Last Update  :  2024-04-28 22:15:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story කාර්තික් - මහීපාල් බෙංගලූරු පිල දිනවති
අයි.පී.එල්. - 2024

කාර්තික් - මහීපාල් බෙංගලූරු පිල දිනවති

editorial - 2024 මාර් මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 6 වැනි තරගය ලෙස රෝයල් චැලේන්ජර්ස් බෙංගලූරු කණ්ඩායම සහ පන්ජාබ් කිංග්ස් කණ්ඩායම අතර බෙංගලූරුහි එම්. චින්නස්වාමි ක්‍රීඩාංගණයේදී අද (25 වැනිදා) පැවැති තරගයෙන් කඩුලු 4 ක ජයක් වාර්තා කිරීමට රෝයල් චැලේන්ජර්ස් බෙංගලූරු කණ්ඩායම සමත් විය. 

ජයග්‍රහණය සඳහා ලකුණු 177 ක ඉලක්කයක් හඹාගිය රෝයල් චැලේන්ජර්ස් බෙංගලූරු ක්‍රීඩකයෝ, පන්දු 4 ක් ඉතිරිව තිබියදී කඩුලු 6 ක් දැවී ඉලක්කය පසුකර ගියහ. දිනේෂ් කාර්තික් (නොදැවී 28) සහ මහීපාල් ලොම්රර් (නොදැවී 17) එක්ව 7 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 18 කදී ලකුණු 48 ක නොබිඳුණු සම්බන්ධතාවක් ගොඩනගමින් බෙංගලූරු කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියහ. 

අවසන් ඕවර කිහිපයේදී පන්දු 10 කට මුහුණදුන් කාර්තික් හයේ පහර 2 කින් සහ හතරේ පහර 3 කින් සිය ඉනිම සැරසූ අතර පන්දු 8 කදී වාර්තා වූ මහීපාල්ගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 2 ක් ඇතුළත් විය. බෙංගලූරු ජයග්‍රහණය සඳහා මනා අඩිතාලමක් දැමූ ආරම්භක පිතිකරු විරාට් කෝලි පන්දු 49 කින් ලකුණු 77 ක් රැස්කළේ හයේ පහර 2 ක් සහ හතරේ පහර 11 ක් සමගිනි. 

පළමුවෙන් පන්දුවට පහරදුන් පන්ජාබ් කිංග්ස් කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 176 ක් ලබාගත් අතර පන්ජාබ් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ නායක ශිකර් ධවාන් පන්දු 37 කදී හයේ පහරක් සහ හතරේ පහර 5 ක් සමග ලකුණු 45 ක් රැස්කළේය. 

ප්‍රභාසිම්රන් සිං පන්දු 17 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 25 ක්ද, ජිතේෂ් ශර්මා පන්දු 20 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහරක් සමග ලකුණු 27 ක්ද රැස්කළ අතර මොහොමඩ් සිරාජ් සහ ග්ලේන් මැක්ස්වෙල් කඩුලු 2 බැගින් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ. 

 

පන්ජාබ් කිංග්ස් පිල - ඕවර 20 කදී කඩුලු 6 කට 176  
(ශිකර් ධවාන් 45, ප්‍රභාසිම්රන් සිං 25, සෑම් කරන් 23, ජිතේෂ් ශර්මා 27, ශාෂන්ක් සිං නොදැවී 21, මොහොමඩ් සිරාජ් 26/2, ග්ලේන් මැක්ස්වෙල් 29/2) 

රෝයල් චැලේන්ජර්ස් බෙංගලූරු පිල - ඕවර 19.2 කදී කඩුලු 6 කට 178 
(විරාට් කෝලි 77, රජිත් පටීදාර් 18, දිනේෂ් කාර්තික් නොදැවී 28, මහීපාල් ලොම්රර් නොදැවී 17, හර්ප්‍රීත් බ්‍රාර් 13/2, කගිසෝ රබාඩා 23/2) 

-036 


අදහස් (0)

කාර්තික් - මහීපාල් බෙංගලූරු පිල දිනවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.