Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
රැචෙල් හේන්ස්ගේ (නොදැවී 83) පිතිහරඹයත්, පන්දු යවන්නියන්ගේ දක්ෂතාවත් හේතුවෙන් බටහිර ඉන්දීය කොදෙව් කාන්තා පිලට එරෙහිව වෙලින්ටන්හිදී අද (15 වැනිදා) පැවැති කාන්තා ලෝක කුසලාන තරගාවලියේ 14 වැනි තරගය කඩුලු 7 කින් ජයගැනීමට ඕස්ට්‍රේලියානු කාන්තා පිල සමත්විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 132 ක ඉලක්කයක් හඹාගිය ඕස්ට්‍රේලියානු කාන්තා පිල ඕවර 30.2 කදී කඩුලු 3 ක් පමණක් දැවී ඉලක්කය පහසුවෙන් ජයගැනීමට සමත්විය.
ආරම්භක පිතිකාරිණි රැචෙල් හේන්ස් පන්දු 95 කදී හතරේ පහර 9 ක් සමගින් නොදැවී ලකුණු 83 ක් ලබාගනිමින් ඕස්ට්‍රේලියානු කාන්තා පිල ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත්වූවාය. බෙත් මූනී පන්දු 42 කදී හතරේ පහර 3 ක් සමගින් ලකුණු 28 ක් ලබාගනිමින් ඕස්ට්‍රේලියානු කාන්තා පිලේ ජයග්‍රහණයට දායක වූවාය.
රැචෙල් හේන්ස් සහ බෙත් මූනී එක්ව සිව්වැනි කඩුල්ල සඳහා පන්දු 86 කදී ලකුණු 74 ක නොබිඳුණු සම්බන්ධතාවක්ද ගොඩනැගීමට සමත්වූවාය.
කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් බටහිර ඉන්දීය කොදෙව් කාන්තා පිලට ඕවර 45.5 කදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 131 ක් පමණි.
නායිකා ස්ටෙෆානී ටේලර් පන්දු 91 කදී හතරේ පහර 3 ක් සමගින් ලකුණු 50 ක් ලබාගැනීමට සමත්වුවද සෙසු පිතිකාරිණියන්ට ලකුණු අතරට පැමිණීමට ඕස්ට්‍රේලියානු පන්දු යවන්නියන්ගෙන් අවස්ථාවක් හිමිනොවූහ. ශෙමෙයින් කැම්බල් ලකුණු 24 ක් ලබාගත්තාය.
එලිස් පේරී සහ ඈෂ්ලී ගාඩ්නර් කඩුලු 3 බැගින්ද, ජෙස් ජොනසන් කඩුලු 2 ක් ද දවාගනිමින් බටහිර ඉන්දීය කොදෙව් කාන්තා පිල අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීමට සමත්වූහ.
එලිස් පේරී තරගයේ දක්ෂතම ක්‍රීඩිකාවට හිමි සම්මානය දිනා ගත්තාය.
බටහිර ඉන්දීය කොදෙව් - ඕවර 45.5 කදී සියලුදෙනා දැවී 131
(ස්ටෙෆානී ටේලර් 50, ශෙමෙයින් කැම්බල් 20, එලිස් පේරී 22/3, ඈෂ්ලී ගාඩ්නර් 25/3, ජෙස් ජොනසන් 18/2)
ඕස්ට්‍රේලියාව- ඕවර 30.2 කදී කඩුලු 3 ක් දැවී 132
(රැචෙල් හේන්ස් නොදැවී 83, බෙත් මූනි නොදැවී 28)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.