Last Update  :  2024-04-29 18:03:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඕස්ට්‍රේලියානුවෝ වාසිය ඇද ගනිති
තුන්වැනි ටෙස්ට් තරගය

ඕස්ට්‍රේලියානුවෝ වාසිය ඇද ගනිති

editorial - 2024 ජන මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මුල්ම වතාවට ටෙස්ට් ඉනිමකදී කඩුලු 5 ක් දවාගත් අමීර් ජමාල්ගේ විශිෂ්ට පන්දු යැවීම නිසා ඕස්ට්‍රේලියා මුල් ඉනිම ලකුණු 299 කට සීමා වීමෙන් පාකිස්තානු පිලට  ලකුණු 14 ක මුල් ඉනිමේ වාසියක් ලැබිණ. එහෙත් එකම ඕවරයකදී කඩුලු 3 ක් දවාගත් ජොෂ් හේසල්වුඞ් ලකුණු 67 ක් ඇතුළත හත්වැනි කඩුල්ලත් බිම දැමීම නිසා සිඞ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තුන්වැනි සහ අවසන් ටෙස්ට් තරගයේදී ඕස්ට්‍රේලියානුවෝ වාසිය මිට මොළවා ගෙන සිටිති. 

තරගයේ තුන්වැනි දිනය වූ අද (05 වැනිදා) සවස් වන විට කඩුලු 3 ක් පමණක් අතැතිව සිටි පාකිස්තානුවෝ ලකුණු 82 ක් ඉදිරියෙන් සිටියහ. ඕස්ට්‍රේලියානුවන්ට අභියෝගයක් විය හැකි ලකුණු සංඛ්‍යාවක් ලබාගැනීම සඳහා පාකිස්තානයට ඉතිරිව ඇති එකම බලාපොරොත්තුව වන්නේ කඩුලු රකින්නා වන මොහොමඞ් රිස්වාන් පමණි. අද සවස තරගය නතර කරන විට රිස්වාන් නොදැවී ලකුණු 06 ක් ලබා සිටියේය. 

පළමු ඉනිමේ වාසිය අත්කරගැනීමෙන් පසුව පිති අතට ගත් පාකිස්තානුවෝ හීන් සීරුවේ වාසිය වැඩිකරගනිමින් සිටියහ. එහෙත් පාකිස්තානු කණ්ඩායමේ කඩුලු 5 ක් ලකුණු 9 ක් ඇතුළත බිඳ වැටීමෙන් තරගයේ වාසිය ඕස්ට්‍රේලියාව දෙසට බර විය. 

එක් අවස්ථාවකදී කඩුලු 2 කට ලකුණු 58 ක් ව තිබූ පාකිස්තානු ලකුණු පුවරුව ඕවර 7 ක් ඇතුළතදී කඩුලු 7 කට 67 ක් ලෙසින් දිස්විය. කෙසේ වෙතත් තණතීරුවේ තත්ත්වය එන්න එන්නම අයහපත් අතට හැරෙමින් තිබෙන බැවින් සිව්වැනි ඉනිමේදී ලකුණු රැස්කිරීම අසීරු වන ලකුණු පෙනෙන්නට තිබේ. 


පාකිස්තානය - පළමු ඉනිම 313 යි
ඕස්ට්‍රේලියාව - පළමු ඉනිම 299 යි

(ඬේවිඞ් වෝනර් 34, උස්මන් කවාජා 47 යි, මානස් ලැබුෂේන් 60, ස්ටීවන් ස්මිත් 38, ට්‍රැවිස් හෙඞ් 10, මිචෙල් මාෂ් 54, ඇලෙක්ස් කේරි 38, අමීර් ජමාල් 69/6, අඝා සල්මාන් 43/2)
පාකිස්තානය - දෙවැනි ඉනිම කඩුලු 7 ට 68 යි
(සයිම් අයුබ් 33, බාබර් අසාම් 23, ජොෂ් හේසල්වුඞ් 09/4)

ඡායාරූපය - ඒ.එෆ්.පී.

- 213


අදහස් (0)

ඕස්ට්‍රේලියානුවෝ වාසිය ඇද ගනිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.