Last Update  :  2024-04-28 22:15:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ක්‍රීඩා සමාජ 5 ක් පූර්ණ ජයග්‍රහණ ලබති
මේජර් ලීග් පළමු පෙළ ක්‍රිකට් තරගාවලිය

ක්‍රීඩා සමාජ 5 ක් පූර්ණ ජයග්‍රහණ ලබති

editorial - 2023 නොවැ මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මේජර් ලීග් අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ 10 වැනි සතිය යටතේ ඉකුත් සිකුරාදා (24), සෙනසුරාදා (25) සහ ඉරිදා (26) පැවැති තරගවලදී පූර්ණ ජයග්‍රහණ වාර්තා කිරීමට සී.සී.සී., ද්‍රවිඩ සංගම්, බ්ලූම්ෆීල්ඞ්, එන්.සී.සී. සහ පානදුර යන ක්‍රීඩා සමාජ සමත් විය. 

එම තරගවලදී පිළිවෙළින් රාගම, ඒස් කැපිටල්, බදුරලිය, ගුවන් හමුදා සහ බී.ආර්.සී. යන ක්‍රීඩා සමාජ පරාජයට පත්විය. මුවර්ස් - පොලිස් තරගයත්, එස්.එස්.සී. - මහනුවර රේගු තරගයත්, මීගමුව - කොල්ට්ස් තරගයත්, ගාල්ල - යුද හමුදා තරගයත්, සෙබස්තියනයිට්ස් - හලාවත මේරියන්ස් තරගයත් ජය පැරදුමකින් තොරව නිමාවට පත් විය. 

එහිදී දක්ෂ පිතිහරඹයන්හි නිරත වූ බී.ආර්.සී. ක්‍රීඩා සමාජයේ දුෂාන් හේමන්ත (102 සහ 75) සහ මහනුවර රේගු ක්‍රීඩා සමාජයේ සමීන් කඳනෙයාරච්චි (69 සහ 130) ඉනිම් දෙකේදී ශතකයක් සහ අර්ධ ශතකයක් බැගින් වාර්තා කළහ.  

ඔවුන් දෙදෙනාට අමතරව රාගම ක්‍රීඩා සමාජයේ නිෂාන් මධුෂංක (101), එන්.සී.සී. ක්‍රීඩා සමාජයේ කමිල් මිෂාර (120), එස්.එස්.සී. ක්‍රීඩා සමාජයේ නුවනිඳු ප්‍රනාන්දු (105), යුද හමුදාවේ අසේල ගුණරත්න (112), ගාල්ල ක්‍රීඩා සමාජයේ ඕෂධ ප්‍රානාන්දු (150) සහ ශාලිත ප්‍රනාන්දුද (146) ශතක ලබාගත්හ. 

එම තරගවලදී බදුරලිය ක්‍රීඩා සමාජයේ චානක කොමසාරු, බ්ලූම්ෆීල්ඞ් ක්‍රීඩා සමාජයේ සහන් නානායක්කාර, එන්.සී.සී. ක්‍රීඩා සමාජයේ අෂීන් ඩැනියෙල් සහ පානදුර ක්‍රීඩා සමාජයේ රජීව් වීරසිංහ කඩුලු 10 කට වැඩියෙන් දවාගැනීමට සමත් වූහ. 

එහිදී අෂාන් ප්‍රියන්ජන් සහ සොනාල් දිනූෂ (සී.සී.සී.), වනුජ සහන් සහ රොෂාන් ජයතිස්ස (ඒස් කැපිටල්), ශෂික දුල්ෂාන් (රාගම), රවිඳු ප්‍රනාන්දු (ද්‍රවිඩ සංගම්), ප්‍රවේස් රසූල් (බදුරලිය), මොවින් සුබසිංහ (ගුවන් හමුදා), දුෂාන් හේමන්ත (බී.ආර්.සී.), මාලින්ද පුෂ්පකුමාර (පොලිස්), රමේෂ් මෙන්ඩිස් (මුවර්ස්) සහ කෞමාල් නානානායක්කාර (යුද හමුදා) ඉනිමකදී කඩුලු 5 කට වැඩියෙන් දවාගත්හ. 

තරගාවලියේ අවසන් සතියේ තරග එළඹෙන සිකුරාදා (1), සෙනසුරාදා (2) සහ ඉරිදා (3) යන දිනවලදී පැවැත්වෙන අතර මූලික වටයේ තරග අවසානයේ ‘ඒ’ කාණ්ඩායේ ශූරයන් සහ ‘බී’ කාණ්ඩයේ ශූරයන් අතර දෙසැම්බර් මස 7 වැනිදා සිට 10 වැනිදා දක්වා සිවුදින තරගයක් ලෙස අවසන් මහ තරගය පැවැත්වෙනු ඇත. 


කොළඹ පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී
සී.සී.සී. පිලට කඩුලු 5 ක ජයක් 
රාගම පළමු ඉනිම - සියලු දෙනා දැවී 194
(නිෂාන් මධුෂංක 101, ජනිත් ලියනගේ 47, අවිෂ්ක තරිඳු 26, අෂාන් ප්‍රියන්ජන් 45/5, අසිත ප්‍රනාන්දු 42/3, විෂ්ව ප්‍රනාන්දු 26/2) 
සී.සී.සී. පළමු ඉනිම - සියලු දෙනා දැවී 262
(මිනෝද් භානුක 32, කමිඳු මෙන්ඩිස් 89, අංජල බණ්ඩාර නොදැවී 50, ශෂික දුල්ෂාන් 51/5, සන්තුෂ් ගුණතිලක 25/2, සංජුල බණ්ඩාර 58/2) 
රාගම දෙවැනි ඉනිම - සියලු දෙනා දැවී 171 
(සමින්ද ප්‍රනාන්දු 35, සන්තුෂ් ගුණතිලක නොදැවී 80, සොනාල් දිනූෂ 36/6, අසිත ප්‍රනාන්දු 54/2) 
සී.සී.සී. දෙවැනි ඉනිම - කඩුලු 5 ක් දැවී 105 
(අෂාන් ප්‍රියංජන් නොදැවී 32, ශෂික දුල්ෂාන් 52/4) 

 

කටුනායක නිදහස් වෙළෙඳ කළාප ක්‍රීඩාංගණයේදී 
ද්‍රවිඩ සංගම් පිලට ලකුණු 148 ක ජයක් 
ද්‍රවිඩ සංගම් පළමු ඉනිම - සියලු දෙනා දැවී 124
(නවෝද් පරණවිතාන 25, ධනංජය ද සිල්වා නොදැවී 55, වනුජ සහන් 58/6, රොෂාන් ජයතිස්ස 58/4) 
ඒස් කැපිටල් පළමු ඉනිම - සියලු දෙනා දැවී 112 
(කවිඳු ආමන්ත 20, ශිරාන් ප්‍රනාන්දු 29/4, නවෝද් පරණවිතාන 03/2, විජයකාන්ත් වියස්කාන්ත් 06/2) 
ද්‍රවිඩ සංගම් දෙවැනි ඉනිම - සියලු දෙනා දැවී 251
(නවෝද් පරණවිතාන 40, සිතාර හපුහින්න 26, ධනංජය ද සිල්වා 87, දිලුම් සුදීර 31, විජයකාන්ත් වියස්කාන්ත් නොදැවී 22, රොෂාන් ජයතිස්ස 96/5, වනුජ සහන් 90/3) 
ඒස් කැපිටල් දෙවැනි ඉනිම - සියලු දෙනා දැවී 115 
(රවිඳු රත්නායක 28, කවිඳු ආමන්ත 34, රවිඳු ප්‍රනාන්දු 26/6, දිලුම් සුදීර 17/2) 


මග්ගොන සරේ ක්‍රීඩාංගණයේදී 
බ්ලූම්ෆීල්ඞ් පිලට ලකුණු 22 ක ජයක් 
බ්ලූම්ෆීල්ඞ් පළමු ඉනිම - සියලු දෙනා දැවී 120
(හස්නේන් බොඛාරි 59, ප්‍රවේස් රසූල් 43/6, චානක කොමසාරු 66/3) 
බදුරලිය පළමු ඉනිම - සියලු දෙනා දැවී 122 
(ප්‍රවේස් රසූල් 24, මදුරංග සොයිසා නොදැවී 46, රොහාන් සංජය 30, සහන් නායානයක්කාර 51/6, ජෙෆ්රි වැන්ඩසේ 20/2, අසිත වන්නිනායක 27/2) 
බ්ලූම්ෆීල්ඞ් දෙවැනි ඉනිම - සියලු දෙනා දැවී 240 
(නිපුන් කරුණානායක 70, හස්නේන් බොඛාරි 17, ළහිරු මධුෂංක 56, මිනෙත් ප්‍රේමරත්න 33, චානක කොමසාරු 96/8, ප්‍රවේස් රසූල් 125/2) 
බදුරලිය දෙවැනි ඉනිම - සියලු දෙනා දැවී 216 
(ප්‍රවේස් රසූල් 71, අයන සිරිවර්ධන 60, රොහාන් සංජය 42, සහන් නානායක්කාර 73/5, හස්නේන් බොඛාරී 26/2, අසිත වන්නිනායක 57/2)   


කටුනායක ගුවන් හමුදා ක්‍රීඩාංගණයේදී 
එන්.සී.සී. පිලට කඩුලු 4 ක ජයක් 
ගුවන් හමුදා පළමු ඉනිම - සියලු දෙනා දැවී 153
(රොස්කො තටීල් 63, මොවින් සුබසිංහ 21, මධුෂංක ප්‍රේමරත්න 23, අෂීන් ඩැනියෙල් 51/5, ලසිත් ඇඹුල්දෙණිය 72/4) 
එන්.සී.සී. පළමු ඉනිම - සියලු දෙනා දැවී 282 
(ළහිරු උදාර 53, කමිල් මිෂාර 120, සහන් ආරච්චිගේ 29, මොවින් සුබසිංහ 68/4, රොස්කො තටීල් 34/2, චතුර රන්දුනු 79/2) 
ගුවන් හමුදා දෙවැනි ඉනිම - සියලු දෙනා දැවී 218 
(කෙමිර විජේනායක නොදැවී 85, මොවින් සුබසිංහ 31, අෂීන් ඩැනියෙල් 73/7, ලසිත් ඇඹුල්දෙණිය 80/2) 
එන්.සී.සී. දෙවැනි ඉනිම - කඩුලු 6 ක් දැවී 90  
(ළහිරු උදාර 46, මධුෂංක ප්‍රේමරත්න 14/3, මොවින් සුබසිංහ 65/3) 


කොළඹ බී.ආර්.සී. ක්‍රීඩාංගණයේදී 
පානදුර පිලට කඩුලු 2 ක ජයක් 
බී.ආර්.සී. පළමු ඉනිම - සියලු දෙනා දැවී 369
(අභිෂේක් රාමන් 35, රිසිර වීරසූරිය 35, දුෂාන් හේමන්ත 102, දුලාෂ් උදයංග 51, ලක්ෂාන් ගමගේ 22, නිම්නද මධුෂංක 28, දුවිඳු තිලකරත්න 34, මොහොමඞ් සිරාස් නොදැවී 29, රජීව් වීරසිංහ 92/5, විෂ්ව ළහිරු 68/2) 
පානදුර පළමු ඉනිම - සියලු දෙනා දැවී 217
(රිෂික දෙවැටගේ 35, පවන් ද සිල්වා 21, රොෂාන් විජේනායක 55, ඉන්දික ද සේරම් 35, දුෂාන් හේමන්ත 55/5, මොහොමඞ් සිරාස් 38/2) 
බී.ආර්.සී. දෙවැනි ඉනිම - සියලු දෙනා දැවී 133 
(දුෂාන් හේමන්ත 75, ලක්ෂාන් ගමගේ 26, රජීව වීරසිංහ 69/5, නිමේෂ් විමුක්ති 43/3) 
පානදුර දෙවැනි ඉනිම - කඩුලු 8 ක් දැවී 286 
(පවන් ද සිල්වා 26, සාරංග රාජගුරු 58, ඉන්දික ද සේරම් 62, රමින්ද විජේසූරිය 75, විෂ්ව ළහිරු නොදැවී 31, උමෙෂ්ක මොරාස් 75/3, මොහොමඞ් සිරාස් 63/2, දුෂාන් හේමන්ත 87/2) 


කොළඹ මුවර්ස් ක්‍රීඩාංගණයේදී 
මුවර්ස් - පොලිස් තරගය විසඳුමකින් තොරයි
මුවර්ස් පළමු ඉනිම - සියලු දෙනා දැවී 154 
(ජනිෂ්ක පෙරේරා 52, සොහාන් ද ලිවේරා 49, ප්‍රවීන් ජයවික්‍රම 34, මාලින්ද පුෂ්පකුමාර 68/5, නලින් ප්‍රියදර්ෂන 50/2) 
පොලිස් පළමු ඉනිම - සියලු දෙනා දැවී 265 
(කුසල් පෙරේරා 34, ජිතනේෂ් ඛේරා 75, ප්‍රියමාල් පෙරේරා 78, දනාල් හේමානන්ද 35, රමේෂ් මෙන්ඩිස් 80/7, මිලාන් රත්නායක 48/2)  
මුවර්ස් දෙවැනි ඉනිම - සියලු දෙනා දැවී 232 
(ඉම්තියාස් සල්සා 30, සොහාන් ද ලිවේරා 40, පසිඳු සූරියබණ්ඩාර 25, කවිඳු කුලසේකර 23, මිලාන් රත්නායක නොදැවී 36, ප්‍රවීන් ජයවික්‍රම 22, නලින් ප්‍රියදර්ෂන 65/3, මාලින්ද පුෂ්පකුමාර 93/3) 
පොලිස් දෙවැනි ඉනිම - කඩුලු 7 ක් දැවී 63
(ධනුජ ඉඳුවර 26, තීසාන් විතුෂාන් 09/4, ළහිරු සමරකෝන් 09/2) රමේෂ් 1


කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී 
එස්.එස්.සී. - මහනුවර රේගු තරගය විසඳුමකින් තොරයි
එස්.එස්.සී. පළමු ඉනිම - සියලු දෙනා දැවී 454
(අවිෂ්ක ප්‍රනාන්දු 27, ෂෙවොන් ඩැනියෙල් 21, කුසල් මෙන්ඩිස් 45, නුවනිඳු ප්‍රනාන්දු 105, දසුන් ශානක 96, මනෝජ් සරත්චන්ද්‍ර 54, චමිඳු වික්‍රමසිංහ 23, ලක්ෂිත මනසිංහ 20, නිසල තාරක නොදැවී 54, ගයාන් සිරිසෝම 129/4, බුද්දික සංජීව 106/3) 
මහනුවර රේගු පළමු ඉනිම - සියලු දෙනා දැවී 312 
(ඉමාල් ලියනගේ 69, දේෂාන් ඩයස් 22, සමීන් කඳනෙයාරච්චි 69, සහන් කෝසල 40, ඉමේෂ් උදයංග 38, නිම්නක ජයතිලක 107/4, නිසල තාරක 34/3) 
එස්.එස්.සී. දෙවැනි ඉනිම - කඩුලු 5 ක් දැවී 285 
(අවිෂ්ක ප්‍රනාන්දු 30, සදිෂ රාජපක්ෂ 90, ලක්ෂිත මනසිංහ 32, නුවනිඳු ප්‍රනාන්දු නොදැවී 57, දසුන් ශානක 67, මිතුම් ජයවික්‍රම 55/2, ගයාන් සිරිසෝම 62/2) 
මහනුවර රේගු දෙවැනි ඉනිම - කඩුලු 5 ක් දැවී 304
(ඉමාල් ලියනගේ 32, දේෂාන් ඩයස් 66, සමීන් සමීන් කඳනෙයාරච්චි 130, සහන් කෝසල 22, මිතුන් ජයවික්‍රම නොදැවී 37) 


කොළඹ කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදී 
මීගමුව - කොල්ට්ස් තරගය විසඳුමකින් තොරයි
මීගමුව පළමු ඉනිම - සියලු දෙනා දැවී 147
(ජතින් සක්සේනා 80, මාදව වර්ණපුර 19, උදිත් මධුෂාන් 24/4, අකිල ධනංජය 20/3, කවිෂ්ක අංජුල 41/2)
කොල්ට්ස් පළමු ඉනිම - සියලු දෙනා දැවී 220
(සංගීත් කුරේ 71, රවිඳු රෂාන්ත 44, අකිල ධනංජය 33, උපුල් ඉන්ද්‍රසිරි 46/4, නිෂාන් පීරිස් 89/3)
මීගමුව දෙවැනි ඉනිම - කඩුලු 8 ක් දැවී 261 
(අෂේන් සිල්වා 43, පසිඳු ලක්ෂංක 32, හිමාෂ ලියනගේ 42, ධනුෂ්ක සඳරුවන් 37, ඇංජලෝ ජයසිංහ 38, මාධව වර්නපුර නොදැවී 20, අකිල ධනංජය 117/4, සංගීත් කුරේ 22/2, ශ්‍යාම්සුන්දර් ක්‍රිෂ්ණශ්‍රීරාම් 34/2) 
කොල්ට්ස් දෙවැනි ඉනිම - කඩුලු 9 ක් දැවී 79 
(නිෂාන් පීරිස් 25/4, ධනුෂ්ක සඳරුවන් 21/3, උපුල් ඉන්ද්‍රසිරි 12/2) 


ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී 
ගාල්ල - යුද හමුදා තරගය විසඳුමකින් තොරයි
ගාල්ල පළමු ඉනිම - සියලු දෙනා දැවී 408 
(ඕෂධ ප්‍රානාන්දු 150, ශාලිත ප්‍රනාන්දු 146, තරින්ද ගුරුගේ 25, කෞමාල් නානායක්කාර 136/5, සුමින්ද ලක්ෂාන් 55/2, හේෂාන් හෙට්ටිආරච්චි 79/2)
යුද හමුදා පළමු ඉනිම - කඩුලු 7 ක් දැවී 364 
(ෂෙහාන් ප්‍රනාන්දු 45, අෂාන් රන්දික 33, ලක්ෂාන් එදිරිසිංහ 87, අසේල ගුණරත්න 112, සුමින්ද ලක්ෂාන් නොදැවී 48, සචිත්‍ර පෙරේරා 106/4, උමේග චතුරංග 67/2) 


මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේදී 
සෙබස්තියනයිට්ස් - මේරියන්ස් තරගය විසඳුමකින් තොරයි 
සෙබස්තියනයිට්ස් පළමු ඉනිම - කඩුලු 8 ක් දැවී 342
(ලොහාන් ද සොයිසා 65, අදීෂ නානායක්කාර 29, දුෂාන් විමුක්ති 73, ප්‍රමෝද් මධුවන්ත නොදැවී 74, සචිත ජයතිලක 66, අවිඳු තීක්ෂණ 91/3, චමෝද් සඳරු 01/2, ලසිත් ලක්ෂාන් 60/2) 
හලාවත මේරියන්ස් පළමු ඉනිම - කඩුලු 4 ක් දැවී 223 
(රමේස් නිමන්ත 39, ලසිත් ලක්ෂාන් 30, කසුන් විඳුර 72, නිනාද් කාදම් 56, මොහොමඞ් ඩිල්ෂාඞ් 34/2, චාමිකර එදිරිසිංහ 52/2) 


අදහස් (0)

ක්‍රීඩා සමාජ 5 ක් පූර්ණ ජයග්‍රහණ ලබති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.