Last Update  :  2024-04-28 22:15:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story කවානිට අර්ධ අවසන් පූර්ව තරගය අහිමි වෙයි

කවානිට අර්ධ අවසන් පූර්ව තරගය අහිමි වෙයි

සංජය එරමුදුගොඩ - 2018 ජුලි මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

උරුගුවේ කණ්ඩායමේ ප්‍රහාරකයෙකු වන එඩින්සන් කවානි පාදයේ ඇතිවූ ආබාධයක් හේතුවෙන් ප්‍රංශයට එරෙහිව අද (6) පැවැත්වෙන පළමු අර්ධ අවසන් පූර්ව තරගයට ක්‍රීඩා නොකරන බව විදෙස් ආරංචි මාර්ග සඳහන් කරයි.  පෘතුගාලයට එරෙහිව අවසන් 16 වටයේ පැවැති තරගය අතරවාරයේ කැවානි මෙලෙස ආබාධයට ලක්විය.

කවානිගේ ආබාධ තත්ත්වයත් සමගින් අද ප්‍රංශයට එරෙහිව පැවැත්වෙන තරගය සඳහා ක්‍රිස්තියන් ස්ටුවනි හෝ මෙක්සි ගොමෙස් කණ්ඩායමට කැඳවීමට නියමිතය.  

උරුගුවේ කණ්ඩායමේ විශිෂ්ටතම ප්‍රහාරකයා වන ලුවිස් සුවාරිස් සහ එඩින්සන් කවානි මෙවර තරගාවලියේ උරුගුවේ කණ්ඩායම අර්ධ අවසන් පූර්ව වටය දක්වා ගෙන ඒමට මහත් ප්‍රයත්නයක් දැරීය. කවානි අද තරගයට ක්‍රීඩා නොකිරීම සුවාරිස්ට විශාල අභියෝගයක් බවට පත්වී ඇත.  පෘතුගාලයට එරෙහිව අවසන් 16 වටයේදී පැවැති තරගයෙන් ගෝල 2-1 ජයක් ලැබූ උරුගුවේ කණ්ඩායම අවසන් 8 දෙනාගේ වටයට සුදුසුකම් ලැබීය. එහිදී එඩිසන් කැවානි විසින් උරුගුවේ වෙනුවෙන් වාර්තා වූ ගෝල ද්විත්වයම ලබා ගනිමින් ඉහළම දක්ෂතා දැක්වීමට සමත් විය.

තරගයේ 7 වැනි සහ 62 වැනි මිනිත්තුවේදී  උරුගුවේ වෙනුවෙන් ගෝල ද්විත්වයම වාර්තා කිරිමෙන් පසු පාදයේ ඇතිවූ  මස්පිඬු ඇදීමක් නිසා තරගය අවසන් වීමට මිනිත්තු 28 ක් තිබියදී තරගයෙන් ඉවත්වීමට කැවානිට සිදුවිය.


කෙසේ නමුත් උරුගුවේ පුහුණුකරුවෝ කවානි පිළිබඳව බලාපොරොත්තු තබාගෙන සිටිති.  ඔවුන්ගේ බලාපොරොත්තුව බවට පත්වී ඇත්තේ අද (6) ප්‍රංශයට එරෙහිව පැවැත්වෙන තරගය උරුගුවේට ජය ගැනීමට හැකියාව ලැබෙන්නේ නම් අවසන් පූර්ව වටයේදී බ්‍රසීලය හෝ බෙල්ජියම සමගින් පැවැත්වෙන තරගයට කවානි නැවතත් කණ්ඩායමට ගෙන ඒමටය.

- 024

 


අදහස් (0)

කවානිට අර්ධ අවසන් පූර්ව තරගය අහිමි වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.