Last Update  :  2024-04-29 18:03:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ක්‍රෙග් අර්වින් ආපසු එයි
සිම්බාබ්වේ - ශ්‍රී ලංකා තරගාවලිය

ක්‍රෙග් අර්වින් ආපසු එයි

editorial - 2024 ජන මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර ජනවාරි 6 වැනිදා ආරම්භ වන එක්දින තරගාවලියේදී සිම්බාබ්වේ එක්දින කණ්ඩායම මෙහෙයවීම සඳහා ක්‍රෙග් අර්වින් යළි කැඳවා තිබේ. අයර්ලන්තය සහ සිම්බාබ්වේ අතර පසුගිය මාසයේ සිම්බාබ්වේහිදී පැවැති තරගාවලිය අර්වින්ට අහිමි වූයේ ආබාධයක් හේතුවෙනි. අර්වින් විස්සයි-20 සංචිතයටත් ඇතුළත් වන නමුත් පිට දඟ පන්දු යවන්නකු මෙන්ම බලාපොරොත්තු තැබිය හැකි පිතිකරුවකු ද වන සිකන්දර් රාසා සිම්බාබ්වේ විස්සයි-20 කණ්ඩායම මෙහෙයවයි. 

වමත් පිතිකරුවකු වන ක්‍රෙග් අර්වින් මේ දක්වා එක්දින තරග 116 කදී ලකුණු 4325 ක් ලබාගෙන ඇත්තේ ඊට ශතක 4 ක් සහ අර්ධ ශතක 19 ක් ඇතුළත් කරමිනි. නායක සිකන්දර් රාසාගේ විස්සයි-20 තරග වාර්තාව සටහන් වන්නේ තරග 78 කදී අර්ධ ශතක 12 ක් සමගින් ලකුණු 1774 ක් ලෙසිනි. 

ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන එක්දින සහ විස්සයි-20 තරගාවලි සඳහා සිම්බාබ්වේ 15 දෙනෙකුගෙන් යුත් සංචිත දෙකක් නම් කර ඇත. ප්‍රවීණ ක්‍රීඩක ෂෝන් විලියම්ස් පසුගිය මාසයේ මුහුණ දුන් ආබාධයකින් සුවය ලැබීමට අපොහොසත් වීම නිසා ශ්‍රී ලංකා සංචාරයට එක් නොවේ. 

සිම්බාබ්වේ කණ්ඩායම බදාදා (03 වැනිදා) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. 
පළමුවෙන් පැවැත්වෙන එක්දින තරගාවලියේ මුල්ම තරගය ජනවාරි 6 වැනිදා පැවැත්වෙයි. සියලුම තරග කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය. 


සිම්බාබ්වේ එක්දින සංචිතය 
ක්‍රෙග් අර්වින් (නායක), ෆරාස් අක්රම්, රයන් බර්ල්, ජෝයිලෝඞ් ගම්බී, ලූක් ජොන්වේ, තාකුඞ්ස්වනාශේ කයිතානෝ, ටිනාශි කමුනුකම්වේ, ක්ලයිව් මඩාන්ඬේ, වෙලිංටන් මසකඞ්සා, තපීවා මුෆුඩාසා, ටෝනි මුනියොන්ගා, බ්ලෙසිං මුසරබානි, රිචඞ් ගරාවා, සිකන්දර් රාසා සහ මිල්ටන් ෂුම්බා

සිම්බාබ්වේ විස්සයි-20 සංචිතය
සිකන්දර් රාසා (නායක), බ්‍රයන් බෙනට්, රයන් බර්ල්, ක්‍රෙග් අර්වින්, ජෝයිලෝඞ් ගම්බී, ලූක් ජොන්වේ, ටිනාශි කමුනුකම්වේ, ක්ලයිව් මඩාන්ඬේ, වෙලිංටන් මසකඞ්සා, කාල් මම්බා, ටෝනි මුනියොන්ගා, බ්ලෙසිං මුසරබානි, ඒන්ස්ලි න්ලෝව්, රිචඞ් ගරාවා සහ මිල්ටන් ෂුම්බා

- 213


අදහස් (0)

ක්‍රෙග් අර්වින් ආපසු එයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.