Last Update  :  2025-08-25 20:56:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඕස්ට්‍රේලියාව ඉනිමක පරාජයෙන් ගැලවීමේ සටනක

ඕස්ට්‍රේලියාව ඉනිමක පරාජයෙන් ගැලවීමේ සටනක

Nisanka Sandeepani - 2019 ජන මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දියාවට එරෙහිව සිඞ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන සිවුවැනි ටෙස්ට් තරගයේදී ඉනිමක පරාජයකින් ගැලවීමේ සටනක නිරත වී සිටින ඕස්ට්‍රේලියාව  සිවුවැනි දිනය වූ අද (6 වැනිදා) තරගය නතර කරන විට කිසිවකු නොදැවී ලකුණු 6 ක් ලබා සිටියේය. 

ඒ අනුව ඕස්ට්‍රේලියාව කඩුලු 10 ක් අතැතිව ඉන්දියාවට වඩා තවත් ලකුණු 316 ක් පසුපසින් සිටින අතර සිවුවැනි දිනය සඳහා තරගය නතර කරන විට මාකස් හැරිස් ලකුණු 2 ක්ද, උස්මාන් කවාජා ලකුණු 4 ක්ද ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටියහ.  

තෙවැනි දිනය වූ ඊයේ (5 වැනිදා) තරගය නතර කරන විට කඩුලු 6 ක් දැවී ලකුණු 236 ක් ලබා සිටි ඕස්ට්‍රේලියානු කණ්ඩායමට අද දිනයේදී සිය පළමු ඉනිමට එක්කරගත හැකි වූයේ තවත් ලකුණු 64 ක් පමණි. වරින් වර වර්ෂාවෙන් බාධා ඇති වීම නිසා අද දිනයේදී තරගය ඕවර 25 කට සීමා වූ අතර ඉන් ඕවර 21 ක් තුළ ඕස්ට්‍රේලියානු පළමු ඉනිම නිමා කිරීමට ඉන්දීය පන්දු යවන්නෝ සමත් වූහ. 

ඕස්ට්‍රේලියානු ලකුණු පුවරුවට එක් ලකුණක් හෝ එක්වීමට පෙර දිනයේ පළමු කඩුල්ල ලෙස ලකුණු 25 ක් ලබා සිටි පැට් කමින් දවාගැනීමට මොහොමඞ් ශාමි සමත් විය. සාර්ථක ලෙස පන්දුවට පහරදෙමින් සිටි පීටර් හෑන්ඞ්ස්කෝම්බ් (27) දැවී ගියේ ජස්ප්‍රීට් බුම්රාගේ පන්දුවක් කඩුල්ලේ වැදීමෙනි. පිටියෙන් ඉවත්ව යන විට හෑන්ඞ්ස්කෝම්බ් පන්දු 111 කට මුහුණදී සිටියේය. 

ඉන් අනතුරුව පිටියට පිවිසි නේලන් ලයන්ට ලකුණු ලබාගැනීමට ඉඩක් නොදුන් කුල්දීප් යාදව්, ඕස්ට්‍රේලියානු  පළමු ඉනිමට තිත තබමින් අවසන් පිතිකරුවා වූ ජොස් හෙසල්වුඞ්ද කඩුල්ල මුවාකිරීමේ වරදට හසුකර ගත්තේය. 

ඕස්ට්‍රේලියානු  ඉනිම නිමාවන තෙක්ම කඩුල්ලේ රැදී සිටි මිචෙල් ස්ටාක් හතරේ පහර 3 ක් සමග නොදැවී ලකුණු 29 ක් රැස්කළේය. හෙසල්වුඞ් (21) සමග එක්ව අවසන් කඩුල්ල වෙනුවෙන් ලකුණු 42 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද ස්ටාක් සමත් විය. 


ඉන්දියාව  - පළමු ඉනිම කඩුලු 7 ට 622 
ඕස්ට්‍රේලියාව - පළමු ඉනිම සියලු දෙනා දැවී 300 

(මාකස් හැරිස් 79, උස්මන් කවාජා 27, මානස් ලැබුෂ්චේන්ජ් 38, ට්‍රැවිස් හෙඞ් 20, පීටර් හැන්ඞ්ස්කොම්බ් 37, පැට්‍රික් කමින්ස් 25, මිචෙල් ස්ටාක් නොදැවී 29, ජොෂ් හේසල්වුඞ් 21, රවීන්ද්‍ර ජදේජා 673/2, කුල්දිප් යාදව් 99/5, මොහොමඞ් ශාමී 58/2)

ඕස්ට්‍රේලියාව  - දෙවැනි ඉනිම කිසිවකු නොදැවී 6 

-036


අදහස් (0)

ඕස්ට්‍රේලියාව ඉනිමක පරාජයෙන් ගැලවීමේ සටනක

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.