‘ගුණ ජය සතුට’ පදනම සංවිධානය කරන වයස 19 න් පහළ ‘මුරලි කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ තරග අද (21 වැනිදා) ආරම්භවූ අතර කොළඹ ශාන්ත ජෝසප් විද්‍යාලයේ රෙවන් කෙලී සහ සීනීගම ඒකාබන්ධ පාසල් පිලේ චතුර මිලාන් ශතක රැස්කරමින් දස්කම් දැක්වූහ.
කදුරට ඒකාබද්ධ පාසල් පිලට එරෙහිව ලකුණු 231 ක් රැස්කිරීමට සීනීගම ඒකාබන්ධ පාසල් පිල සමත්වූ අතර චතුර මිලාන් පන්දු පන්දු 53 කදී හතරේ පහර 10 ක් සහ හයේ පහර පහක් සමගින් නොදැවී ලකුණු 104 ක් රැස්කිරීමට සමත්විය.
යාපනය මධ්‍ය මහා විද්‍යාලයේදී පැවැති තරගයකදී යාපනය මධ්‍ය මහා විද්‍යාලයට එරෙහිව ලකුණු 187 ක් රැස්කිරීමට කොළඹ ශාන්ත ජෝසප් විද්‍යාලය සමත්වූ අතර රෙවන් කෙලී පන්දු 68 කදී හතරේ පහර 12 ක් සහ හයේ පහර තුනක් සමගින් නොදැවී ලකුණු 101 ක් රැස්කිරීමට සමත්වූයේය.
අද පැවති තවත් තරග කිහිපයකදී ජයග්‍රහණ වාර්තා කිරීමට කොළඹ නාලන්ද විද්‍යාලය, මහනුවර කිංග්ස්වූඞ් විද්‍යාලය, කළුතර විද්‍යාලය, ගාල්ල මහින්ද විද්‍යාලය, මොණරාගල ඒකාබන්ධ පිල සහ කොළඹ රාජකීය විද්‍යාලය සමත්වූහ.
ශා. ජෝසප් විද්‍යාලයට ලකුණු 32 ක ජයක්
කොළඹ ශාන්ත ජෝසප් විද්‍යාලය - ඕවර 20 කදී කඩුලු 2 ක් දැවී ලකුණු 187
(රෙවන් කෙලී නොදැවී 101, ජෙහාන් ඩැනියල් නොදැවී 67)
යාපනය මධ්‍ය මහා විද්‍යාලය - ඕවර 20 කදී කඩුලු 7 ක් දැවී ලකුණු 155
(විජිලියාස් ඩිනෝජන් 34, ශ්‍රීකාන්තරාජා කොව්තාමන් 38, එස්. මතූශාන් නොදැවී 27, සචිත ද සිල්වා 27/2, ජෙහාන් ඩැනියල් 31/2)
සීනීගම ඒකාබන්ධ පාසල් පිලට ලකුණු 120 ක ජයක්
සීනීගම ඒකාබන්ධ පිල - ඕවර 20 කදී කඩුලු 2 ක් දැවී ලකුණු 231
(කවීෂ් ඩිල්රංග 53, අමිදු උදාර 28, චතුර මිලාන් නොදැවී 104)
කදුරට ඒකාබද්ධ පිල - ඕවර 20 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 111
(ජී. චානුක නොදැවී 38, චමෝද් බංඩාර 24)
කොළඹ නාලන්ද විද්‍යාලයට ලකුණු 56 ක ජයක්
කොළඹ නාලන්ද විද්‍යාලය - ඕවර 19.1 කදී සියලු දෙනා දැවී ලකුණු 134
(දිනිදු විජේවර්ධන 59, අරුනාසල අකිලන් 19/3, වික්නේස්වරන් පිරනාවන් 40/3, සිවකුමාර් පාර්තිපන් 19/2)
කිලිනොච්චි - මුලතිව් ඒකාබන්ධ පිල - ඕවර 18.1 කදී සියලු දෙනා දැවී ලකුණු 78
(දසුන් සෙනෙවිරත්න 6/3, කසුන් සඳරුවන් 0/2, උමේක්ෂ මාන්නප්පෙරුම 19/2)
මහනුවර කිංග්ස්වූඞ් විද්‍යාලයට ලකුණු 65 ක ජයක්
මහනුවර කිංග්ස්වූඞ් විද්‍යාලය - ඕවර 16.1 කදී සියලු දෙනා දැවී ලකුණු 114
(තරිඳු ලියනගේ 24, සුජාන් මියාස් 18/2, ඉතයාචන්ද්‍රන් නිව්ජන් 22/2, පරමේස්වරන් අභිෂාන් 28/2)
මන්නාරම් - වව්නියා ඒකාබන්ධ පිල - ඕවර 14.1 කදී සියලු දෙනා දැවී ලකුණු 49
(යසෝද් කාවින්ද 10/3, ඩිල්ශාන් වලිසුන්දර 14/3, තරිඳු ලියනගේ 4/2, විමුක්ති විජේවර්ධන 11/2)
කළුතර විද්‍යාලයට කඩුලු 9 ක ජයක්
රත්නපුර ශා. ඇලවිෂියස් විද්‍යාලය - ඕවර 18.3 කදී සියලු දෙනා දැවී ලකුණු 77
(රජිත නිර්මාල් 32, ඩිශාන් ලක්ෂිත 7/3, ශකිල අකලංක 23/3, චනුක ලක්ෂාන් 18/2)
කළුතර විද්‍යාලය - ඕවර 12 කදී කඩුල්ලක් දැවී ලකුණු 79
(නදීර ඩිල්ෂාන් නොදැවී 29, යූ. කාවින්ද 29)
ගාල්ල මහින්ද විද්‍යාලයට ලකුණු 27 ක ජයක්
ගාල්ල මහින්ද විද්‍යාලය - ඕවර 20 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 153
(රවිදු වැලිහිංද 59, රේෂාන් කාවින්ද 20, ආර්. තෙනුරාදන් 24/4, සුජාත් මොහොමඞ් 30/3)
ත්‍රිකුණාමලය - මඩකළපුව ඒකාබන්ධ පිල - ඕවර 19 කදී සියලු දෙනා දැවී ලකුණු 126
(එම්. ෆාහීම් 37, වී. විතුශාන් 20, ප්‍රමිත් හංසික 19/3, නිපුන් මාලිංග 10/2, මලිංත ගුණතිලක 20/2, රේෂාන් කාවින්ද 33/2)
මොණරාගල ඒකාබන්ධ පිලට කඩුලු 5 ක ජයක්
මරදාන සහිරා විද්‍යාලය - ඕවර 16.4 කදී සියලු දෙනා දැවී ලකුණු 61
(කවිෂ්ක දිනේෂ් 12/3)
මොණරාගල ඒකාබන්ධ පිල - ඕවර 14.2 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 26
(ඉන්දික නුවන් 26)
කොළඹ රාජකීය විද්‍යාලයට කඩුලු 8 ක ජයක්
යාපනය ඒකාබන්ධ පිල - ඕවර 16.1 කදී සියලු දෙනා දැවී ලකුණු 81
(ජේ. ෆ්ලෙමින් 28, අභිෂේක් පෙරේරා 8/2, චාරුක හතරසිංහ 11/2, ගනිත් සංදීප 18/2)
කොළඹ රාජකීය විද්‍යාලය - ඕවර 12.5 කදී කඩුලු 2 ක් දැවී ලකුණු 85
(රොනුක ජයවර්ධන 25, හිමේෂ් රාමනායක නොදැවී 35)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.