Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ලෝක කුසලාන තරගාවලිය ආරම්භ වීමට දින දෙකක් තිබියදී තමන් එක්දින අන්තර්ජාතික තරග සඳහා ලෝකයේ සිටින අංක එකේ කණ්ඩායම බව තහවුරු කිරීමට ඕස්ටේ‍්‍රලියානු කී‍්‍රඩකයෝ සමත් වූහ. එසේ වුවත් එක්දින ශ්‍රේණිගත ලයිස්තුවේ ඉදිරියෙන් සිටින කණ්ඩායම් 8 අතරේම පරතරය ප‍්‍රසාද ලකුණු 26 ක් පමණක් වීමෙන් මෙවර ලෝක කුසලාන තරගාවලිය වඩාත් විවෘත තරගාවලියක් බවට පත්ව තිබේ.
සති 7 ක් පුරා පැවත්වෙන මෙවන් දීර්ඝ තරගාවලියක ශූරයන් වන්නේ මුල් කොටසේදී දස්කම් දක්වන කණ්ඩායම නොව, තරගාවලියේ අවසන් කොටසේදී දස්කම් දක්වන කණ්ඩායම බව කිවයුතු නොවේ. ඇරත් ලෝක කුසලාන තරගාවලිය අර්ධ අවසන් පූර්ව වටයකින් හෙවත් පිළිමළුන් පිටුදැකීමේ තරග 7 කින් සමන්විත වන හෙයින් ඕනෑම කණ්ඩායමක කීර්ති නාමය එක දිනයකින් දියකර හැරීමට මෙම ශ්‍රේණිගත ලයිස්තුවේ ඉදිරියෙන් සිටින කණ්ඩායම් 8 න් ඕනෑම එකකට පුළුවන.
එබැවින් මෙවර ලෝක කුසලාන තරගාවලිය වෙන කවරදාටත් වඩා විවෘත තරගාවලියක් බවට පත්ව තිබේ.
ශී‍්‍ර ලංකා - නවසීලන්ත තරගයට පෙර, ක‍්‍රයිස්ට්චර්ච් නුවර හැග්ලි ඕවල් කී‍්‍රඩාංගණයේදී පුවත් පත් සාකච්ඡුාවකට සහභාගි වෙමින් නවසීලන්ත නායක බ්‍රෙන්ඩන් මැකලම් අද (13 වැනිදා) දහවල් කීවේත් මෙවැනිම කතාවකි.
”මේ ලෝක කුලාන තරගාවලිය බොහෝ විවෘතයි”
”මේ තරගාවලියට සහභාගි වන ප‍්‍රබල රටවල් සෑම එකකම වාගේ තරග දිනවන්නන් ඉන්නවා. ඇසිපිය ගහන පමාවෙන් තරගයක ඉරණම වෙනස් කරන්නට ඔවුන්ට පුළුවන්...වඩාත් වැදගත් වෙන්නේ තරගය පැවැත්වෙන දවසේදී හොඳින් කී‍්‍රඩා කරන්නේ කවුරුන්ද කියන එකයි” යයි මැකලම් අද දහවල් පුවත් පත් සාකච්ඡවේදී පැවැසීය.
එක්දින අන්තර්ජාතික ශ්‍රේණිගත කිීරීම්
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.