Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(රොෂාන් ගුණරත්න)
කවිශ්ක අංජුලගේ (75) පිතිහරඹයත්, පන්දු යවන්නන්ගේ දක්ෂතාවයත් හේතුවෙන් රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ඊයේ (4 වැනිදා) පැවැති නැෂනල් සුපර් ලීග් තරගාවලියේ 12 වැනි තරගය ලකුණු 44 කින් ජය ගැනීමට ගාල්ල පිල සමත්විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 226 ක ඉලක්කයක් හඹාගිය කොළඹ පිලට ඕවර 45.5 කදී සියලුදෙනා දැව රැස්කිරීමට හැකිවූයේ ලකුණු 181 ක් පමණි.
දිමුත් කරුණාරත්න පන්දු 58 කදී හතරේ පහර 6 ක් සමගින් ලකුණු 42 ක් සහ ළහිරු මදුශංක පන්දු 56 කදී හතරේ පහර 6 ක් සමගින් ලකුණු 43 ක් ලබාගත්තද සෙසු පිතිකරුවන්ගේ දුර්වල පිතිහරඹය හේතුවෙන් කොළඹ පිල පරාජයෙන් ගලවා ගැනීමට අපොහොසත් වූහ.
චලන ද සිල්වා ලකුණු 27 කට කඩුලු 3 ක් සහ ප්‍රියමාල් පෙරේරා ලකුණු 9 කට කඩුලු 2 ක් දවාගනිමින් ගාල්ල පිල ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත්වූහ.
කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ගාල්ල පිල ඕවර 49.1 කදී සියලුදෙනා දැවී ලකුණු 225 ක් ලබාගැනීමට සමත්විය.
ලකුණු 103 කට කඩුලු 8 ක් අහිමිව තිබියදී අවසන් පිතිකරුවන් තිදෙනා එක්ව ගාල්ල පිලේ ලකුණු සංඛ්‍යාව 225 දක්වා රැගෙන යාමට සමත්වූහ. එහිදී සුවිශේෂි පිතිහරඹයක නිරත වූ කවිශ්ක අංජුල පන්දු 73 කදී හයේ පහරක් සහ හතරේ පහර 9 ක් සමගින් ලකුණු 75 ක් රැස්කිරීමට සමත්විය. අංජුලට අනගි සහයක් ලබාදුන් අකිල ධනංජය පන්දු 26 කදී හතරේ පහර 2 ක් සමගින් ලකුණු 26 ක් සහ චලක ද සිල්වා පන්දු 30 කදී හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමගින් නොදැවී ලකුණු 27 ක් ලබාගැනීමට සමත්වූහ.
අකිල ධනංජය සමගින් 9 වැනි කඩුල්ල සඳහා පන්දු 54 කදී ලකුණු 58 ක සම්බන්ධතාවක් ගොඩනැගූ කවිශ්ක අංජුල ඉන් නොනැවතී අවසන් කඩුල්ල සඳහා චලන ද සිල්වා සමගින් එක්ව පන්දු 65 කදී තවත් ලකුණු 64 ක සම්බන්ධතාවක් ගොඩනැගීය.
ළහිරු මදුශංක, කළණ පෙරේරා, හිමේෂ් රාමනායක සහ තරිඳු රත්නායක කඩුලු 2 බැගින් දවාගැනීමට සමත්වූහ.
ගාල්ල - ඕවර 49.1 කදී සියලුදෙනා දැවී 225
(මොහොමඞ් ශමාස් 20, ජෙහාන් ඩැනියල් 20, කවිශ්ක අංජුල 75, අකිල ධනංජය 22, චලන ද සිල්වා නොදැවී 27, ළහිරු මදුශංක 18/2, කළණ පෙරේරා 46/2, හිමේෂ් රාමනායක 51/2, තරිඳු රත්නායක 64/2)
කොළඹ - ඕවර 45.5 කදී සියලුදෙනා දැවී 181
(දිමුත් කරුණාරත්න 42, නිපුන් ධනංජය 26, ළහිරු මදුශංක 43, චලන ද සිල්වා 27/3, ප්‍රියමාල් පෙරේරා 9/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.