Last Update  :  2025-07-28 12:02:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story කවාජා පුනරාගමනය ශතකයකින් සමරයි
අළු බඳුන

කවාජා පුනරාගමනය ශතකයකින් සමරයි

editorial - 2022 ජන මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


අලංකාර ශතකයකින් තම පුනරාගමනය සටහන් කළ උස්මන් කවාජාගේ විශිෂ්ට පිතිහරඹය (137) නිසා සිව්වැනි අළු බඳුන ටෙස්ට් තරගයේදීත් එංගලන්තය අමාරුවේ දැමීමට ඕස්ට්‍රේලියානුවෝ සමත්ව සිටිති.

සිඞ්නි නුවරදී පැවැත්වෙන තරගයේ දෙවැනි දිනය වන අද (06 වැනිදා) සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 8 කට ලකුණු 416 ක් ලබාගත් ඕස්ටේලියානු කණ්ඩායම ඕවර 5 කදී එංගලන්ත පිතිකරුවන් භීතියට පත්කළේය. 

එංගලන්ත පිලේ සිටින දෙවැනි ජ්‍යෙෂ්ඨතම පන්දු යවන්නා වන ස්ටුවර්ට් බ්‍රෝඞ් ලකුණු 101 කට කඩුලු 5 ක් දවාගත් නමුත්  ඕස්ට්‍රේලියානු පිතිකරුවෝ තමන්ට අවශ්‍ය ලකුණු සංඛ්‍යාව රැස්කර ගත්හ.

දිනයේ ක්‍රීඩාව අවසන් වන විට එංගලන්ත කණ්ඩායම කිසිවකු නොදැවී ලකුණු 13 ක් ලබා සිටියේය. 

බ්‍රිස්බේන්, ඇඩිලේඞ් සහ මෙල්බර්න් යන නගර තුනේදීම පැවැති තරග පරාජය වීම හේතුවෙන් මේ වන විට අළු බඳුන තරගාවලියේදී 3-0 ක් ලෙසින් පසුපසින් සිටින එංගලන්ත කණ්ඩායමට සිය ගෞරවය රැකගැනීම සඳහා ඉතිරි වී ඇත්තේ තරග දෙකක් පමණි. එන් එකක් නම් සිඞ්නි නුවරදී පැවැත්වෙන මෙම තරගයයි. 

එහෙත් මෙවර එංගලන්තයට හරස් වූයේ කවාජාය. පළමු දිනයේදී ඕස්ට්‍රේලියානුවන් තිදෙනකුම ලකුණු 117 කට ආපසු ක්‍රීඩාගාරයට යැවූ එංගලන්ත පන්දු යවන්නන් ආක්‍රමණයට සූදානම් වනවාත් සමගින් ඊට ප්‍රතිවිරුද්ධ පැත්තෙන් උස්මන් කවාජා සහ ස්ටීවන් ස්මිත් කඳවුරු බැඳගත්හ. සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 115 ක සම්බන්ධතාවක් ගොඩනැංවීමෙන් පසුව ස්මිත්ගේ ගමන නතර කිරීමට ස්ටුවර්ට් බ්‍රෝඞ් සහ ජොස් බට්ලර් සමත් වූහ. එහෙත් කවාජා පාලනය කිරීම අසීරු විය. 

තමන්ට රිසි සේ පුල් සහ ඩ්‍රයිව් පහර කරා ගිය උස්මන් කවාජා, පසුපෙළ පිතිකරුවන් හා එක්වී ඕස්ට්‍රේලියානු ඉනිම දිගු කරන්නට වූයේය. ඇලෙක්ස් කේරි (13), පැට් කමින්ස් (24) සහ මිචෙල් ස්ටාක් (නොදැවී 34) තිදෙනා සමගින් එක්ව මුළු ලකුණු සංඛ්‍යාව 400 කඩයිම ආසන්නයටම ඇදගෙන ගිය කවාජා දැවී ගියේ පැය 7 කට ආසන්න කාලයක් කඩුල්ලේ රැඳී සිටීමෙන් පසුවය. ඒ වන විට පන්දු 260 කට මුහුණ දී සිටි වමත් පිතිකරුවා ඒවායින් 13 ක් හතරේ සීමාවෙන් එපිටට යවා තිබිණ. 

කවාජා මෙම තරගයට කැඳවනු ලැබුවේ මැද පෙළ පිතිකරු ට්‍රැවිස් හෙඞ්ට කොරෝනා වයිරසය අසාදනය වීම හේතුවෙනි. 
කවාජා ලකුණු 28 ක් ලබා සිටියදී දුන් උඩපන්දුව, කඩුලු රකින්නා වූ ජොස් බට්ලර්ගේ ඇඟේ වැදී ඉවත ගියද පළමු ස්ලිප් හි සිටි එංගලන්ත නායකයාට එය රැකගත නොහැකි විය. එයින් අනගි ප්‍රයෝජන ගත් කවාජා, 24,855 ක ප්‍රේක්‍ෂකයන් ඉදිරියේ සිය 9 වැනි ටෙස්ට් ශතකය සම්පූර්ණ කළේය. 

වසර 4 කට ඉහතදීත්, සිඞ්නි පිටියේදීම පැවැති අළු බඳුන තරගයකදී ලකුණු 171 ක් ලබා සිටි කවාජා දිගු ඉනිමකට යන ආකාරයන් පෙනෙන්නට තිබිණ. එහෙත් ස්ටුවර්ට් බ්‍රෝඞ්ගේ පන්දුවක් පිත්තෙන් කඩුල්ල වෙත ඇදගත් කවාජා, එංගලන්ත වේග පන්දු යවන්නාට මෙම තරගයේදී ලබාගත් පස්වැනි කඩුල්ල ඔහුට තිළිණ කළේය. 

මෙවර අළු බඳුන තරගාවලියේදී මේ දක්වාම ශතකයක් ලබා නැතත් දෙවැනි අර්ධ ශතකය ලබාගත් ස්ටීවන් ස්මිත් ලකුණු 67 ක් ලබාගත්තේය. ඕස්ට්‍රේලියානු පිලේ හිටපු නායකයා තවත් දිගු ඉනිමක් පෙනෙන තෙක් මානයේ සිටී. 

ඕස්ට්‍රේලියාව - පළමු ඉනිම කඩුලු 8 ට 416 යි
(ඬේවිඞ් වෝනර් 30, මාකස් හැරිස් 38, මානස් ලැබුෂේන් 28, ස්ටීවන් ස්මිත් 67, උස්මන් කවාජා 137, ඇලෙක්ස් කේරි 13, පැට් කමින්ස් 24, මිචෙල් ස්ටාක් නොදැවී 34, නේතන් ලයන් නොදැවී 16, ස්ටුවර්ට් බ්‍රෝඞ් 101/5, 

එංගලන්තය - කිසිවකු නොදැවී 13 යි

- 213

කවාජාගේ උඩ පන්දුව ගිලීහි යාම

ස්ටුවර්ට් බ්‍රෝඞ් කඩුලු 5 ක් දවා ගත් අවස්ථාව


අදහස් (0)

කවාජා පුනරාගමනය ශතකයකින් සමරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.