 40 කදී කඩුලු 9 ක් දැවී 206 
(විල් ජැක් 17, බෙන් ඩුකට් 71, ලයෑම් ලිවිංග්ස්ටන් 45, ගුස් ඇටිකින්සන් නොදැවී 20, මැතිව් ෆෝඞ් 29/3, අල්සාරි ජෝෂප් 61/3, රොමාරියෝ ශෙපර්ඞ් 50/2) 

බටහිර ඉන්දීය කොදෙව් පිල - ඕවර 31.4 කදී කඩුලු 6 ක් දැවී 191 
(ඇලික් එතනස් 45, කීසි කාට් 50, රොමාරියෝ ෂෙපර්ඞ් නොදැවී 41, විල් ජැක් 22/3, ගුස් ඇටිකින්සන් 58/2) 

-036 


අදහස් (0)

කොදෙව්වෝ 2-1 කින් එංගලන්තය පරදවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.