Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
නායක ටෙම්බා බවුමාගේ තීන්දුවෙන් උපරිම වාසිය නෙළාගත් දකුණු අප්‍රිකානු පන්දු යවන්නෝ ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහ තරගය ආරම්භ වූ අද (11 වැනිදා) ඕස්ට්‍රේලියානු මුල් ඉනිම ලකුණු 212 කට සීමා කළහ. කගීසෝ රබාඩා කඩුලු 5 ක් දවාගත් නමුත් රබාඩාට නොදෙවනි පන්දු යැවීමක නිරත වූ මිචෙල් ස්ටාක් ඇතුළු ඕස්ට්‍රේලියානු වේග පන්දු යවන්නෝ දකුණු අප්‍රිකානු කඩුලු 4 ක් ලකුණු 30 ක් ඇතුළත බිම දැමූහ.
තරගයේ පළමු දිනය නිමාවන විට දකුණු අප්‍රිකානු කණ්ඩායම කඩුලු 4 ක් දැවී ලකුණු 43 ක් ලබා සිටියේ ඕස්ට්‍රේලියානුවන්ට වඩා ලකුණු 169 ක් පසුපසින් සිටිමිනි.
දකුණු අප්‍රිකානු පිතිකරු ලයිස්තුවේ ඉදිරිපෙළ පිතිකරුවන් හය දෙනාගෙන් හතර දෙනකුම දැවී ගොස් සිටිති. නායක ටෙම්බා බවුමා (නොදැවී 03) සහ ඩේවිඩ් බෙඩිංහැම් (නොදැවී 08) කඩුල්ලේ රැඳී සිටින අතර පිතිකරු ලයිස්තුවේ ඉතිරිව සිටින එකම පිතිකරුවා වන්නේ කඩුලු රකින ක්‍රීඩක කයිල් වර්රීන් පමණි. අනෙක් සිව් දෙනාම පන්දු යවන්නෝ වෙති.
වළාකුළින් බර අහස යට ආරම්භ වූ තරගයේ පළමු ඕවර තුනේදීම එකම ලකුණක් හෝ ලබාගැනීමට ඕස්ට්‍රේලියානු ආරම්භක පිතිකරුවන් වූ උස්මන් කවාජා සහ මානස් ලැබුෂේන් අසමත් වූහ. 22 වැනි පන්දුවේදී ලැබුෂේන්ගේ පිත්තෙන් පළමු ලකුණ වාර්තා වූ නමුත් පන්දු 20 කට මුහුණ දුන් උස්මන් කවාජා ලකුණු නොලබාම දැවීගියේය.
කගීසෝ රබාඩා ප්‍රමුඛ දකුණු අප්‍රිකානු පන්දු යවන්නෝ, දිවා ආහාරයට පෙර ඕස්ට්‍රේලියානු කඩුලු හතරක් බිම දැමූහ. තේ පානය වන විටඕස්ට්‍රේලියානු කණ්ඩායම කඩුලු 5 ක් දැවී ලකුණු 190 ක් ලබා සිටි නමුත් තේ පානයෙන් පසුව ඕවර 6.4 ක් ඇතුළතදී අවසන් කඩුලු 5 ම බිඳ වැටිණ. කගීසෝ රබාඩා 17 වැනි වරටත් ටෙස්ට් ඉනිමකදී කඩුලු 5 ක් දවාගත් අතර මේ වන විට රබාඩා සතු ටෙස්ට් කඩුලු සංඛ්‍යාව 332 කි.
දකුණු අප්‍රිකානුවන්ගේ පන්දු රැකීම විශේෂයෙන් කැපී පෙනන මට්ටමක පවැතිණ. ස්ලිප් හි සිටි ඩේවිඩ් බෙඩිංග්හැම් සහ ඒඩ්න් මාක්රම් දෙදෙනාගේ අති විශිෂ්ට උඩපන්දු රැකීම හේතුවෙන් හත්වැනි ඕවරය නිමා වන විට ඕස්ටේ්‍රලියානු ලකුණු පුවරුව කියැවුණේ කඩුලු 2 කට 16 ක් ලෙසිනි. මානස් ලැබුෂේන්ගේ ඉනිමත් ලකුණු 17 දී නිමාවූ අතර ට්‍රැවිස් හෙඩ්ගේ දැවී යාමෙන් කියැවුණේ දකුණු අප්‍රිකානුවන් වේලාසනින්ම තරගයේ වාසිය අත්කරගත් බවයි.
සුපුරුදු අසම්මත පහර කිහිපයකින් පන්දුව හතරේ සීමාවට යැවූ ස්ටීවන් ස්මිත් ලකුණු 66 ක් ලබාගත්තේ කවදත් ඕස්ට්‍රේලියානු පිලේ අර්බුදයට විසඳුම් සපයන්නා ලෙසිනි. කෙසේ වෙතත් ස්මිත්ට පසුව බියු වෙබ්ස්ටර් කළ ධෛර්වන්ත පිතිහරඹය නිසා ඕස්ට්‍රේලියානුවෝ ලකුණු 200 කඩඉම පැනගත්හ.
ඕස්ට්‍රේලියාව - පළමු ඉනිම 212 යි
(මානස් ලැබුෂේන් 17, ස්ටීවන් ස්මිත් 66, ට්‍රැවිස් හෙඩ් 11, බියු වෙබ්ස්ටර් 72, ඇලෙක්ස් කේරි 23, කගීසෝ රබාඩා 51/5, මාකෝ යැන්සන් 49/3)
දකුණු අප්‍රිකාව පළමු ඉනිම කඩුලු 4 ට 43 යි
(රයාන් රික්ල්ටන් 16, මිචෙල් ස්ටාක් 10/2)
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.