Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story කාලිංගට රන් පදක්කමක්

කාලිංගට රන් පදක්කමක්

editorial - 2021 ජුනි මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

තත්ත්පර 45.73 ක දක්ෂතාවක් වාර්තා කරමින් 60 වැනි ඉන්දීය අන්තර් ප්‍රාන්ත මලල ක්‍රීඩා තරගාවලියේ මීටර් 400 (පිරිමි) ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩක කාලිංග කුමාරගේ අද (28) රාත්‍රී පන්ජාබ් ප්‍රාන්තයේදී පතියාලා නගරයේදී සමත් විය.

එසේ වුවත් එහිදී අද (28) මීටර් 400 (කාන්තා) ඉසව්වේ අවසන් තරගයට සහභාගී වූ නදීෂා රාමනායකට සිදු වූයේ පස් වැනි ස්ථානය ලැබීමටය. ඒ තත්ත්පර 54.37 කට ය. එහි රන් පදක්කම තත්ත්පර 53.29 කට දිනා ගත්තේ කර්නාටක ප්‍රාන්තයේ ප්‍රියා හබ්බතෙහාලි විසිනි.   

කාලිංක කුමාරගේ අද (28) දිනයේ ධාවනය වාර්තා වන්නේ මීටර් 400 ඉසව්වේ මෙතෙක් ශ්‍රී ලාංකික ක්‍රීඩකයකු වෙතින් වාර්තා වූ සිවු වැනි හොඳම වේගවත් කාලය ලෙසිනි. අප්‍රේල් 09 වැනිදා කොළඹදී පැවැති ජාතික තේරීම් තරගාවලියේදී කාලිංගගේ හිමි කාලය තත්ත්පර 45.99 ක් ලෙස සටහන් වී තිබේ.

ඔහුගේ අද (28) ජයග්‍රහණය පහසු කළ සිදුවීමක් වූයේ මෙම අන්තර් ප්‍රාන්ත තරගාවලියට සහභාගි වී සිටින මීටර් 400 ඉන්දීය ප්‍රබලතම ක්‍රීඩකයන් හෙට (29) පැවැත්වෙන මීටර් 400 x 4 සහාය දිවීම (පිරිමි) තරගය ඉලක්ක කරමින් කේවල ඉසව්වට තරග නොවැදී සිටීමයි.

ඔහුගේ අද (28) ධාවනයේ තවත් විශේෂත්වයක් වූයේ එම තරග වැදීම වසර 2018 ආසියානු ක්‍රීඩා උළෙලෙන් පසුව පළමු අවස්ථාව වීමයි.

මීටර් 400 (කාන්තා) ඉසව්වේ පස් වැනි ස්ථානය ලද ශ්‍රී ලංකා ක්‍රීඩිකාව මූලික තරගයේදී තත්ත්පර 54.65 ක නිමි කාලයක් වාර්තා කර තිබේ.

මෙම තරගාවලියේ හෙට (29) අවසන් දිනයේදී ශ්‍රී ලංකාවට වැදගත් ඉසව්වක් වන්නේ ජාතික ඔලිම්පික් කමිටුව ටෝකියෝ ඔලිම්පික් උළෙලේ සහභාගීත්වය අද (28) තහවුරු කළ මීටර් 3000 බාධක දිවීමේ ක්‍රීඩිකා නිලානි රත්නායක අද මෙම තරගාවලියට සහභාගී වීමයි. ඒ අතර ශ්‍රී ලංකා මීටර් 100 x 4 කාන්තා සහාය දිවීමේ කණ්ඩායම ද අද අවසන් තරගයට සහභාගිවේ.

ටෝකියෝ ඔලිම්පික් උළෙල සඳහා මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් නිර්දේශ ලබා ගන්නා අවසන් දිනය ද (29) හෙටට යෙදී තිබේ. ජාතික ඔලිම්පික් කමිටුව අද (28) නිවේදනය කළේ ඒ සඳහා මීටර් 100 (පිරිමි) ඉසව්වෙන් දැනට ඉතාලියේ වෙසෙන යුපුන් අබේකෝන් ද දෙවැනි පෙළ නිර්දේශ ලබා සිටින බවයි.

- 223


අදහස් (0)

කාලිංගට රන් පදක්කමක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.