Last Update  :  2025-07-29 20:42:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story කී‍්‍රඩිකාවන් ගේන්න ශී‍්‍ර ලන්කන් යානයක්
කාන්තා කි‍්‍රකට්

කී‍්‍රඩිකාවන් ගේන්න ශී‍්‍ර ලන්කන් යානයක්

editorial - 2021 නොවැ මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

ලෝක කුසලාන සුදුසුකම් තේරීමේ තරගාවලිය අතරමග නතර කිරීම නිසා සිම්බාබ්වේ නුවර සිරවී සිටින ශී‍්‍ර ලංකා කාන්තා කි‍්‍රකට් කණ්ඩායමේ කී‍්‍රඩිකාවන් සහ කාර්යමණ්ඩලය කැඳවාගෙන ඒමට ශී‍්‍ර ලන්කන් ගුවන් සේවයට අයත් යානයක් හරාරේ නුවර දක්වා යැවීම සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයත්, සංචාරක සේවා සහ ශී‍්‍ර ලන්කන් ගුවන් සමාගමත් අතර සාකච්ඡුා ආරම්භ වී තිබේ.

මෙම ගුවන් යානය කී‍්‍රඩිකාවන් සඳහාම වෙන්වූ විශේෂ ගුවන් යානයක් නොව, සාමාන්‍ය මගී ගුවන් යානයකි. එබැවින් එහි ආපසු ගෙන්වන්නේ ශී‍්‍ර ලංකා කණ්ඩායමේ කී‍්‍රඩිකාවන්ගෙන් කොරෝනා වයිරසය අසාදනය නොවූ කී‍්‍රඩිකාවන් සහ කාර්ය මණ්ඩලයේ සාමාජික සාමාජිකාවන් පමණක් බව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ප‍්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා පැවසීය.

ශී‍්‍ර ලන්කන් සමාගමේ මගී ගුවන් යානයක් සෑම සිකුරාදා දිනයකදීම කෙන්යාවේ නයිරෝබි නුවර බලා පියාසර කරයි. එම ගුවන් යානය, ආපසු කොළඹ බලා පැමිණෙන මගීන්ද සමගින්, හරාරේ නුවර බලා යැවීමටත්, එතැන් සිට ශී‍්‍ර ලංකා කී‍්‍රඩිකාවන් සහ කාර්ය මණ්ඩලය සමගින් එක එල්ලේම කොළඹ බලා පියාසර කිරීමටත් මේ වන විට සාකච්ඡා කෙරෙමින් පවතී.

යම් හෙයකින්, මෙම සාකච්ඡා අසාර්ථක වුවහොත්, ශී‍්‍ර ලංකා කී‍්‍රඩිකාවන් හරාරේ නුවර සිට මැදපෙරදිග ගමනාන්තයක් දක්වා ගෙනැවිත් එතැන් සිට ශී‍්‍ර ලන්කන් ගුවන් යානයකින් කොළඹට ගෙන්වීම සම්බන්ධයෙන්ද සැලකිල්ලට ලක්වී තිබේ.

ශී‍්‍ර ලන්කන් ගුවන් සේවය, කොරෝනා උවදුරෙන් පසුව, තවමත් සිය පැරණි ගමනාන්ත සියල්ල කරාම ගමන් නොකරයි. එහෙත් දැනපතාම වාගේ මැදපෙරදිග ගමනාන්ත කිහිපයක් වෙත පියාසර කරයි.

කෙසේ වෙතත් කොරෝනා වයිරසය අසාදනය වූ කී‍්‍රඩිකාවන් 6 දෙනාත්, කණ්ඩායමේ කාන්තා නිලධාරිනිය ලෙස කටයුතු කරන ඉන්ද්‍රානි ආරියරත්න මහත්මියත් වෛද්‍යවරයාත් තවදුරටත් හරාරේ නුවරදීම නතරව සිටිනු ඇත. තරගාවලියට සහභාගිවීම සඳහා පැමිණි අනෙක් කණ්ඩායම් මේ වන විටත් හරාරේ නුවරින් පිටව යමින් සිටිති.

සිම්බාබ්වේ රාජ්‍යයේ හරාරේ නුවරදී පැවැත්වෙමින් තිබූ කාන්තා ලෝක කුසලාන සුදුසුකම් තේරීමේ තරගාවලිය අතර මගදී නතර කිරීමට අන්තර්ජාතික කි‍්‍රකට් සභාව සෙනසුරාදා (27 වැනිදා) තීරණය කළේය. දකුණු අපි‍්‍රකාවෙන් සොයාගන්නා ලද කොරෝනා වයිරසයේ නවතම ප‍්‍රභේදයෙන් ඇතිවියහැකි බලපෑම අවම කිරීම සඳහා දකුණු අපි‍්‍රකානු රටවල පනවා ඇති සංචරණ සීමා හේතුවෙන් තරගාවලිය අතර මග නතර කර තිබේ.

පසුගිය 23 වැනිදා නෙදර්ලන්තයට එරෙහිව පැවැති තරගයේදී ලකුණු 82 ක ජයක් වාර්තා කළ ශී‍්‍ර ලංකා කණ්ඩායම ප‍්‍රසාද ලකුණු 2 ක් සමග +0.947 ක ශුද්ධ ලකුණු වේගයක් ලබාගත්තද ලබන වසරේ නවසීලන්තයේදී පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලියෙන් ශී‍්‍ර ලංකා කාන්තා කණ්ඩායම ඉවතට විසිවී තිබේ.

ශී‍්‍ර ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් පිල අතර අද පැවැති තරගය සඳහා ශී‍්‍ර ලංකා කණ්ඩායම හරාරේ කී‍්‍රඩාංගණයට ගියද ශී‍්‍ර ලංකා කණ්ඩායමේ කාර්ය මණ්ඩල සාමාජිකයකුට කොරෝනා වයිරසය අසාදනය වී තිබූ හෙයින් තරගය නොපැවැත්විණ.

ශී‍්‍ර ලංකා කාන්තා කණ්ඩායමේ සිටින කොරෝනා වයිරසය ආසාදිතයන් සංඛ්‍යාව 6 කි.

 


අදහස් (0)

කී‍්‍රඩිකාවන් ගේන්න ශී‍්‍ර ලන්කන් යානයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.