Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ක්‍රීඩා අරමුදලට මිලියන 100ක්

ක්‍රීඩා අරමුදලට මිලියන 100ක්

editorial - 2022 ජුනි මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ජාතික ක්‍රීඩා අරමුදලට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය රුපියල් මිලියන 100ක මුදලක් ලබාදීමට කටයුතු කර තිබේ.

මෙරට ඖෂධ මිල දී ගැනීම් සඳහා ඩොලර් මිලියන දෙකක් ද එළඹෙන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකා සහභාගීත්වයේ වියදම් සඳහා තවත් රුපියල් මිලියන 22ක මුදලක් ද පරිත්‍යාග කිරීමට අමතරව ක්‍රිකට් ආයතනය මෙම රුපියල් මිලියන 100ක මුදල රජයේ ක්‍රීඩා අරමුදලට පරිත්‍යාග කළේ සිය ඉල්ලීම්වලට කන්දෙමින් බව ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතා පවසයි.

මේ අතර ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පිලේ වත්මන් ශ්‍රී ලංකා තරග සංචාරය තුළින් ශ්‍රී ලංකාවට රුපියල් මිලියන 1000ක ආදායමක් ලැබෙන බව පෙන්වා දෙන ඇමැතිවරයා රටේ ආර්ථිකය නැංවීමට මේ වනවිට මෙරට ක්‍රිකට් ක්‍රීඩාව තීරණාත්මක සාධකයක් වී තිබෙන බවද පැවසීය.

ක්‍රීඩා ඇමැතිවරයා මෙම අදහස් පළ කළේ මහනුවරදී දළදා වහන්සේ වැඳපුදා ගැනීමට පැමිණීමෙන් අනතුරුවය.

“ළඟ එන එල්.පී.එල්. තරගාවලිය සඳහා රජයේ මුදල් වැය වෙන බවට සමාජය තුළ සමහරු වැරදි මත පතුරනවා. මේ තරගාවලියට විදේශීය ක්‍රීඩකයන් පිරිසකකුත් සහභාගි වෙනවා.

නමුත් ඇත්ත කාරණය එල්.පී.එල්. තරගාවලියට වියදම් කරන්නේ ඒ කණ්ඩායම් බාර අනුග්‍රාහකයන් හා තරගාවලියට මැදිහත්වීම් කරන ආයතන විසිනුයි. මහනුවරදී ක්‍රීඩා ඇමැතිවරයා වැඩිදුරටත් පැවසීය.

 


අදහස් (0)

ක්‍රීඩා අරමුදලට මිලියන 100ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.