Last Update  :  2025-05-13 15:33:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story කෙෳෂාල් - සංගා නොසැලී ඉදිරියට යති

කෙෳෂාල් - සංගා නොසැලී ඉදිරියට යති

දිලිනි මල්රුක්ෂි - 2014 ජුනි මස 13 {{hitsCtrl.values.hits}} Views 4 Comment
A A A


එංගලන්ත පිල සිය මුල් ඉනිමේදී ලබාගත් ලකුණු 575 ට පිළිතුරු දීම සඳහා පිති අතට ගත් ශ්‍රී ලංකා කණ්ඩායම ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වන අද (13 වැනිදා) සවස ක්‍රීඩාව නතර කරන විට සිය මුල් ඉනිම වෙනුවෙන්  කඩුල්ලක් දැවී ලකුණු 140 ක් ලබා සිටියේය.

ඒ වන විට කෙෳෂාල් සිල්වා නොදැවී ලකුණු 62 ක් ලබා සිටි අතර කුමාර් සංගක්කාර නොදැවී ලකුණු 32 ක් ලබා සිටියේය. මෙම පිතිකරුවන් දෙදෙනා අතර දෙවැනි කඩුල්ල වෙනුවෙන් පැවැති අඛණ්ඩ සම්බන්ධතාව ලකුණු 86 කි.

ඕස්ට්‍රෙිලියානු පිලේ හිටපු නායක ඇලන් බෝඩර්ගේ ටෙස්ට් ලකුණු 11,174 (තරග 156 කදී) අද සවස පසුකර ගිය සංගක්කාර (තරග 123 කදී ලකුණු 11,183) මේ වන විට ලෝකයේ වැඩිම ටෙස්ට් ලකුණු ලබාගත් පිතිකරුවන් අතර 8 වැනි ස්ථානයට පැමිණ සිටී.

එංගලන්ත ඉනිමේ නැංගුරම බවට පත්වූ ජෝ රූට් ද්විත්ව ශතකය ලබාගැනීමත් සමගම ලකුණු 575 කට කඩුලු 9 ක් දැවී තිබියදී එංගලන්ත පිලේ පන්දුවට පහරදීම නතර කිරීමට නායක ඇලිස්ටෙයාර් කුක් තීරණය කළේය.

තේ පානය සඳහා තරගය නතර කරන විට කිසිවකු නොදැවී ලකුණු 35 ක් ලබා සිටි ශ්‍රී ලංකා පිලේ පළමු කඩුල්ල ලකුණු 54 දී දවාගැනීමට ක්‍රිස් ජෝර්ඩ්න් සමත් විය. පිට ඉන්නට ඇතින් ඇදී ගිය පන්දුවට ඩ්‍රයිව් පහරක් ගැසීමට උත්සාහ කළ දිමුත් කරුණාරත්න එංගලනත්ත කඩුලු රකින්නා වන මැතිව් ප්‍රයර්ට උඩපන්දුවක් දීමෙන් දැවී ගියේය.

ශ්‍රී ලංකා පිලේ ලකුණු සංඛ්‍යාව කඩුලු 1 කට 98 ක් ව තිබියදී ස්ටුවර්ට් බ්‍රෝඩ්ගේ පන්දුවකින් උඩපන්දුවක් රැකගත් බවට මැතිව් ප්‍රයර් ඉල්ලීමක් කළද පන්දුව රැකගත් ආකාරය පිළිබඳව විශ්වාසයක් නොතිබූ හෙයින් කෙෳෂාල් පිටියේම නතර විය. පිටිය මැද සාකච්ඡා කළ විනිසුරුවරුන් දෙදෙනාම තමන්ට තීරණයක් ගත නොහැකි වූ හෙයින් රූපවාහිනී විනිසුරු ස්ටීව් ඩේවිස් මහතාගේ සහාය ඉල්ලා සිටියහ.

විවිධ කෝණ වලින් ගන්නා ලද රූපරාමු වල පුනරූපන කිහිප වතාවක් පිරික්සා බැලූ ස්ටීව් ඩේවිස් මහතා තීරණය කළේ එය උඩපන්දුවක් නොවන බවයි. මැතිව් ප්‍රයර් පන්දුව රැකගැනීමට පෙර එය බිම වැදී තිබූ හෙයින් කෙෳෂාල් සිල්වාට තවදුරටත් පිටියේ රැදී සිටිය හැකිවිය.

ශ්‍රී ලංකා පිලේ මූලික ඉලක්කය වන්නේ පිට පිටම දෙවැනි වරටත් පන්දුවට පහර දීමේ අපහසුතාවෙන් ගැලවීම පිණිස සිය මුල් ඉනිමේදී ලකුනු 375 ඉක්මවා යාමයි. ඒ සඳහා ඔවුන් තවත් ලකුණු 235 ක් ලබාගත යුතුවන අතර කඩුලු 9 ක් ඇතැතිව තිබේ.

රංගන හේරත්ගේ පන්දුවක් හමුවේ පැත්තකට ඇලකර ගැසූ ස්වීප් පහරකින් ලකුණු 2 ක් ලබාගත් ජෝ රූට් ලෝඩ්ස් පිටියේදී ටෙස්ට් ද්විත්ව ශතකයක් ලබාගත් ලාබාළතම එංගලන් පිතිකරුවා බවට පත්විය. රූට් ආපසු ක්‍රීඩාගාරයට ගි‍යේ ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ මෙන්ම නරඹන්නන්ගේ අත්පොළසන් හඬ මැදිනි.

ජෝ රූට් ද්විත්ව ශතකය සොයා ඇදෙද්දී එංගලන්ත පිලේ 9 වැනි කඩුල්ලත් බිද වැටිණ. ඒ වන විට ජෝ රූට් ලකුණු 181 ක් ලබා සිටි අතර අවසන් පිතිකරුවා ලෙස ජේම්ස් ඇන්ඩසන් පිටියට පැමිණියේය.

 නරඹන්නන් අතර තිබූ සැකය වූයේ ජෝ රූට් ඉතිරි ලකුණු 19 ලබාගන්නා තුරු එංගලන්ත පිලේ අවසන් පිතිකරුවාට පිටියේ රැඳී සිටිය හැකිද යන්නයි. එහෙත් තරමක් ඉක්මන් වූ රූට්, තම අවසන් සහායකයා දැවී යාමට පෙර ද්විත්ව ශතකය සම්පූර්ණ කළ අතර ඒ සමගම එංගලන්ත ඉනිම නතර කරන ලදි.

පළමු දිනයේදී ලකුණු 102 ක් ලබා නොදැවී සිටි ජෝ රූට් අද තවත් ලකුණු 98 ක් සිය ඉනිමට එක්කරමින් ශ්‍රී ලංකා පන්දු යවන්නන් හමුවේ නොසැලී සිටියේය. මැතිව් ප්‍රයර් දැවී යාමෙන් පසුව පන්දු 19 කදී ලකුණු 19 ක් ලබාගැනීමට ක්‍රිස් ‍ජෝර්ඩ්න් සමත් වූ අතර ‍ජෝර්ඩ්න් පිටියෙන් ඉවත් වීමෙන් පසුව පැමිණි ස්ටුවර්ට් බ්‍රෝඩ් වේගවත් පිතිහරඹයක යෙදෙමින් පන්දු 38 කදී ලකුණු 47 ක් ලබාගත්තේ ලකුණු ලබාගැනීම වේගවත් කරමිනි.

බ්‍රෝඩ් සිය ඉනිමට හතරේ පහර 9 ක් ඇතුළත් කරද්දී සුපුරුදු තැන්පත්බව රැකගත්  ජෝ රූට් පන්දු 298 කට මුහුණ දෙමින් සිය ලකුණු 200 ටම පන්දුව හතරේ සීමාවට යැවූයේ 16 වරක් පමණි.

කෙසේ වෙතත් ලකුණු ලබාගැනීමට පෙර විනිසුරුවරයාගෙන් ලද වාසනාවෙන් උපරිම ප්‍රයෝජන ලබාගත් එංගලන්ත කඩුලු රකින්නා ලකුණු 87 ක් ලබාගත්තේ තම 76 වැනි ටෙස්ට් තරගයේදී ලකුණු 4000 කඩයිමද පසුකර යමිනි. පන්දු 131 කට මුහුණ දුන් 31 හැවිරිදි මැතිව් ප්‍රයර් හතරේ පහර 10 ක් සිය ඉනිමට ඇතුළත් කළේය.

මැතිව් ප‍්‍රයර් ලකුණු ලබාගැනීමට පෙර රංගන හේරත්ගේ පන්දුවකින් කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකරගත් බවට ඉල්ලීමක් කළද එය විනිසුරු පෝල් රයිෆල් මහතා විසින් ප‍්‍රතික්ෂේප කෙරිණ. ශ‍්‍රී ලංකා පිල විනිසුරු තීරණ විමසීමේ ක‍්‍රමයේ සහාය ලබාගත් නමුත් අවසානයේදී එය විනිසුරුවාගේ තීරණයම විය - See more at: http://kelimandala.lankadeepa.lk/article/19593/%E0%B6%91%E0%B6%82%E0%B6%9C%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA-%E0%B6%9A%E0%B6%A9%E0%B7%94%E0%B6%BD-5-%E0%B6%A7-344-%E0%B6%BA%E0%B7%92#sthash.UmkKCFAh.dpuf
මැතිව් ප‍්‍රයර් ලකුණු ලබාගැනීමට පෙර රංගන හේරත්ගේ පන්දුවකින් කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකරගත් බවට ඉල්ලීමක් කළද එය විනිසුරු පෝල් රයිෆල් මහතා විසින් ප‍්‍රතික්ෂේප කෙරිණ. ශ‍්‍රී ලංකා පිල විනිසුරු තීරණ විමසීමේ ක‍්‍රමයේ සහාය ලබාගත් නමුත් අවසානයේදී එය විනිසුරුවාගේ තීරණයම විය - See more at: http://kelimandala.lankadeepa.lk/article/19593/%E0%B6%91%E0%B6%82%E0%B6%9C%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA-%E0%B6%9A%E0%B6%A9%E0%B7%94%E0%B6%BD-5-%E0%B6%A7-344-%E0%B6%BA%E0%B7%92#sthash.UmkKCFAh.dpuf

ඉතා පහසුවෙන්ම  ලකුණු 400 කඩයිම පසුකර ගිය එංගලන්ත පිල ටෙස්ට් තරග 13 කට පසුව ලකුණු 400 සීමාවෙන් එපිටට ගිය මුල්ම අවස්ථාව එය විය. එංගලන්ත කණ්ඩායමක් ටෙස්ට් තරගයකදී අවසන් වතාවට ලකුණු 400 පසුකර ගියේ 2013 මාර්තු මාසයේදී නවසීලන්ත පිලට එරෙහිව වෙලින්ටන්හිදී පැවැති ටෙස්ට් තරගයකදීය.

බවුන්සර් පන්දුවක වේගය අඩාල කරමින් ජෝ රූට් - ප‍්‍රයර් සම්බන්ධතාව බිඳ දැමීමට ශමින්ද එරංග සමත් වූ අතර සිලි මිඞ්  ඕන්හි සිටි කෞෂාල් සිල්වා විසින් උඩපන්දුව රැකගන්නා ලදි. කඩුල්ල වටා දිවයමින් දිගින් දිගටම මැතිව් ප්‍රයර්ට බවුන්සර් පන්දු යැවූ එරංග පිතිකරුවා අපහසුතාවට පත්කරමින් කඩුල්ල දවාගත්තේය. බිඳ වැටුණු කඩුලු 9 න් 7 ක්ම බෙදාහදා ගැනීමට නුවන් ප්‍රදීප් ප්‍රනාන්දු සහ ශමින්ද එරංග සමත් වූහ.

ලකුණු පුවරුව

තරගයේ විශේෂ අවස්ථා


අදහස් (4)

කෙෳෂාල් - සංගා නොසැලී ඉදිරියට යති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.