Last Update  :  2025-05-09 11:51:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story කයිල් මේයර්ස්ගෙන් ශතකයක්
ශාන්ත ලුසියා ටෙස්ට් තරගය

කයිල් මේයර්ස්ගෙන් ශතකයක්

editorial - 2022 ජුනි මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සංචාරක බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව ශාන්ත ලුසියාහි ඩැරන් සැමී ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය (26 වැනිදා) අවසන් වන විට සිය පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහර දෙමින් සිටි බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම කඩුලු 5 ක් දැවී ලකුණු 340 ක් ලබා සිටියේය.

ඒ අනුව කොදෙව්වෝ තවත් කඩුලු 5 ක් ඇතැතිව බංග්ලාදේශයට වඩා ලකුණු 106 ක් ඉදිරියෙන් සිටියි. දෙවැනි දිනය සඳහා තරගය කරන විට කඩුල්ලලේ රැදී සිටි කයිල් මේයර්ස් හයේ පහර 2 ක් සහ හතරේ පහර 15 ක් සමග නොදැවී ලකුණු 126 ක්ද, ජොෂුවා ද සිල්වා හතරේ පහර 3 ක් සමග නොදැවී ලකුණු 26 ක්ද ලබා සිටියහ.

ලකුණු 132 කට කඩුලු 4 ක් බිඳවැටී තිබියදී ජර්මේන් බ්ලැක්වුඩ් (40) සමග එක්ව පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 116 ක සම්බන්ධතාවක් ගොඩනැගූ කයිල් මේයර්ස්, ඉන් නොනැවතී ජොෂුවා සමග එක්ව 6 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 92 ක නොබිඳුණ සම්බන්ධතාවක් ගොඩනැගීමටද සමත් විය.

පළමු දිනය සඳහා ඊයේ (25 වැනිදා) තරගය නතර කරන විට කිසිවකු නොදැවී ලකුණු 67 ක් ලබා සිටි කොදෙව්වෝ, අද දිනයේදී සිය පළමු ඉනිමට තවත් ලකුණු 273 ක් එක්කර ගත්හ. එහිදී මෙහෙදි හසන් සහ කලීල් අහමඩ් කඩුලු 2 බැගින් දවාගත්හ.

බටහිර ඉන්දීය කොදෙව් පිලට සාර්ථක ආරම්භයක් ලබාදීමට නායක ක්‍රේග් බ්‍රැත්වේට් (51) සහ ජෝන් කැම්බල් (45) සමත් වූයේ පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 100 ක සම්බන්ධතාවක් ගොඩනගමිනි. එහිදී සිය 27 වැනි ටෙස්ට් අර්ධ ශතකය ලබාගත් බ්‍රැත්වේට් එය හතරේ පහර 7 කින් සැරසුවේය. කැම්බල්ගේ ඉනිම හතරේ පහර 6 කින් සමන්විත විය.

 
බංග්ලාදේශ පළමු ඉනිම - සියලු දෙනා දැවී 234
බටහිර ඉන්දීය කොදෙව් පළමු ඉනිම - කඩුලු 5 ක් දැවී 340

(ක්‍රේග් බ්‍රැත්වේට් 51, ජෝන් කැම්බල් 45, රේමන් රෙයිෆර් 22, ජර්මේන් බ්ලැක්වුඩ් 40, කයිල් මේයර්ස් නොදැවී 126, ජොෂුවා ද සිල්වා නොදැවී 26, මෙහෙදි හසන් 68/2, කලීල් අහමඩ් 77/2)

-036

 


අදහස් (0)

කයිල් මේයර්ස්ගෙන් ශතකයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.