
ටෝකියෝ ඔලිම්පික් තරගාවලියේ තුන් පිම්ම පිරිමි ඉසව්වේ ලෝකඩ පදක්කම පෝලන්තයට හිමිවිය. පෝලන්තය සඳහා නව ජාතික වාර්තාවක් පිහිටුවමින් මීටර 17.98 ක දුරක් පනිමින් පෙඩ්රෝ පිකාඩෝ ඔලිම්පික් රන් පදක්කම දිනාගත්තේය.
මීටර 17.57 ක් පනිමින් චීනයේ සූ යැමින් රිදී පදක්කම දිනාගත් අතර බර්කිනා ෆාසෝ රාජ්‍යයේ හියුස් සැන්ගෝ (මීටර 17.47) ලෝකඩ පදක්කම දිනාගත්තේය. මෙම පදක්කම බර්කිනා ෆාසෝ හි පළමු වැනි ඔලිම්පික් පදක්කමයි.
මෙම ඉසව්වේ දෙවරක්ම ඔලිම්පික් රන් පදක්කම දිනාගත් ඇමරිකානු ක්‍රීඩක ක්‍රිස්ටියන් ටේලර්ගේ පාදයේ විළුඹ පිටුපස කණ්ඩරාව බිඳී යාම හේතුවෙන් ඔහුට මෙවර ඔලිම්පික් උළෙලේදී තමන්ගේ පදක්කම වෙනුවෙන් තරග කළ නොහැකි විය. ටෝකියෝවේදී රන් පදක්කම දිනාගත් පෙඩ්රෝ පිකාඩෝගේ දස්කම මීටර 17.98 ක් වූවත් ක්‍රිස්ටියන් ටේලර්ගේ හොඳම දස්කම වන්නේ මීටර 18.21 කි. එය දෙවැනි වන්නේ බි්‍රතාන්‍යයේ ජොනතන් එඩ්වඩ්ස් සතු ලෝක වාර්තාව වන මීටර 18.29 ට පමණි.
ක්‍රිස්ටියන් තුන් පිම්ම ඉසව්වෙන් ලෝක ශූරතා 4 ක් දිනාගත් ක්‍රීඩකයෙකි.
- 213

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.