Last Update  :  2026-01-02 20:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story කි‍්‍රකට් නිලධාරීහු ජාම බේරාගනිති

කි‍්‍රකට් නිලධාරීහු ජාම බේරාගනිති

දිලිනි මල්රුක්ෂි - 2014 මැයි මස 16 {{hitsCtrl.values.hits}} Views 2 Comment
A A A

වසර 2015 සිට 2023 දක්වා පැවැත්වෙන වසර 8 ක කාලයේදී ඉන්දීය කණ්ඩායම දෙවතාවක් ශී‍්‍ර ලංකාවේ සංචාරය කිරීමට සූදානම් වන බව වාර්තාවේ. වසර 2017 දී ටෙස්ට්, එක්දින සහ විස්සයි:20 තරගාවලියක් (සම්පූර්ණ සංචාරයක්) සඳහා ශී‍්‍ර ලංකාවට පැමිණෙන ඉන්දීය කණ්ඩායම නැවත වරක් වසර 2020x21 තරගවාරයේදීත් සම්පූර්ණ සංචාරයක් සඳහා ශී‍්‍ර ලංකාවට පැමිණිමට සූදානමින් සිටී.

ඒ සම්බන්ධයෙන් කළ විමසීමකදී ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ ලේකම් නිශාන්ත රණතුංග මහතා පවසා සිටියේ ඉන්දීය කණ්ඩායම ස්ථිර වශයෙන්ම 2017 දී ශී‍්‍ර ලංකාවට පැමිණෙන බවත් නැවත වරක් 2020/21 තරගවාරයේදී සම්පූර්ණ සංචාරයක් සඳහා ශී‍්‍ර ලංකාවට පැමිණෙන බවත්ය.

මාස තුනකට පමණ ඉහත, සිංගප්පූරුවේ පැවැති අන්තර්ජාතික කි‍්‍රකට් සභා රැුස්වීමකදී අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ ව්‍යවස්ථාමය වෙනස්කම් වලට පක්‍ෂව ඡුන්දය දීමෙන් වැළකී සිටීම නිසා ඉන්දීය පිලේ 2017 ශී‍්‍ර ලංකා සංචාරයත් අවිනිශ්චිතව පැවතිණ.

අදාළ ව්‍යවස්ථාමය වෙනස්කම් සඳහා දකුණු අපි‍්‍රකාව, පාකිස්තානය සහ බංග්ලාදේශය මුල සිටම විරුද්ධ වූ නමුත් දකුණු අපි‍්‍රකාව අවසන් මොහොතේදී සිය ස්ථාවරය වෙනස් කළේය. බංග්ලාදේශය සමග ටෙස්ට් තරගාවලියකට සහභාගි වීමට ඉන්දියාව එකග වීම නිසා බංග්ලාදේශයද සිය ස්ථාවරය වෙනස් කළ නමුත් ශී‍්‍ර ලංකාව සහ පාකිස්ථානය ව්‍යවස්ථාමය වෙනස්කම් වලට එරෙහිව සිටියේය.

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් සාමාජිකත්වය විසින් විධායක කමිටුවට ‘වරය’ දුන්නේද සිංගප්පූරුවේදී ඊට විරුද්ධ වන ලෙසින් වුවද සිංගප්පූරුවේදී පැවැති ඡුන්ද විමසීමේදී ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය ඊට සහයෝගය හෝ විරෝධය නොදක්වා ඡුන්දය දීමෙන් වැළකී සිටියේය. මෙම තත්ත්වය ඉන්දීය කි‍්‍රකට් බලධාරීන්ගේ දැඩි නොසතුටට හේතු වී තිබිණ.

සිංගප්පූරුවේදී පැවැති ඡන්ද විමසීමේ ප‍්‍රතිඵලයක් වශයෙන් පාකිස්තානු කි‍්‍රකට් සභාපති සාකා අශ්රාෆ් එරට රජය විසින් බලයෙන් පහකරන ලද අතර නජාම් සෙති පාකිස්තානු කි‍්‍රකට් පාලක මණ්ඩලයේ නවසභාපතිවරයා විය. අනතුරුව පාකිස්තානයද අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ ව්‍යවස්ථාමය වෙනස්කම් සම්බන්ධයෙන් සහයෝගය දීමට එකග විය.

කෙසේ වෙතත් පෙබරවාරි 17 වැනිදා රැුස්වූ ශී‍්‍ර ලංකා කි‍්‍රකට් විධායක කමිටුවද අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ ව්‍යවස්ථාමය වෙනස්කම් සම්බන්ධයෙන් සහයෝගය දීමට ඒකමතිකව එක`ග වූයේ සියලූම ව්‍යවස්ථා සහ කෙටුම්පත් අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ බහුතර සාමාජිකත්වයෙන් අනුමත වී තිබියදී ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයට පමණක් රැල්ලට එරෙහිව පිහිනා යා නොහැකි බව ප‍්‍රකාශ කරමිනි.

”අපි ප‍්‍රතිපත්ති ගැන විතරක් කතා කරලා බෑ. අපේ රටේ කි‍්‍රකට් කී‍්‍රඩාවේ අනාගතයත් දියුණුවත් සඳහා ලැබෙන මුදල් ගැනත් සාධාරණ තක්සේරුවක් තියෙන්න  ඕනෑ” යයිද නිශාන්ත රණතුංග මහතා පෙබරවාරි 18 වැනිදා ලංකාදීපට පැවසීය.

අන්තර්ජාතික ප‍්‍රවෘත්ති සේවාවන් ඊයේ (15 වැනිදා) වාර්තා කළේ ලබන මාසයේදී බංග්ලාදේශය සමග එක්දින තරග 3 කට සහභාගි වීමට ඉන්දියාව කැමැත්ත පළකර ඇති බවයි. මෙම එක්දින තරග තුන ජූනි මාසයේ 15, 17 සහ 19 දිනවලදී පැවැත්වීමට නියමිතය.

මේ අතර වසර 6 ක විරාමයකින් අනතුරුව ඉන්දියාව සහ පාකිස්තානය කි‍්‍රකට් තරගාවලි 6 ක් පැවැත්වීම සඳහා මූලික එක`ගතාවක් ඇතිකරගත් බවද අන්තර්ජාතික ප‍්‍රවෘත්ති සේවා ඊයේ වාර්තා කළේය. එම තරගාවලිය 6 න් 4 කම සත්කාරකත්වය දැරීමට එක`ග වී ඇත්තේ පාකිස්තානයයි.

ශී‍්‍ර ලංකා කණ්ඩායම දැනට සහභාගි වෙමින් සිටින එංගලන්ත සංචාරය අවසන් වූ සැණින් ශී‍්‍ර ලංකාවේදී දකුණු අපි‍්‍රකාව සමග එක්දින සහ ටෙස්ට් තරගාවලියකට සහභගි වෙයි. එම තරගාවලිය අවසන් වී සතියක් ගතවීමටත් මත්තෙන් තවත් ටෙස්ට් තරග 2 කට සහ එක්දින තරග 5 කට සහභාගි වීම සඳහා පාකිස්තානු පිල ශී‍්‍ර ලංකාවට පැමිණෙයි.

පාකිස්තානු සංචාරය අවසන් වීමෙන් පසුව චැම්පියන්ස් ලීග් විස්සයි:20 තරගාවලිය පැවැත්වෙන අතර ඉන් අනතුරුව එක්දින තරග 7 ක් සඳහා එංගලන්ත පිල නොවැම්බර් මාසයේදී ශී‍්‍ර ලංකාවට පැමිණෙයි.

අනතුරුව නවසීලන්ත පිලට එරෙහිව පැවැත්නෙ ටෙස්ට් තරග 2 ක් සහ එක්දින තරග 7 ක් සඳහා ශී‍්‍ර ලංකා පිල නවසීලන්තය බලා යන්නේ ලෝක කුසලාන තරගාවලිය අත පොවන මානයේ තිබියදීය.

ලබන වසර (2015) මුලදී  ඕස්ටේ‍්‍රලියාවේදී සහ නවසීලන්තයේදී පැවැත්වීමට නියමිත ලෝක කුසලාන තරගාවලියෙන් අනතුරුව වසර 2023 දක්වා පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලි සම්බන්ධයෙන් සාකච්ඡ කිරීමේ විශේෂ රැුස්වීමක් ජූනි මස 9 වැනිදා අන්තර්ජාතික කි‍්‍රකට් මූලස්ථානය පිහිටි ඩුබායිහිදී පැවැත්වේ.


අදහස් (2)

කි‍්‍රකට් නිලධාරීහු ජාම බේරාගනිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.