Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
එංගලන්තයේ සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් දෙදෙනෙකු වන කුසල් මෙන්ඩිස් සහ නිරෝෂන් දික්වැල්ල ප්‍රසිද්ධ ස්ථානයක සිටින වීඩියෝවක් ට්විටර් සමාජ ජාලයේ පළවීමෙන් පසුව ඔවුන් ජෛව ආරක්‍ෂිත බුබුල උල්ලංඝනය කර ඇති බවට බරපතල චෝදනාවකට ලක්ව තිබේ.
කණ්ඩායම් කළමනාකාරිත්වය මේ පිළිබඳව විමර්ශනය කරන නමුත් ඇත්ත වශයෙන්ම උල්ලංඝනයක් සිදුවී ඇත්දැයි තහවුරු කළ නොහැකි බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමණාකරු මනූජ කාරියප්පෙරුම මහතා පවසා ඇතැයි වාර්තාවේ. කෙසේ වෙතත්, මෙන්ඩිස් සහ දික්වැල්ල සිටින ප්‍රදේශයේ රූප රාමු ඩර්හැම්හි ශ්‍රී ලංකා කණ්ඩායම රැඳී සිටින හෝටලය අසල නොවන බව කාරියප්පෙරුම මහතා වැඩිදුරටත් පවසා ඇත.
කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් බළධාරීන්ගේ ද අවධානය යොමුව ඇති අතර, කණ්ඩායම් කළමණාකරුගෙන් ඒ පිළිබද වාර්තාවක් ද කැඳවා ඇති බව වාර්තාවේ.
කුසල් මෙන්ඩිස් සහ නිරෝෂන් දික්වැල්ල සමගින් තවත් ක්‍රීඩකයෙන් පිටව ගොස් ඇති බව දැනගන්නට ඇති නමුත් ඔහු මෙම වීඩියෝවේ දක්නට නොලැබේ.
එංගලන්තයෙන් ලැබෙන ආරංචි මාර්ග වලට අනුව මෙම ක්‍රීඩකයන් ඇත්ත වශයෙන්ම බුබුල උල්ලංඝනය කර ඇති බව අනාවරණය වුවහොත්, ඔවුන්ව සංචිතයෙන් ඉවත් කිරීමට ඉඩ ඇති බව වාර්තාවේ. එමෙන්ම කුසල් මෙන්ඩිස්ට උපනායකත්වයද අහිමිව යනු ඇත.
කෝවිඩ් -19 සෞඛ්‍ය නියමයන් උල්ලංඝනය කිරීම මගින් ශ්‍රී ලංකා කණ්ඩායම තවත් දුෂ්කර තත්වයකට පත්වනු ඇත. ඔවුන් විස්සයි20 තරගාවලිය 3-0ක් ලෙස පරාජයට පත් වූ අතර, කිසි විටෙකත් එංගලන්තයට අභියෝගයක් නොවීය.
මොවුන් ක්‍රීඩා පිටිය තුල දස්කම් නොදැක්වීම සම්බන්ධයෙන් මේ වන විටත් හිටපු ක්‍රීඩකයන්ගේ සහ මහජනතාවගේ විවේචනවලට ලක්ව ඇති අතර, ඔවුන්ගේ හැසිරීම පිළිබඳවද ප්‍රශ්න ඇතිවී ඇත.
එංගලන්තයට එරෙහිව පැවැත්වීමට නියමිත එක්දින තරගාවලියේ පළමු තරගය හෙට (29 වැනිදා) පැවැත්වීමට නියමිතව ඇත.
- 2079
Sk Monday, 28 June 2021 07:40 PM
දුම් වැටි බීලා කොහොමද සෙල්ලම් කරන්නේ? මොනවද කලමනාකරුවන් කරන්නේ?
Reply 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.