Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ක්‍රිකට් විකාශන සමාගම් සමග එක්ව කටයුතු කරමින්, වසර 22 ක සාර්ථක වාර්තාවක් හිමි වින්ෆීල්ඞ් ස්පෝට්ස් සමාගම විසින් යථාරූපී ත්‍රිමාණ (සැබවින්ම ඇතැයි පෙනන නමුත් භෞතිකව නොපවතින) සන්නාම ප්‍රදර්ශනය සඳහා නවතම ක්‍රමවේදයක් හඳුන්වා දෙනු ලැබ තිබේ. මෙම ක්‍රමවේදය භාවිතා කිරීමෙන් අන්තර්ජාතික ක්‍රිකට් තරගයක වටිනාකම තවත් ඉහළට ගෙන ගොස් තිබේ.
2018 නිදහස් කුසලාන තරගාවලියේදී අත්හදා බලන ලද මෙම නව තාක්‍ෂණය නිමාවූ ඉන්දු - ශ්‍රී ලංකා තරගාවලියේදී සාර්ථක ලෙසින් භාවිතා කෙරිණ. වසර 2018 ජූනි මාසයේදී පැවැති බංග්ලාදේශ - ඇෆ්ඝනිස්තානු තරගාවලියේදීත්, පසුව 2018 කාන්තා ලෝක කුසලාන තරගාවලියේදීත් මෙම තාක්‍ෂණය අත්හදා බලන ලදි.
අන්තර්ජාතික තරගාවලියකදී මෙම දැන්වීම් ක්‍රමවේදය ස්ථාවර ලෙසින් යොදාගන්නා ලද්දේ නිමාවූ ඉන්දු - ශ්‍රී ලංකා තරගාවලියේදීය. එහි සාර්ථකත්වය නිසාම මේ වසරේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වෙන විස්සයි-20 ලෝක කුසලාන සුදුසුකම් තේරීමේ තරගාවලියේ යථාරූපී ත්‍රිමාණ තාක්‍ෂණයේ සැපයුම්කරුවන් වශයෙන් වින්ෆීඞ්ල්ඞ් ස්පෝට්ස් සමාගම තෝරාගනු ලැබ ඇත. එය අන්තර්ජාතික ක්‍රිකට් සභාව සමගින් කටයුතු කිරීමට ශ්‍රී ලංකාවේ සමාගමක් ලද පළමු අවස්ථාවයි.
මෙවන් ක්‍රමවේදයක් නිර්මාණය කිරීම සඳහා වසර හයක් පුරා වෙහෙසීමට තාක්‍ෂණික ඉංජිනේරුවන්ට සිදුවිය. යථාරූපී ත්‍රිමාණ තාක්‍ෂණය ඔවුන්ගේ වෑයම සාර්ථක වීමකි.
මෙහි විශේෂත්වය වන්නේ ක්‍රීඩාංගණයේ තණකොළ මත, වර්ණ තීන්ත යොදාගනිමින් සන්නාම ඇඳීමෙන් තොරව, එහෙත් එවන් සන්නාම සැබවින්ම ඇතැයි පෙනන ආකාරය රූපවාහිනී තිරයේ දිස්වීමයි. මේ ආකාරයට සන්නාම කිහිපයක් භාවිතා කිරීමට හැකිවීම හේතුවෙන් එහි ඵලදායීතාව ඉහළ යයි. එමගින් සලකුණු කිසිවක් ඉතිරි නොවන අතර තණකොළ වලට කිසිදු හානියක් ද නොකෙරේ. ඒ වෙනුවෙන් යොදාගනු ලබන පරිසරය සුරක්‍ෂිතය.
අනෙක් අතට සියලුම කාලගුණික තත්ත්වයන් යටතේ එහි උපරිම ප්‍රතිලාභ ලබාගත හැකි අතරම ක්‍රීඩකයන් දැන්වීම් පුවරුවල හැපී තුවාල වීමේ අනතුරක්ද නැත. එහෙත් එමගින් කිසියම් තරගාවලියක අයිතිවාසිකම් දිනාගන්නා සමාගමකට සන්නාම කිහිපයක් භාවිතා කිරීමේ අවස්ථාවත්, එය කලාපීය වශයෙන් බෙදා වෙන්කිරීමේ හැකියාවත් නිසා ක්‍රිකට් තරගයක වටිනාකම තවත් ඉහළට ගෙනයනු ඇත.
මෙම යථාරූපී ත්‍රිමාණ තාක්‍ෂණය ක්‍රිකට් ක්‍රීඩාවට පමණක් නොව, වෙනත් ඕනෑම ක්‍රීඩාවකට හෝ සජීවී නැතහොත් පටිගත කරන ලද විකාශයක් යොදාගැනෙන වෙනත් ඕනෑම අවස්ථාවකට භාවිතා කළ හැකිය.
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.