Last Update  :  2024-05-06 19:12:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඕස්ට්‍රේලියාව සාර්ථක පිළිතුරකට සැරසෙයි

ඕස්ට්‍රේලියාව සාර්ථක පිළිතුරකට සැරසෙයි

සංජය එරමුදුගොඩ - 2018 ජන මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සිඞ්නි ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අළු බඳුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ දෙවැනි දිනය (5 වැනිදා) නිමාවන විට පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙමින් සිටි ඕස්ට්‍රේලියාව කඩුලු 2 ක් දැවී ලකුණු 193 ක් ලබා සිටියේය. ඒ අනුව ඕස්ට්‍රේලියාව කඩුලු 8 ක් ඇතැතිව එංගලන්තයට වඩා තවත් ලකුණු 153 ක් පසුපසින් සිටියි.

දෙවැනි දිනය සඳහා තරගය නතර කරන විට උස්මාන් කවාජා ලකුණු 91 ක්ද, නායක ස්ටීවන් ස්මිත් ලකුණු 44 ක්ද ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටි අතර ඒ වන විට ඔවුන් දෙදෙනා එක්ව ඕස්ට්‍රේලියානු ඉනිමේ තෙවැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනගා තිබූ සම්බන්ධතාව ලකුණු 107 කි. සිය හයවැනි ටෙස්ට් ශතකයට ලකුණු 9 ක් පසුපසින් සිටින කවාජා සිය ඉනිම හයේ පහරකින් සහ හතරේ පහර 7 කින් අලංකාර කළ අතර ස්මිත්ගේ ඉනිමට හතරේ පහර 3 ක් ඇතුළත් විය.

ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ආරම්භක පිතිකරු කැමරන් බැන්ක්‍රොෆ්ට් ලකුණු ලබාගැනීමට පෙර පිටියෙන් ඉවත් කිරීමට ස්ටුවට් බ්‍රෝඞ් සමත් වූ අතර ඒ වන විට මුලු ලකුණු සංඛ්‍යාව 1 ක් ලෙස සටහන් විය.

බැන්ක්‍රොෆ්ට්ගේ දැවී යෑමෙන් අනතුරුව ඬේවිඞ් වෝනර් (56) සමග එක්වූ උස්මාන් කවාජා, දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 85 ක සම්බන්ධතාවක් ගොඩනැගුවේය. වෝනර්ගේ 27 වැනි ටෙස්ට් අර්ධ ශතකය හතරේ පහර 6 කින් සමන්විත විය.

පළමු දිනය වූ ඊයේ (4 වැනිදා) තරගය නතර කරන විට පන්දුවට පහර දෙමින් සිටි එංගලන්ත කණ්ඩායමට අද දිනයේදී සිය පළමු ඉනිමට අලුතින් එක්කරගත හැකි වූයේ තවත් ලකුණු 113 ක් පමණි. දක්ෂ පන්දු යැවීමක නිරත වූ පැට් කමින්ස් ලකුණු 80 කට කඩුලු 4 ක් දවාගනිමින් එංගලන්ත පිතිකරුවන් අසරණ කළේය. ඒ සඳහා ඔහුට අනගි සහායක් දුන් ජොෂ් හෙසල්වුඞ් සහ මිචෙල් ස්ටාක් කඩුලු 2 බැගින් දවාගත්හ.

දිනයේ පළමු කඩුල්ල ලෙස ලකුණු 62 ක් ලබා සිටි ඬේවිඞ් මැලන් පිටියෙන් ඉවත් කිරීමට මිචෙල් ස්ටාක් සමත් විය. එතැන් සිට මුයින් අලී සමග එක්ව (30) 7 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 43 ක සම්බන්ධතාවක් ගොඩනැගූ ටොම් කරන් (39). ඉන් නොනැවතී ස්ටුවට් බ්‍රෝඞ් (31) සමග එක්ව 8 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 41 ක සම්බන්ධතාවක්ද ගොඩනගමින් එංගලන්ත කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීය.


- 036

 


අදහස් (0)

ඕස්ට්‍රේලියාව සාර්ථක පිළිතුරකට සැරසෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.