Last Update  :  2024-05-04 10:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ක්‍රීඩා ඇමති ගැසට් නිවේදනයට අතුරු නියෝගයක්

ක්‍රීඩා ඇමති ගැසට් නිවේදනයට අතුරු නියෝගයක්

editorial - 2023 අගෝ මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(මනෝප්‍රිය ගුණසේකර සහ රන්ජන් කටුගම්පොළ)

ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා සංගමයේ (පාලක මණ්ඩලයේ) ක්‍රියාකාරීත්වය අත්හිටුවමින් ක්‍රීඩා අමාත්‍යවරයා විසින් නිකුත් කරන ලද ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය අතුරු නියෝගයක් නිකුත් කර තිබේ.

කිසිම හේතූ දැක්වීමකින් තොරව, ක්‍රීිඩා අමාත්‍යවරයා විසින් නිකුත් කරන ලද මෙම ගැසට් නිවේදනය හේතූවෙන් තමන්ට විශාල අසාධාරණයක් වී ඇතැයි කියමින් සදර්න් මෝටර් ස්පෝර්ට් කල්බ් ඇතුළු ක්‍රීඩා සමාජ 09ක් විසින් ගොනු කරන ලද පෙත්සමක් සළකා බැලු අභියාචනාධිකරණය දින 14 ක කාලයක් සඳහා බලපැවැත්වෙන අන්දමට මෙම අතුරු නියෝගය නිකුත් කළේය.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්ධුල කරුණාරත්න සහ එම්. ඒ. ආර්. මරික්කාර් යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් විනිසුරු මඩුල්ලක් විසින් මෙම අතුරු නියෝගය නිකුත් කරන ලදි.

සදර්න් මෝටර් ස්පෝර්ට්ස් කල්බ් ඇතුලු ක්‍රීඩා සමාජ 09ක් විසින් ගොනු කර තිබූ පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාත්, ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම්වරයා, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමෙන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් ෂෙමාල් ප්‍රනාන්දු සහ එහි සාමාජිකයින් 05 දෙනා ඇතුළු 08 දෙනෙකු නම් කරනු ලැබ තිබිණ.

ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා සංගමයේ (පාලක මණ්ඩලයේ) ක්‍රියාකාරීත්වය අත්හිටුවමින් ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කොට ඇතැයි සඳහන් කරන පෙත්සම්කරුවෝ කිසිම හේතූ දැක්වීමකින් තොරව ක්‍රීිඩා අමාත්‍යවරයා විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කොට ඇතැයිද සඳහන් කරති.

ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා සංගමයේ පාලක මණ්ඩලයේ ක්‍රියාකාරීත්වය අත්හිටුවමින් නිකුත් කළ මෙම ගැසට් නිවේදනය හේතූවෙන් තමන්ට විශාල අසාධාරණයක් වී ඇතැයි සඳහන් කරන පෙත්සම්කරුවෝ ක්‍රීඩා අමාත්‍යවරයා විසින් නිකුත් කළ ගැසට් නිවේදනය බල රහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන්නැයිද ඉල්ලා සිටියහ.
ඉදිරිපත් වු කරුණු සළකා බැලීමෙන් අනතුරුව දින 14ක කාලයක් සඳහා බලපැවැත්වෙන අන්දමට අතුරු නියෝගය නිකුත් කර තිබේ.

පෙත්සම්කරුවන් වෙනුවෙන් නීතීඥ සංව කළුආරච්චි මහතාගේ උපදෙස් පරිදි නීතීඥ තිළිණී විදානගමගේ මෙනවිය සමඟ නීතීඥ ශාන්ත ජයවර්ධන මහතා පෙනී සිටියහ.

 


අදහස් (0)

ක්‍රීඩා ඇමති ගැසට් නිවේදනයට අතුරු නියෝගයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.