Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(දමින්ද විජේසූරිය)
මාස ගණනක සිටම තාවකාලික පැලැස්තර අලවමින් තිබෙන ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණු තනතුර සඳහා එංගලන්ත ජාතික ක්‍රිස් සිල්වර්වුඩ් මහතා පත්කරනු ඇතැයි ඉතාමත් විශ්වාසකටයුතු ආරංචි මාර්ග වලින් දැනගන්නට ඇත. ඒ මහතාගේ පත්කිරීම මාර්තු මාසය අවසන් වීමට පෙර සිදුවනු ඇතැයිද දැනගන්නට ඇත.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ස්ථාවරව යමක් ප්‍රකාශ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරීහු මහත් මැළිකමක් දක්වති. ඔවුන්ගේ මතය වන්නේ ගිවිසුම් අත්සන් කිරීමට පෙර එවන් යමක් ප්‍රකාශයට පත්කිරීම මගින් අදාළ පුහුණුකරුවා ආපසු හැරී යනු ඇති බවයි.
ශ්‍රී ලංකා කණ්ඩායමට මේ දක්වා පුහුණුකරුවකු තෝරාගැනීමට නොහැකි වූයේ පුහුණුකරුවා තෝරාගැනීමට පත්කරන ලද කමිටුවේ නිර්දේශය වූ නවීඩ් නවාස් මහතාට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව අකමැති වූ බැවිනි.
ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු තනතුර සඳහා පසුගිය දෙසැම්බරයේදී අන්තර්ජාලයේ දැන්වීම් පළකරන ලදි. පසුගිය නොවැම්බරයේදී මිකී ආතර් මහතාගේ ඉවත්වීමෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුර බාරගැනීම සඳහා අයැදුම්පත් 40 කට වැඩි සංඛ්‍යාවක් ඉදිරිපත් වී තිබිණ. දේශීය සහ විදේශීය පුහුණුකරුවන් ඒ සඳහා අයැදුම්පත් යොමුකළ අතර අයැදුම්පත් බාරගැනීම අවසන් වූයේ දෙසැම්බර් 14 වැනිදාය.
එහෙත් අයැදුම්කර සිටි ජ්‍යෙෂ්ඨ පුහුණුකරුවෝ කිහිප දෙනකුම අවසන් මොහොතේදි ඉවත් වූ අතර ප්‍රවීණ පුහුණුකරුවකු වන ග්‍රැහැම් ෆෝඩ් මහතා ද ඒ අතර සිටී. එතැන් සිට තරගාවලි තුනක් නිමාවට පත්වූ නමුත් ශ්‍රී ලංකා කණ්ඩායමට පුහුණුකරුවකු තෝරාගත නොහැකි විය.
ක්‍රිස් සිල්වර්වුඩ් මහතා 2019 සිටම එංගලන්ත ජාතික කණ්ඩායමේ පුහුණුකරුවා වී සිටියේය. එහෙත් පසුගිය ජනවාරි මාසයේදී නිමාවූ අළු බඳුන තරගාවලියේදී එංගලන්තය ලද 4-0 ක තරගාවලි පරාජයෙන් පසුව සිල්වර්වුඩ් මහතා එංගලන්ත කණ්ඩායමෙන් නෙරපා හරින ලදි.
සිල්වර්වුඩ් මහතා පුහුණුකරු වශයෙන් සිටියදී එංගලන්ත කණ්ඩායම පසුගිය වසරේදී සහභාගි වූ ටෙස්ට් තරග 15 කින් 9 ක් පරාජය විය. ඒ බොහෝ අවස්ථාවල සිදුවූයේ එංගලන්ත පිතිකරු බලඇණියම එකතැන කඩා වැටීමයි.
කෙසේ වෙතත් 47 හැවිරිදි වියේ සිටින සිල්වර්වුඩ් මහතා තරුණ ක්‍රීඩකයන් සමගින් කණ්ඩායමක් ගොඩනැංවීමට සමත් පුහුණුකරුවකු ලෙසින් නමක් දිනා සිටින්නෙකි.
මිකී ආතර් මහතාගේ කාලයේදී ඔහු ඉතා සාර්ථකව එය කළේය. දිගින් දිගටම පරාජය වෙමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම පසුගිය වසරේදී පැවැති විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේ සිට හිස ඔසවන ආකාරයක් පෙනෙන්නට තිබිණ. එංගලන්තයේ ඩාර්බිෂයර් ප්‍රාන්තයේ ක්‍රිකට් අධ්‍යක්‍ෂකවරයා ලෙසින් පත්වීම බාරගැනීමට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග තිබූ ගිවිසුම අලුත්කරගැනීමට මිකී ආතර් මහතා අපේක්‍ෂාවෙන් සිටි නමුත් ආතර් මහතාගේ කාලය දිගු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එකඟ නොවීය.
සිල්වර්වුඩ් මහතාගේ එංගලන්ත කණ්ඩායම ජයගත් අවසන් ටෙස්ට් තරගාවලිය වූයේ 2021 ජනවාරි මාසයේදී ශ්‍රී ලංකාවේදී පැවැති ටෙස්ට් තරගාවලියයි. ගාල්ලේදී පැවැති එම තරගාවලියේදී 2-0 ක් ජයක් එංගලන්ත පිලට හිමිවිය. එතැන් සිට එංගලන්ත කණ්ඩායම ඉන්දියාව (දෙවරක්), නවසීලන්තය සහ ඕස්ට්‍රේලියාව සමගින් තරගාවලි 4 කට සහභාගි වූ නමුත් ඒ තරගාවලි එකකදී හෝ ජයගත නොහැකි විය.
එංගලන්ත පිලේ සිටි පන්දු යවන්නන්ගේ පුහුණුකරුවා වූ සිල්වර්වුඩ් මහතා 2019 දී ලෝක කුසලාන දිනාගත් එංගලන්ත පිලේ පුහුණුකරු ට්‍රෙවර් බේලිස් මහතා ඉවත්වීමෙන් පසුව එම ස්ථානයට පත්විය.
ශ්‍රී ලංකා කණ්ඩායම මේ වසරේදී බංග්ලාදේශයට, ඕස්ට්‍රේලියාවට සහ පාකිස්තානයට එරෙහිව ටෙස්ට් තරගාවලි 3 කට සහභාගි වීමට නියමිතය. ඊට අමතරව විස්සයි-20 තරගාවලි කිහිපයක් සහ එක්දින තරගාවලි කිහිපයකට අමතරව ආසියානු කුසලාන තරගාවලියට සහ විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියටද සහභාගි වීමට නියමිතය.
මෙම තරගාවලි සියල්ලම මේ වන විටත් ස්ථිර වී තිබෙන තරගාවලි වෙයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.