Last Update  :  2024-04-22 23:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඕස්ට්‍රේලියාව - ඩුබායි - පේරු එක තැනකට සටනේ
ලෝක කුසලාන - 2022

ඕස්ට්‍රේලියාව - ඩුබායි - පේරු එක තැනකට සටනේ

editorial - 2022 මැයි මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සුදුසුකම් ලබාගැනීමේ අවසන් අදියර වන අන්තර් කලාපීය පිළිමළුන් පිටුදැකීමේ තරග වටය ජූනි මස 13 සහ 14 යන දිනවලදී දෝහාහි අහමඩ් බින් අලී ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට ලෝක පාපන්දු සම්මේලනය කටයුතු යොදා තිබේ.

ආසියානු කළාපයෙන් අන්තර් කළාපීය පිළිමළුන් පිටුදැකීමේ තරග වටයට සුදුසුකම් ලබන කණ්ඩායම බවට පත්වීම සඳහා ඕස්ට්‍රේලියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ජූනි මස 7 වැනිදා තරග බිමට පිවිසීමට නියමිතව ඇත්තේද අහමඩ් බින් අලී ක්‍රීඩාංගණයේදීය.

ආසියානු කළාපයේ සුදුස්සන් සහ දකුණු ඇමරිකානු කළාපයේ පස්වැනි ස්ථානයට පත්ව සිටින පේරු රාජ්‍යය අතර අන්තර් කළාපීය පිළිමළුන් පිටුදැකීමේ තරග වටයේ පළමු තරගය ජූනි මස 13 වැනිදා පැවැත්වීමට නියමිතය.

එම තරගයෙන් ජය ලබන කණ්ඩායම ‘ඩී’ කාණ්ඩය යටතේ ලෝක කුසලාන තරගාවලිවලියට එක්වන අතර ප්‍රංශය, ඩෙන්මාර්කය සහ ටියුනීසියාව ‘ඩී’ කාණ්ඩය යටතේ තරග වදින සෙසු රටවල් වෙති.

‘උතරු, මධ්‍යම ඇමරිකානු සහ කැරිබියන්’ කළාපයේ සිවුවැනි ස්ථානයට පත්ව සිටින කොස්ටාරිකාව සහ ශාන්තිකර කලාපයේ ජයග්‍රහාකයන් වන නවසීලන්තය අතර අන්තර් කළාපීය පිළිමළුන් පිටුදැකීමේ තරග වටයේ දෙවැනි තරගය ජූනි මස 14 වැනිදා පැවැත්වෙනු ඇත.

එම තරගයෙන් ජය ලබන කණ්ඩායමට ‘ඊ’ කාණ්ඩය යටතේ ලෝක කුසලාන තරගාවලිවලියට එක්වීමට අවස්ථාව උදාවනු ඇත. ස්පාඤ්ඤය, ජර්මනිය සහ ජපානය ‘ඊ’ කාණ්ඩය යටතේ තරග වදින සෙසු රටවල් වෙති.

-036


අදහස් (0)

ඕස්ට්‍රේලියාව - ඩුබායි - පේරු එක තැනකට සටනේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.