Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමට පමණක් නොව, සමස්ත ලෝකයේම ක්‍රිකට් ප්‍රජාවට අතිශය කාර්යබහුල සමයක් ආරම්භ කරමින් එංගලන්තය සහ නවසීලන්තය අතර පළමු වැනි ටෙස්ට් තරගය හෙට (2 වැනිදා - බදාදා) ලන්ඩන් නුවර ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. හෙටින් ආරම්භ වන එංගලන්තයේ ක්‍රිකට් ගිම්හානය නිමා වන්නේ ඉන්දියාව හමුවේ පැවැත්වෙන තරග 5 කින් සමන්විත ටෙස්ට් තරගාවලියකිනි.
මෙම කාලසීමාවේදී එංගලන්තය ටෙස්ට් තරග 7 කට, එක්දින තරග 6 කට සහ විස්සයි-20 තරග 6 කට සහභාගි වන අතර ශ්‍රී ලංකාව සමග ද එක්දින තරග 3 ක් සහ විස්සයි-20 තරග 3 ක් ඊට ඇතුළත් වෙයි.
කොරෝන වෛරස් වසංගතය හේතුවෙන් පසුගිය වසරේ ප්‍රේක්ෂකයින්ගෙන් තොරව අන්තර්ජාතික තරග පැවැතියද මෙවර තරග වාරයේදී නැවත වරක් ක්‍රිකට් ලෝලීන්ට ක්‍රීඩා පිටියට පැමිණීමේ අවසරය ලැබී තිබේ. එහෙත් ඒ හෙටින් ආරම්භ වන පළමු තරගයට නොව, ජූනි 10 වැනිදා එජ්බැස්ටන් පිටියේදී ආරම්භ වන තරගයේ සිටය.
2019 දී ලෝක කුසලාන ජයග්‍රහණය නිසා ප්‍රේක්‍ෂකයන්ගේ නොමඳ ආදරයට පාත්‍ර වී සිටින බෙන් ස්ටෝක්ස් සහ ජොෆ්රා ආචර් නොමැතිව නවසීලන්තය හා තරගයට පිවිසීමට එංගලන්ත පිලට සිදුවී තිබේ. බෙන් ස්ටෝක්ස් ඇඟිල්ල තුවාල කරගැනීම නිසාත් ජොෆ්රා ආචර්ගේ වැලමිට ආබාධයකට ලක්ව සිටීම නිසාත් නවසීලන්තය හා තරගාවලියට තෝරාගනු ලැබ නැත.
නවසීලන්තයට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරග දෙකෙන් පසුව ඉන්දියාවට එරෙහිව තරග 5 කින් යුත් තරගමාලාව සහ මේ වසරේ අගභාගයේදී ඕස්ටේ්‍රලියාවේදී පැවැත්වෙන ‘අළු බඳුන’ තරගාවලියත් හේතුවෙන් එංගලන්තය අතිශය කාර්යබහුල තරග සමයකට පිවිසෙයි. එබැවින් තමන්ගේ වඩාත්ම පළපුරුදු වේග පන්දු යවන්නන් දෙදෙනා වන ජේම්ස් ඇන්ඩර්සන් සහ ස්ටුවර්ට් බ්‍රෝඩ් මෙම තරගාවලියට යෙදවීමට එංගලන්තය පසුබාමින් සිටියද අද (අඟහරුවාදා) සවස වාර්තා වූයේ ස්ටුවර්ට් බ්‍රෝඩ්ව කණ්ඩායමේ උපනායකයා ලෙසින් නම්කර ඇති බවයි.
එංගලන්තය වෙනුවෙන් වැඩිම ටෙස්ට් තරග සංඛ්‍යාවකට ක්‍රීඩා කරමින් වාර්තාවක් පිහිටුවා සිටින ඇලිස්ටෙයාර් කුක්ගේ ටෙස්ට් තරග 161 වාර්තාව සම කිරීමට තරගයක් අඩුවෙන් සිටින ස්ටුවර්ට් බ්‍රෝඩ් සහ ජේම්ස් ඇන්ඩසන් දෙදෙනාම කියා සිටින්නේ තමන්ගේ වේග පන්දු යැවීමේ සම්බන්ධතාව නැවත ආරම්භ කිරීමට සූදානමින් සිටින බවයි.
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේදී කඩුලු රකින්නන් වන ජොස් බට්ලර් සහ ජොනී බෙයාර්ස්ටෝ ඇතුළු ක්‍රීඩකයින් කිහිප දෙනෙකුම විවේක ගන්වා තිබේ. බෙන් ෆෝක්ස් හදිසියේම ලිස්සා වැටීම හේතුවෙන් ජේම්ස් බ්‍රේසිට හෙට තරගයේදී මංගල ටෙස්ට් හිස්වැස්ම හිමිවනු ඇත.
“මාව මඟහරින්නට බැරි තැනකට එන්න මම උත්සාහ කරනවා” යයි තමන්ට ලැබුණු අවස්ථාව සම්බන්ධයෙන් ජේම්ස් බ්‍රේසි කියයි. පුහුණුවීම් කරමින් සිටියදී එංගලන්ත නායක ජෝ රූට්ට පන්දුව වැදුණ නමුත් හෙට තරගයට තමන් සූදානම් බව නායකයා පවසා තිබේ.
මේ අතර අයි.පී.එල්. තරගාවලියෙන් පසුව ආපසු නවසීලන්තයට ගිය ටේරන්ට් බෝල්ට් පසුගිය සිකුරාදා එංගලන්තයට පැමිණියද එංගලන්තයට එරෙහිව පැවැත්වෙන පළමු තරග දෙකම ඔහුට මඟහැරී යා හැකිය. ඇතැම් විට දෙවැනි තරගයට එක්වීමේ අවස්ථාවද බෝල්ට්ට නැතුවා නොවේ. එහෙත් අවසන් වරට සහභාගි වූ ටෙස්ට් තරග හයම (නවසීලන්තයේදී) ජයගත් කේන් විලියම්සන්ගේ කණ්ඩායම මෙම තරගාවලියේදී එංගලන්තයට පහසු අභියෝගයක් නම් නොවනු ඇත.
පිතිකරුවන්ගෙන් ගහණ නවසීලන්ත පිල තෝරා ගැනීම සම්බන්ධයෙන් බරපතළ ප්‍රශ්නයක් පුහුණුකරු ගැරී ස්ටෙඩ් මහතාට නැත. තුන් ඉරියව් ක්‍රීඩකයාගේ ස්ථානය සඳහා කොලින් ඩි ග්‍රැන්ඩ්හෝම් මෙන්ම ඩැරිල් මිචෙල්ද තරග වැදී සිටිති. පන්දු යවන්නන් වන මිචෙල් සෑන්ට්නර් සහ මැතිව් හෙන්රි කොහොමත් කණ්ඩායමේ සිටිති.
“අපේ ටෙස්ට් කණ්ඩායම තෝරා ගැනීමේදී අපි හැමදාම එක ප්‍රතිපත්තියක සිටියා. මේ වතාවෙදිත් ඒකේ ලොකු වෙනසක් වෙයිකියලා මා හිතන්නේ නෑ” යයි නවසීලන්ත පුහුණුකරු ගැරී ස්ටෙඩ් මහතා කීවේය. නවසීලන්තය සහ එංගලන්තය අවසන් වරට ලෝඩ්ස් පිටියේදී මුණගැසුන අවස්ථාවේදීත් ජයග්‍රාහී නවසීලන්ත පිලේ පුහුණුකරුවා වූයේ ගැරී ස්ටෙඩ් මහතාය.
ලෝඩ්ස් තරගය සඳහා අපේක්‍ෂිත කණ්ඩායම්
එංගලන්තය
රෝරි බර්න්ස්, ඩොමිනික් සිබ්ලි, සැක් ක්‍රෝලි, ජෝ රූට් (නායක), ඔලී පෝප්, ඩැනියෙල් ලෝරන්ස්, ජේම්ස් බ්‍රේසි, ඔලී රොබින්සන්, මාක් වුඩ්, ස්ටුවර්ට් බ්‍රෝඩ් සහ ජේම්ස් ඇන්ඩසන්
නවසීලන්ත කණ්ඩායම
ටොම් ලේතම්, ඩෙවොන් කොන්වේ, කේන් විලියම්සන් (නායක), රොස් ටේලර්, හෙන්රි නිකොල්ස්, බී.ජේ. වොට්ලිංන්, කොලින් ඩි’ග්‍රැන්ඩ්හෝම්, කයිල් ජැමීසන්, ටිම් සවුති, නීල් වැග්නර් සහ මැතිව් හෙන්රි
විනිසුරුවරු
රිචඩ් කෙට්ල්බරර් සහ මයිකල් ගෆ් යන මහත්වරු
රූපවාහිනී විනිසුරු
රිචඩ් ඉලිංවර්ත් මහතා
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.