Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ටෙස්ට් තරග 2 කට, එක්දින තරග 5 කට සහ විස්සයි-20 තරග 3 කට සහභාගි වීම සඳහා ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම ජූනි මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇත. මෙම සංචාරයේ ටෙස්ට් තරගාවලිය ගාල්ලේදීද, එක්දින සහ විස්සයි-20 තරගාවලි කොළඹදී සහ මහනුවරදීද පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
අවසන් වරට ඕස්ට්‍රේලියානු කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ තරග සංචාරයක නිරත වූයේ මින් වසර 6 කට පෙර එනම් 2016 වසරේදීය. එහිදී ටෙස්ට් තරගාවලිය 3-0 ක් ලෙස ජයගැනීමට ශ්‍රී ලංකාව සමත් වුවද, එක්දින තරගාවලියෙදී ශ්‍රී ලංකාවට 4-1 ක පරාජයක්ද, විස්සයි-20 තරගාවලියේදී 2-0 ක පරාජයක්ද හිමිවිය.
ජූනි මස 7 වැනිදා කොළඹදී පැවැත්වෙන පළමු විස්සයි-20 තරගයෙන් තරගාවලිය ආරම්භ වෙයි. එක්දින තරගාවලියේ මුල් තරග 2 ද මහනුවරදීම පැවැත්වෙන අතර අවසන් එක්දින තරග 3 සඳහා කණ්ඩායම් දෙකට යළිත් කොළඹට පැමිණීමට සිදුවනු ඇත.
විස්සයි-20 සහ එක්දින තරගාවලි නිමාවීමෙන් අනතුරුව ටෙස්ට් තරගාවලිය ගාල්ලේදී ආරම්භ වේ. එහි පළමුවැන්න ජූනි මස 29 වැනිදා සිට ජූලි මස 3 වැනිදා දක්වාද, දෙවැන්න ජූලි මස 8 වැනිදා සිට 12 වැනිදා දක්වාද පැවැත්වීමට නියමිතය.
විස්සයි-20 තරගාවලිය
■ ජූනි 7 - පළමු විස්සයි-20 තරගය - කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී
■ ජූනි 8 - දෙවැනි විස්සයි-20 තරගය - කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී
■ ජූනි 11 - තෙවැනි විස්සයි-20 තරගය - පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී
එක්දින තරගාවලිය
■ ජූනි 14 - පළමු එක්දින තරගය - පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී
■ ජූනි 16 - දෙවැනි එක්දින තරගය - පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී
■ ජූනි 19 - තෙවැනි එක්දින තරගය - කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී
■ ජූනි 21 - සිවුවැනි එක්දින තරගය - කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී
■ ජූනි 24 - පස්වැනි එක්දින තරගය - කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී
ටෙස්ට් තරගාවලිය
■ ජූනි 29 - ජූලි 3 : පළමු ටෙස්ට් තරගය - ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී
■ ජූලි 8 - 12 : දෙවැනි ටෙස්ට් තරගය - ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.